ලංකවේ Trap කැමර් එකට අහු උන සත්තු.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ පොටෝ එක ඊයේ ඉඳන් පෙස් බුක් යනවා සත්තු කැලේ එකමුතු වෙලා කියල, සත්තු පාටියක් දානව, සහනාදාර ගන්න ඇවිල්ල කියල.
    තව පොස්ට් එකක් දැක්ක සුනාමියක් වගේ ලොකු කරදරයක් එන්න ලග නිසා මේ කියල.


    ඒත් මෙන්න මේ පින්තුරේ ඇත්ත කතාව.

    උපුටා ගැනීම Seth MuHandiram මහතාගේ FB පිටුවෙන් - FACEBOOK LINK
    මේ ඡායාරූපය ඉතා සුවිශේෂීයි!
    ජනවාරි මාසයේ සති තුනක් ඇතුලත මධ්‍ය කදුකරය ආශ්‍රිතව එක් ස්ථානයක් හරහා ගමන් ගන්නා ඒ පරිසර පද්ධතියේ යාවජීව සාමාජිකයින් තමයි ඔබ මේ දකින්නෙ. විවිධ දින තුල උගුල් කැමරාවක (Trap Camera / Trail Camera) සටහන් වූ ජීවීන් එකම රාමුවක් තුලට අරගෙන, ඒ ඒ ඡායාරූප කිහිපයක් එක් කරන්න Focus stacking / Layer stacking ක්‍රමය යොදාගෙන තමයි මේ අපූර්ව සේයාරුව නිර්මාණය වෙන්නෙ. අපි එදිනෙදා භාවිතා කරන උගුල් කැමරාවකට ⁣වඩා තත්වයෙන් උසස් කැමරාවක් තමයි යනික් මේ ඡායාරූප ගන්න භාවිතා කරන්නෙ.
    මේ ඡායාරූපය ඇතුලෙ ඉන්නවා විශේෂ 12 ක්. ඒ වනගත බිළාල විශේෂ 2 ක් වෙන කොටියෙක් හා කොල දිවියෙක්, ඉත්තෑවෙක්, කලවැද්දකු හා උරුලෑවෙක්, වල් හාවන් හා කොටියට වම් පසින් සපුමල් කලවැද්දා / පැණි උගුඩුවා ලෙස හදුන්වන සතෙක් බොහෝ විට. ඊට අමතරව ගෘහාශ්‍රිත බළලෙකු හා සුනඛයෙක්. මේ හැම විශේෂයක් මේ ස්ථානය සංචරණය සඳහා යොදා ගන්නා සංදියක් (A Junction for Migration) සේම කොරිඩෝවක් (Wildlife Corridor) ලෙස භාවිතා කරනවා.මේ ඡායාරූපයට ඕලු මුවෙක් / වල් ඌරෙකුත් එකතු උනා නම් එතනින් එහාට මේ ඡායාරූපය අංග සම්පූර්ණයි!
    ලංකාවේ තේ වතු කියන්නෙ නිකංම නිකං තේ වතු නෙවෙයි. ඇත්තම කිව්වොත් මිනිසා විසින් විකෘති කර පසුව සොබාදහම විසින් නැවතත් ප්‍රතිස්ථාපනය කල පරිසර පද්ධතියක්. ඒ පද්ධතිය ඇතුලෙ ජීවත් වෙන සතුන්ට මේ තේ වතු කියන්නෙ තවත් එක් වනාන්තරයක්. ලංකාවෙ තේ වතු ආශ්‍රිතව ඉතා උසස් සේම පුළුල් වූ ජෛව විවිධත්වයක් දකින්න ලැබෙනවා.
    Photo Courtesy : PFC / Yanik


    417465636_1141910160582677_2190079713308501098_n.jpg









     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    lankawe average fb usersla kiyanne amu gon meeharak tikak
    එකගයි..
    වැස්සේ මිනිහෙක් තෙමි තෙමි ගියොත් කවද හරි හරි යන්න ඕනේ ජීවිතලු ..
    හෙනම ගොන් යක්කු ටිකක් ඉන්නේ ..
    එහෙම ප්‍රාර්ථනාවක් කරාට හරි යනවා නම් මොනවා කරන්න බැරිද ..
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,667
    30,896
    113
    අපායෙ දොරකඩ
    මුලින්ම පිංතූරෙ දැක්කගමන් හිතුනෙ "උං ඔක්කොම යාලුයි මල්ලී" කියල. හොර සාකච්චාවකට ගිහින් මාට්ටු වෙච්ච සෙට් එකක් වගෙ කියල. ¯\(°_o)/¯