උබලට තේරෙන්නේ නෑ දෙයක් ඉගෙන ගන්න කුණුහරුප කියාගෙන පර්සනල් අරගෙන නටන්න දෙයක් මෙතන නෑ.
මම ගොඩක් වෙලාවට
@dilann @Rontmir එක්ක කරන කතා වලින් මම දන්න එකම ටෙස්ට් කරගන්නවා හරිද කියලා.
දැන් අද උදේ
@dilann ගේ කතාවට උඩව්වක් ගත්තා
@greenthunder ගෙන් ඒ වෙලාවේ දුන්න උත්තරේත් එක්ක මට හරියටම තේරෙන්න පටන් ගත්තේ ඇයි එතන නියම ධර්ම 5ක් කියන එක.
ඒ වගේ තව ගොඩක් උදව් මට ඒ ඒ අය එක්ක කතා කරද්දි දැනගන්න පුළුවන් වෙලා තියෙනවා.
වාද තමා අපි ළග තියෙන දැනුම පොලිෂ් කරගන්න පුළුවන් හොදම tool එක ඕක හරියට use කරන්න ඕනි.
බෞද්ධ නන් ඒ tool එකෙන් තමන්ගේ සංයමය බිඳෙනවා නන් එක use කරන්න එපා දැනුම වැදගත් තමා ඊට වඩා වැදගත් නේ තමන්ගේ මානසික නිදහස.
මේකේ නෙවෙයි කා එක්කවත් තරහා වෙලා මරාගෙන වැඩක් නෑ. ඒ ඇයි කියන ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා අපිට කොච්චර පොඩි කාලයක්ද මේ හැම දේම ශෙයා කරගන්න තියෙන්නේ කියන ඒක ප්‍රතක්ෂ උනාම සහ මේ විශ්වය ඇතුලේ අපිට කොච්චර පොඩි කොටසක්ද අයිති කියන එක තේරුම් ගියාම.
ඒක දැනට ප්‍රත්‍යක්ෂ වෙලා නැත්තං අඩුම තව කෙනෙක් එක්ක තරහක් හිතේ නැතුව ඉන්න මෛත්‍රී භාවනාව හරි කරන්න.
දැන් අද උදේම
@dilann කිව්ව කතාව ගැන මට තියන මතය කිව්ව එකේදී එයාට එකේ මට අවුල් තැනත් කිව්ව. ඒක එතනින් ඉවරයි. දැන් මම පිළිගන්න එකම මගේ මතය වෙනයි කියල ඩිලාන් අද ඉදල පිළිගන්න ඕනි නෑ.
නිකමට හිතපං එහෙම උනා කියල දවස් දෙකකින් විතර ලෝකෙම වෙනසක් නැතුව ගිහිං අන්තිමට අපි ඔක්කොම එකම අච්චුවේ. හිතපංකෝ කොච්චර බෝරිං වැඩක්ද කියල ඕක.
මට මේකේ කතා කරලා තියෙන දේවල් එක්ක මම දන්නවා බෞද්ධ ගොඩක් අයට වඩා බුද්දාගම ගැන දැනුමක්
@dilann @Rontmir දෙන්නට තියෙනවා කියලා.
ගොඩක් අය මේ කුණුහරුප කියාගෙන කතා කරන්නේ තමන්ගේ හිතේ සිංහල බුද්ධාගම වෙනුවෙන් තියෙන ආදරය නිසා තමා.
Trust me ඕකෙන් වැඩක් වෙන්න නෑ. වෙන එකම ඒක තව තව වැඩේ අවුල් වෙන ඒක විතරයි. පුළුවන් නන් ඒව ගැන හරියට ඉගෙන ගන්න ඒක වටිනවා ගොඩක් මීට වඩා.