අන්ත දෙකක කතාවක් උබ කියන්නේ...
නිදහස දුන්නොත් ෆෙමිනිස්ට් වෙන්නේ නැහැ..
කනට ගහල කුස්සියට එලෙව්වේ කියල ප්‍රශ්නේ විසන්දෙන්නෙත් නැහැ...
නිදහස දෙනවා කියල එකක් නැහැ..ගැහැණු පිරිමි හැමෝටම නිදහස කියන දේට already entitled. උඹ නිදහස දෙන්න මොකෝ උඹ වහල් කමට අරන් නෙමෙයි නේ? ඒ මනුස්සයාගේ පාඩුවේ ඒ මනුස්සයට ඉන්න දීපන්..කැමති දේවල් ගන්න, යන්න එන්න,,අඳින්න පළදින්න,,යාලුවෙක් ආශ්‍රය කරන්න..
අනිවා උඹ අකමැති දේවල් තියෙනවා නම් කියල තියපන් - අහවල් යාළුවො ආශ්‍රය කරන්න එපා...අහවල් පිරිමි යාළුවා එපා etc. මේ තමයි සම්බන්දතාවයක් ඇතුලේ ඉන්නකොට තියෙන සීමා..මේවා නිදහස නැති කිරීමක් නෙමෙයි..අනෝන්‍ය කැමැත්ත, අවබෝදය ඇතුව තමයි දෙන්නෙක් ආශ්‍රය කරන්න ඕනේ..එතැනදී උඹ අකමැති දේවල් කිව්වා කියල කිසි අවුලක් නැහැ...
එතකොට කෙල්ල / කොල්ල ඒවා කරන්න ඕනෙද??
එහෙම එකක් නැහැ...එතකොට එයා කියයි..බැහැ මට අහවල් යාළුවා ආශ්‍රය කරන්න ඕනේ...අහවල් විදිහේ ඇඳුම් අඳින්න ඕනේ...එතකොට උඹ කරන්න ඕනේ, එයාගේ පැත්තෙන් එක හිතල බලන්න ඕනේ..ඇයි එක ඒ තරම් වැදගත් කියල...එතන උඹට අවුලක් ගන්න දෙයක් නැත්තම් එක කරගන්න දීපන්...උඹට එක සෑහෙන්න අවුල් නම් කියපන් බැහැ මට එක අවුල් කියල..එතකොට එයා එක හිතන්න ඕනේ උඹේ පැත්තෙන් ඇයි උඹට අවුල් කියල...එහෙම තමයි ප්‍රශ්න විසන්දගන්නේ..
එත් එයාට ඒක නවත්තන්න අමාරුයි නම්, සම්බන්දෙ නවත්තන්න වෙනවා..නොගැලපීම් නේ...එක හදාගන්නත් බැලුවට හදන්නත් බැහැ නේ...(උත්හසත් කරා නේ)..කිසි වරදක් නැහැ..දෙන්නා කතා කරලා වෙන් වෙන්න..
කනට ගහල කුස්සියට එලවන්න වගේ ගොබ්බ සීන් තියාගන්න එපා..මනුස්සයෙක් වගේ වැඩ කරපන්..ඔය නූගත් අඩු කුලේ මෝඩ පිරිමි වගේ හැසිරෙන්න එපා..තමන්ගේ තත්වේ තියාගෙන ඉඳපන්...
ගෑනු උනත් කියන හැම ලබ්බම කරන්න යන්න එපා...අකමැති දේට එපා කියපන්..අවුලක් නැති දෙයක් නම් සද්ද නැතුව බලාගෙන ඉදපන් මොකද වෙන්නේ කියල..ට්‍රැක් පනිනවා නම් උඹ driving seat එකේ ඉන්න එකා නම්, එක කතා කරලා හරි පාරට ගනින්...
සතුටෙන් ඉඳපන්...
ජීවිතේ කෙටියි...වැරදි මිනිස්සු එක්ක ගහ මරාගෙන, වලි දාගෙන නාස්ති කරන්න තරම් කාලයක් නැහැ...හරි අපරාදේ...දෙන්නම සතුටින් ඉන්න ඕනේ...එච්චරයි...
තමන් හිටපු විදිහට වැඩිය එක අඩියක් වත් ඉස්සහරට ජීවිතේ ගිහින් නැත්තම්, හිටියට වැඩිය පොඩි හරි සතුටක් නැත්තම්, ඒ relationship එක හරි අපරාදයක්...
අත්දැකීම් වලින් කිව්වේ...