ඊශ්‍රායලය විසින් ඉරානයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳ වාර්තා වීමත් සමඟ ලෝක වෙළඳපොළේ ඉන්ධන හා රත්රන් මිල ඉහළ ගොස් තිබේ.
එක් දිනක් ඇතුළත ආසියානු වෙළඳපොලේ ඉන්ධන බැරලයක් සියයට තුනකින් ඉහළ ගොස් ඇත.
රන් මිල ඩොලර් 2400 දක්වා ඉහල නැග ඇත.
ලොව පුරා ප්‍රධාන පෙළේ කොටස් වෙළඳපොළවල් කිහිපයක්ම පහත වැටී තිබේ.
ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුධ ආතතිය තවදුරටත් වර්ධනය වුවහොත් ඒ සමග මෙරට ආර්ථිකයටද බරපතළ අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බව පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේදී ඉරානය සමග සෘජු සබඳතා නොපැවැත්වුවද මෙරටට ඉන්ධන මිලදීගන්නා රටවල ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන්නේ ඉරානය බවද හෙතෙම පවසයි.
ඉරානය තම තෙල් අපනයනයෙන් සියයට අනූවක්ම චීනයට සිදු කරන අතර ඉන්දියාවටද ජපානයට ද ඉන්ධන අපනයනය කරයි.
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් හා චීනයෙන් සැලකිය යුතු යි ඉන්ධන ප්‍රමාණයක් මිලදී ගන්නා බවද හෙතෙම කියා සිටී.
-LCN-
හාමු ජන්ද කරලා හමාරයි.. තෑන්ක්ස් ඉරාන්..
Last edited:
