Sri Lankan Airline වලිය

EVC

Well-known member
  • Sep 15, 2008
    28,829
    21,071
    113
    capacity adu karanna yanne by half
    tickrt ganna ewunta badu banis wenna yanne
     
    • Like
    Reactions: 2osama

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    ඇමතියා මිඩීයා වටකරගෙන සේවකයන්ට කෙලින්නේ උන් හරියට මේකට කෙලෙවුවා වගේ.
    ඇමතිලා ගත්ත මරිමෝඩ තීරන වලින් කෙලවුන එක වහගන්න ,තමන්ට කැමති එකෙක්ට කුණු කොල්ලෙට දෙන්න පාර හදනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,696
    113
    මාලඹේ
    ඇමතියා මිඩීයා වටකරගෙන සේවකයන්ට කෙලින්නේ උන් හරියට මේකට කෙලෙවුවා වගේ.
    ඇමතිලා ගත්ත මරිමෝඩ තීරන වලින් කෙලවුන එක වහගන්න ,තමන්ට කැමති එකෙක්ට කුණු කොල්ලෙට දෙන්න පාර හදනවා.
    13 දෙනෙක් එක පාරට නිවාඩු දාලා ලු එකම දවසේ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    13 දෙනෙක් එක පාරට නිවාඩු දාලා ලු එකම දවසේ
    කියන්නේ අතිරික්තයක් ඉන්නවා කියලා .අනික ඇමතියාගේ කටින් පිටවෙන්නේ උන්ට කරන්න ඕන දේ.
    උන්ට ඒකට මිනිසුන්ගේ ඔලුව හෝදන එකට දාපු මීඩියා ශෝ එකක් කියලා හොඳට පේනවා.
     
    • Like
    Reactions: Candid-B and 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    ඇමතියා මිඩීයා වටකරගෙන සේවකයන්ට කෙලින්නේ උන් හරියට මේකට කෙලෙවුවා වගේ.
    ඇමතිලා ගත්ත මරිමෝඩ තීරන වලින් කෙලවුන එක වහගන්න ,තමන්ට කැමති එකෙක්ට කුණු කොල්ලෙට දෙන්න පාර හදනවා.
    මයිනගෙ මසා නේද ඕකට කෙලෙව්වෙ? මතකද?
     
    • Like
    Reactions: ITGuy25

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ගොඩක් අස් වෙලා ගිහින් උන්ට රට යන්න පුළුවන් හොද ඔෆ්ෆ්ර් වලට senior engineers ලා ගොඩක් උන් ගිහින් ඉවරයි ඉන්න උනුත් යනවා. හමුදාවෙන් දාලා තමා රනිලාට ඕක දුවන්න වෙන්නේ ලගදීම. :lol: :lol:
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    capacity adu karanna yanne by half
    tickrt ganna ewunta badu banis wenna yanne
    මහින්දගේ මස්සිනාගේ ගුවන් කරනම් සියල්ල : හ&#353

    මහින්දගේ මස්සිනාගේ ගුවන් කරනම් සියල්ල : හිටපු ඇමති වමාරයි !



    රාජපක්ෂ පාලන සමයේදී වසර 2010 සිට 2014 දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාර විෂයභාර ඇමැතිවරයා ලෙස කිසිම තීන්දුවකට තීරණයකට එළඹීමට නොහැකිව ගුවන් සේවයේ කටයුතු සිදුවන ආකාරය පවා දැනගැනීමට නොහැකිව බාධක ප්‍රශ්න රැසකට මුහුණදීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න හමුවේ මුනිවත රකිමින් කර කියාගත නොහැකි තත්ත්වයකට පත්ව අසරණ වීමට සිදුවුණ බව හිටපු ගුවන්සේවා ඇමැති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න පවසයි.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (23) ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින්ය.


    පවතින තත්ත්වය යටතේ ශ්‍රීලන්කන් ගුවන් සේවය මුදල් අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙසට එවකට තමන් දැනුම්දුන්නද එය සිදුවූයේ නැති බවද මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.

    අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුවේ මහතාගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් මන්ත්‍රී ජයරත්න වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ එවකට හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඇමැතිවරයා ලෙස තමාව නොතකා ඍජුව ක්‍රියාකෙළේ මුදල් අමාත්‍යාංශය සහ මුදල් ඇමැති හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ බවයි.

    ශ්‍රීලන්කන් ගුවන් සේවයට අදාළව රාජකාරි කටයුතු සිදුකරගෙන යාමට බාධා සහ ප්‍රශ්න පැනනගින බව හා පැවතුන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතාට පෞද්ගලිකවම දෙවරක් දැනුම්දී සිටියත් පැවැති තත්ත්වයේ කිසිම වෙනසක් සිදුනොවුන බවද ඔහු පවසා ඇත.

    අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුවේ මහතාගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකාර මන්ත්‍රී ජයරත්න මහතා මෙසේ ද පවසා තිබේ.

    ශ්‍රීලන්කන් ගුවන්සේවයට අදාළ සමහර වැදගත් ලේඛන දුටුවේ මේ කොමිසමේදී. අමාත්‍යාංශය භාර ඇමැතිවරයා ලෙස ඇමැති මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කළා. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාර සැලසුමක් ගැන දැනුවත්ව සිටියේ නෑ. අමාත්‍යාංශ ලේකම්වරයාට පස්වසරක සැලසුමක් භාණ්ඩාගාරයෙන් ඉදිරිපත් කැර තිබුණි. ලේකම්වරයාගේ නිර්දේශ මත ඇමැති මණ්ඩල පත්‍රිකාව ඇමැති මණ්ඩලයට වසර 2011 මැයි 27 ඉදිරිපත් කළා. අමෙරිකා ඩොලර් මිලියන පන්සිය විස්සක මුදලක් එම පත්‍රිකාවෙන් ඉල්ලා සිටියේ ශ්‍රීලන්කන් ගුවන්සේවයට සහ මිහින් ලංකා ආයතනවලටයි. මෙම මුදල් වසර 2012 සිට අය-වැයෙන් වෙන් කිරීමට තීරණය වී තිබුණි. නමුත් මුදල් ලැබුණේ නෑ. ජාතික අය-වැයෙන් වෙන්කළ මුදල් අමාත්‍යාංශයට ලැබුණේ නෑ.

    ශ්‍රීලන්කන් ගුවන් සේවයට අදාළව කිසිවක් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මා සමඟ සාකච්ඡා කෙළේ නෑ. ඇතැම් අවස්ථාවලදී ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහභාගි වුණා.

    රුපියල් බිලියන දහහතරයි දශම දෙකක් බැඳුම්කර ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවයට ලැබුණද නොලැබුණද නොදනිමි. ඒ පිළිබඳව කිසිවකු මා දැනුවත් කෙළේ නෑ. ඒ පිළිබඳව සොයාබැලීමක්වත් කෙළේ නෑ. ඊට හේතුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලය රේඛීය අමාත්‍යාංශය නොතකා ක්‍රියාකිරීමයි.

    පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරු ශ්‍රීලන්කන් ගුවන්සේවය ගැන විෂයභාර ඇමැතිවරයා ලෙස මගෙන් ප්‍රශ්න ඇසුවා. එහිදී පිළිතුරු දීමට නොහැකිව අසරණ වුණා. එම නිසා සිවුපුද්ගල කමිටුවක් අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ගුවන්සේවය පිළිබඳව සොයා බැලීමට නියම කළා. එම කමිටුවට ඉදිරියට යාමට නොහැකිවුණා. පස්අවුරුදු සැලසුමක් වසා කැපිටල් ආයතනයට ලබාදීම හා විදෙස් සහාය ලබාගැනීම, ගුවන්යානා මිලදී ගැනීමට සීබරී ආයතනයට පැවරීම මේ කිසිවක් මා දන්නේ නෑ. ම‍ාගේ මැදිහත්වීමක් සිදුවූයේ නෑ.

    - https://newstube.lk/news/4143-2018-10-24-04-29-36

    Ekaale katai pu*ai wahan anda yata hitapu bayyo dannam hena dooshana wirodi card board weerayo wela :lol::lol::lol:

    පෞද්ගලීකරණය වෙනුවට මස්සිනාකරණය

    2008 මාර්තු 31 වනදායින් අවසන් වූ මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ ලාභය රුපියල් බිලියන 4.4කි. සමාගම් සමූහය වශයෙන් රුපියල් බිලියන 4.9ක ලාභයක් ලබා තිබිණි. ඒ, එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ ගෙවුණු අවසන් වසර ය.

    එහෙයින් ම 2009 මාර්තු 31 වනදායි අවසන් වූ මූල්‍ය වර්ෂය වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබා තිබූ අලාභය රුපියල් බිලියන 9.3කි. සමූහයේ අලාභය රුපියල් බිලියන 9.9ක් විය. මේ රාජපක්ෂ පවුල් පරිපාලනයේ පළමු වසරේ කෙරුවාවයි.

    2009/2010 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය රුපියල් බිලියන 2.696කි. සමූහයේ අලාභය රුපියල් බිලියන 6කි.


    2010/2011 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය රුපියල් මිලියන 381කි. සමූහයේ අලාභය රුපියල් මිලියන 202කි.

    2011/2012 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ අලාභය රුපියල් බිලියන 19.67කි. සමූහයේ අලාභය රුපියල් බිලියන 17.17කි.

    2012/2013 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 21.7ක අලාභයක් ලබා තිබේ. සමූහය ලෙස ලැබූ අලාභය රුපියල් බිලියන 22.5කි.

    2013/2014 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 32.4ක අලාභයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය වාර්තා කර තිබේ.

    2014/2015 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 16.49ක අලාභයක් ලබා ඇති අතර සමූහයක් ලෙස අලාභය රුපියල් බිලියන 16.3කි.


    sri-lankas-first-family-celebrates-traditional-new-year-at-carto.jpg


    රටේ ගුවන් සේවයේ අයිතිය රජය සතුවිය යුතු බවත් ඉන් ලාභ ලැබිය නොහැකි නම් එය පාලක මණ්ඩලයේ දුර්වලතාවයක් බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝටාබය
    රාජපක්ෂ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට වත්මන් රජය උත්සාහ කරන බවට මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගෝටාබය මහතා ඉහත ප්‍රකාශය කළ අතර එහිදී
    ඔහු උපහාසාත්මක සිනහවකින් යුතුව වැඩිදුරටත් පැවසුවේ "ඒක ඉතින් මේ රජයේ ප්‍රතිපත්තියක්නෙ පෞද්ගලිකකරණය කරන එක" යනුවෙනි.

    පෞද්ගලීකරණයට විරුද්ධ වීම එක් කතාවකි. පෞද්ගලීකරණයට එරෙහිවීම යන ජනප්‍රිය සටන් පාඨයට මුවා වෙමින් රජයට පවරාගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුල් සමාගම විසින් කළේ කුමක්ද යන්නත් මේ සමඟ ම විමසා බැලීම වටී.

    පෞද්ගලීකරණය වෙනුවට මස්සිනාකරණය

    ගුවන් සේවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ එමිරේට්ස් සමාගම 1998 දී ඇති කරගත් ගිවිසුම අවසන් වූයේ 2008 මාර්තු 31 වනදා ය. එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ පවතිද්දී ශ්‍රී ලංකන් සමාගම ඉතා හොඳින් ලාභ ලැබූ ගුවන් සමාගමකි.

    ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල පසුගිය යුගයේ සිදු කෙරුණු දූෂණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වූ කරුණු අනුව 2008 මාර්තු 31 වනදායින් අවසන් වූ මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ ලාභය රුපියල් බිලියන 4.4කි. සමාගම් සමූහය වශයෙන් රුපියල් බිලියන 4.9ක ලාභයක් ලබා තිබිණි. ඒ, එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ ගෙවුණු අවසන් වසර ය.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අයිතිය 2008දී රජයට පවරා ගැනීමෙන් අනතුරුව එය පාලනය කෙරුණේ රාජපක්ෂ පවුල් සමාගම විසිනි. දේශපාලනයේදීත් ආර්ථික කටයුතුවලදීත් රාජපක්ෂලා දන්නා එකම ක්‍රමවේදය වන්නේ පවුල්කරණය යි. එනම්, පවුලේ සාමාජිකයින්ට පවරා දීමයි. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස රාජපක්ෂ පාලනය යටතේ පත් කෙරුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ ය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජපක්ෂලා විසින් මස්සිනාකරණය කළ බව පැවසීම නිවැරදි වනු ඇත.

    නිශාන්ත වික්‍රමසිංහ යනු මීට පෙර තේ වත්තක පෙරියදොරේ ලෙස වැඩ කළ පුද්ගලයකු විනා ගුවන් සමාගමක් වැනි දැවැන්ත ආයතනයක් පාලනය කිරීම පිළිබඳව අන්දෝ සංසාරයක දැනුමක් හෝ අත්දැකීමක් ඇත්තෙකු නොවීය.

    nishantha-wickramasinghe-and-his-girlfriend.jpg
    ------ Post added on Feb 26, 2024 at 9:13 PM