ශ්‍රීලන්කන් ගුවන්යානා 6කට අද සිදු වූ දේ

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 7ක් අද (පෙබ. 27) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසුවා ය.

    මෙම ගුවන් යානා අතරින් 6ක් ම ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බව සඳහන් ය.

    ඒ අනුව, අද අලුයම 1:10 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -173 දරන ගුවන් යානය, අලුයම 1:15ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය අවලංගු කර තිබිණි.

    අද දහවල් 1:45ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 127 දරන ගුවන් යානය ද, පස්වරු 5:10ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වීම අවලංගු වී ඇත.

    අද රාත්‍රී 6:30ට දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානය ද, රාත්‍රී 6:50ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 207 දරන ගුවන් යානය ද පිටත්ව යාම අවලංගු කර තිබෙන බව ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාව සඳහන් කළා ය.

    එම ප්‍රකාශිකාව වැඩිදුරට ත් සඳහන් කළේ, අද අලුයම 02:25ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 002 දරන ගුවන් යානය ද සිය ගුවන් ගමන අවලංගු කර ඇති බව ය.

    කෙසේ වෙතත්, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා සඳහන් කළේ, එම ගුවන් ගමන් අවලංගු වීමක් සිදු නොවී ඇති බව ත් සිදුව ඇත්තේ ප්‍රමාද වීම් බව ත් ය.

    https://mawbima.lk/2024/02/27/6-srilankan-flights-cancelled/



    පුදුම චාටර් රටක් බන් මේක. පාලකයොත් එකයි රාජ්‍ය සේවකයොත් එකයි.
    උඹලා පුළුවන් තරම් ඉගෙන ගෙන තමන්ගේ Skill එක හදාගෙන පලයව් මොකක් හරි රටකට.
    ගිහින් ඒ රටට තමන්ගේ පව්ලේ අයව ඇරන් ඒ රටේම Settle වෙයව් මේ වගේ උන් ඉන්න රටක ඉන්නේ නැතුව
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    ෆ්ලයිට් ඩිලේ උනාම අපි රට අත ඇරලා යන්න ඕනද ?
    මේවා ලොවෙත් හැදෙන රටවල් නෙවෙයි බන්. ෆල්යිට් ඩිලේ එකක් විතරක් නෙවෙයිනේ මෙතන තියෙන්නේ. මේවා පාලනය කරන එව්නුත් එකයි වැඩ කරන එව්නුත් එකයි. මේක ලංකාවේ හැම ආයතනයකටම එකයි. පොඩි එකාගේ ඉඳලා ලොකු එකා දක්වා පගා, කොමිස් ගහන එව්න් ඉන්නේ. වැඩිය ඕනේ නෑ උඹ නිකන් පලයන් මොකක් හරි රාජ්‍ය ආයතනයකට ගිහින් වැඩක් කරගන්න බලපන්. පුළුවන්ද ලේසියෙන් කරගන්න?
    මේ ලංකාවේ දැන් ෆ්ලියිට් ඩිලේ වෙන එක සාමාන්‍ය එකක් නෙවෙයි. අසාමාන්‍ය එකක්.
    උඹට හිතෙනවා නම් මේ ෆ්ල්යිට් ඩිලේ වෙන්නේ ලංකාවේ Air Space එකේ Air Traffic නිසා ඒ වගේම රට සුකිත මුදිත වෙලා කියලා.
    කිසි ප්‍රශ්නයක් නෑ උඹ ඒක පිළි ගනින්. මම කිව්වේ තමන්ගේ සහ තමන්ගේ පව්ලේ උන්ගේ හෙට දවස, අනාගතයක් ගැන හිතන කොල්ලොන්ට
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේවා ලොවෙත් හැදෙන රටවල් නෙවෙයි බන්. ෆල්යිට් ඩිලේ එකක් විතරක් නෙවෙයිනේ මෙතන තියෙන්නේ. මේවා පාලනය කරන එව්නුත් එකයි වැඩ කරන එව්නුත් එකයි. මේක ලංකාවේ හැම ආයතනයකටම එකයි. පොඩි එකාගේ ඉඳලා ලොකු එකා දක්වා පගා, කොමිස් ගහන එව්න් ඉන්නේ. වැඩිය ඕනේ නෑ උඹ නිකන් පලයන් මොකක් හරි රාජ්‍ය ආයතනයකට ගිහින් වැඩක් කරගන්න බලපන්. පුළුවන්ද ලේසියෙන් කරගන්න?
    මේ ලංකාවේ දැන් ෆ්ලියිට් ඩිලේ වෙන එක සාමාන්‍ය එකක් නෙවෙයි. අසාමාන්‍ය එකක්.
    උඹට හිතෙනවා නම් මේ ෆ්ල්යිට් ඩිලේ වෙන්නේ ලංකාවේ Air Space එකේ Air Traffic නිසා ඒ වගේම රට සුකිත මුදිත වෙලා කියලා.
    කිසි ප්‍රශ්නයක් නෑ උඹ ඒක පිළි ගනින්. මම කිව්වේ තමන්ගේ සහ තමන්ගේ පව්ලේ උන්ගේ හෙට දවස, අනාගතයක් ගැන හිතන කොල්ලොන්ට
    උඹ වෙන රටකද ඉන්නේ ?
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    බයි සංවර්දන news :lol: :lol:

    GHVC5-5XwAATlZ5.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    ලීසිං ගෙවා නෑ.. ශ‍්‍රී ලන්කන් යානා ලීසිං සමාගම් උස්සයි..

    February 27, 2024 at 10:40 am | lanka C news
    ලීසිං ගෙවා නෑ.. ශ‍්‍රී ලන්කන් යානා ලීසිං සමාගම් උස්සයි..

    කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා එකක් දෙකක් හෙට අනිද්දා වන විට අදාළ කල්බදු සමාගම් විසින් රැගෙන යනු ඇති බව වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.


    එ් අනුව ගුවන් සේවාව තවදුරටත් පවත්වාගෙන යන්නේද නැතහොත් වසා දමන්නේද යන්න පිළිබඳව සේවකයන් තීරණය කළ යුතුව ඇතැයිද හෙතෙම කියා සිටියේය.


    සේවාව පවත්වාගෙන යාමට පරිපාලකයන්ට මෙන්ම වෘත්තීය සමිති වලටද වුවමනාවක් නැතැයි ද අමාත්‍යවරයා චෝදනා කරයි.


    සේවකයන් කරන්නේ රාජකාරිය නොකර වැටුප් ගැනීමත් විදෙස් සංචාරවල නිරත නිරතවීම බවත් ඔහු තවදුරටත් පැවසීය.
     

    Similar threads