රයිදරාපදානය

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මෙ මගෙ පොත් එකතුවෙ තිබ්බ පරණ පොතක් මට සෑහෙන කාලෙකට පස්සෙ මතක් උනා. අපෙ @Solo Rider ගෙ ජීවිත කතාව. අප්‍රිකාවෙ දුශ්කර කැලෑ ගම්මානෙක ඉපදිලා, සෑහෙන දුක් කම්කටොලු මැද්දෙ අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න ගමන් පහේ 'ශිෂ්ණත්වෙ' පාස් වෙලා ටවුමෙ ඉස්කෝලෙකට ඇවිත්, එහෙදිත් ටවුමෙ පොශ් බල්ලොන්ගෙ කෙනෙහිලිකම් විඳ දරාගෙන ජීවිතේ ජයගෙන ලංකාවට මයිග්‍රේට් වෙච්ච සොලෝ රයිඩර්ගෙ ජීවිත කතාව. ජීවිතේ ජයගන්න ගේමක් ගහන කොල්ලො, කෙල්ලො, බල්ලො, බැල්ලියො හැමෝම කියවිය යුතු පොතක්.



    නෑ නෑ, මේ අර වෝල්ටියකින් රට වටේ රස්තියාදු ගහන හිපා‍ටුවා ගැන පොතක් නෙමේ. මේ 'සෝලෝ' කියන අප්‍රිකානු කැලෑ බලු පැටියගෙ ඇත්තම කතාව. මේ පොත ලියලා තියෙන්නෙ මේ අප්‍රිකානු කැලෑ බල්ලෝ ගැන වාර්තා වැඩසටහනක් හදන්න, අවුරුදු ගානක් තිස්සෙ සෙරෙන්ගෙටි වල උන් යන යන තැන් වලට ගිහින් අධ්යයනය කරපු වන්ජීවි ඡායාරූප ශිල්පී Hugo Van Lavick සහ එයාගෙ නෝනා Jane Goodall. Jane Goodall ව නම් උඹලා අහලත් ඇති, අර චිම්පන්සී නෝනා. තමුන්ගෙ ජීවිතෙන් අවුරුදු හැටක් විතර චිම්පන්සීලාව අධ්යයනය කරන්න, සංරක්ශණය කරන්න කැප කරපු ලෝකෙ අග්‍රගණ්ය primatologist කෙනෙක්. එයා තමා පොතේ intro එක ලියලා තියෙන්නෙ.

    කැලෑ බලු පැටියෙක්ට ලොකු වෙනකන් survive වෙන එක එච්චර ලේසි වැඩක් නෙමේ. විශේෂෙන් තමුන්ගෙ ‍රැලේ උන්ගෙන්ම අඩු කුලේ සැලකුම් හම්බෙනවා නම්. කැලෑ බල්ලෝ රංචුවක් සාමාන්‍යයෙන් තැන් තැන් වලට යන සංචාරක ජීවිතයක් ගත කරන්නෙ. උන් පැටව් දාන්නෙ අවුරුද්දෙ එක කාලෙක විතරයි. රංචුවේ ඉන්න ගෑනු සත්තු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි කීප දෙනෙක් හරි පැටව් දාන්න ලං උනාම උන් තැනිතලාවේ ආරක්ෂිත තැනක නතර වෙනවා. පැටවු ලොකු උනාම ආයෙම උන් ගමන පටන් ගන්නවා. Hugo සහ Jane එයාලා 'Genghis Pack' කියලා නම් කරලා තිබුණ කැලෑ බල්ලෝ පහළොස් දෙනෙක් ගෙන් විතර සමන්විත වුන මේ රංචුව අවුරුදු දෙකක් තිස්සෙ සෙරෙන්ගේටි තැනිතලාව පුරා තැනින් තැනට යමින නිරීක්ෂණය කරලා තිබුණා. ටික කාලයක් මිසින් වෙලා හිටපු මේ රංචුව ආපහු 1969 දවසකදි Hugo ට හම්බ වෙනවා. ඒ වෙද්දි ඒකේ නායිකාව 'හැවොක්' කියන dominant female. රැලේ හිටපු 'ලෝටස්' බැල්ල සහ උගේ ගේ සහකාරයා උන 'රිනොගෝ' ඒ වෙද්දි රැලෙන් පිටමං වෙලා (බොහෝ විට හැවොක් විසින් පන්නපු නිසා) වෙනම ජීවත් වෙන්න පටන් අරන් තිබුණා. හයරාකි එකේ ඊලඟට හිටියෙ 'ඒන්ජල්' කියන බැල්ල. හැවොක් මුලින්ම ගැබ් ගත්ත 1970 දි තමයි හියුගෝලා ශූටිං පටන් ගන්නෙ. හැවොක්ට පැටව් ලැබුනට පස්සෙ ඒන්ජල් ගැබ් ගන්නවා. සාමාන්යයෙන් බැල්ලකට පැටවු ලැබුනට පස්සෙ රංචුවෙ අනිත් සත්තු උන්ව බලාගන්න උදව් වෙනවා. ඒන්ජල් කියන්නෙත් එහෙම අනිත් උන්ගෙ පැටවුනුත් තමුන්ගෙ වගේ බලාගත්ත ගෑනු සතෙක්. ඒන්ජල්, හැවොක්ගෙ පැටවුන්වත් ඒ විදියට බලාගන්න උත්සහ කරනවා. ඒත් මොකක් හරි හේතුවකට හැවොක් ඒන්ජල්ට තමුන්ගෙ පැටවුන්ට ලං වෙන්න දෙන්නෙ නෑ. ගැබ්බර කාලෙ ඉඳන්ම ඒන්ජල්ට හැවොක්ගෙන් සැරින් සැරේ ප්‍රහාර එල්ල වෙනවා. ‍රැලේ අනිත් උන්ටත් ඒන්ජල්ට වැඩිය ලං වෙන්න හැවොක් නිතර ඉඩ දෙන්නෙ නෑ. කොටින්ම ඒන්ජල්ගෙ සහකාරයා 'බ්රූටස්' ට වත් ඒන්ජල් ට සලකන්න හැවොක් ඉඩ දෙන්නෙ නෑ. ඉතින් ගැබ්බර කාලෙ ඉඳන්ම ඒන්ජල්ට ‍රැල ඇතුලෙ ජීවිතේ ගැටගහගන්න එක තවත් අමාරු වෙනවා.

    හැවොක් පැටවු දාලා සති හතරකට විතර පස්සෙ හැවොක් ‍තෝරගෙන තිබුනු ගුලට ටිකක් ඈතින් තැනක ඒන්ජල් පැටවු ප්‍රසූත කරනවා (කෑලෑ බැල්ලියො පැටවු දාන්නෙ උන්ගෙ රංචුවෙ ටෙරිටරි එක ඇතුලෙ තියෙන ගුලක් ‍තෝරගෙන. පැටවුන්ගෙ පලවෙනි සති කීපය ගතවෙන්නෙ මේ ගුල ඇතුලෙ). සාමාන්යයෙන් බැල්ලකට පැටවු ලැබුනම රංචුවෙ අනිත් පිරිමි සත්තු ඒ බැල්ලට කන්න ගෙනත් දෙනවා. ඒ උන්ගෙ දඩයම් මස් ආපහු වමාරලා. පැටවු ටිකක් ලොකු උනාම උන්ට කන්න ගෙනත් දෙන්නෙත් මේ විදියටමයි. පැටවුන්ව තනි කරලා උන්ගෙ අම්මා ගුලෙන් එලියට ඇවිත් ඉන්නෙත් ටික වෙලාවකට විතරයි. රංචුවෙ නායිකාව හින්දා හැවොක්ටවත්, පැටවුන්ටවත් කෑමෙන් අඩුවක් තිබ්බෙ නෑ. ඒත් ‍රැල ඇතුලෙ හුදෙකලා වෙලා උන්නු ඒන්ජල්ට කෑමක් හොයාගන්න ලේසි වෙන්නෙ නෑ. ගුල ඇතුලෙ හාමත් වෙන ඒන්ජල්ට ගුලෙන් එලියට එන්නෙ ඉතුරු වෙච්ච ඉඳුලක් වත් වට පිටාවෙන් හොයාගෙන යන්තන් හරි බඩ පුරවන් පැටවුන්ට කිරි ටිකක් දෙන්න. ඒත් හැවොක් බලාගෙන ඉන්නෙත් මේ වෙලාව එනකන්.

    ඒන්ජල් ගුලෙන් ටික ටික ඈතට යන අතරෙ හැවොක් හෙමින් සීරුවෙ ඒන්ජල්ගෙ ගුලට රිංගනවා. ආපහු එලියට එන්නෙ ඒන්ජල්ගෙ අලුත උපන් පැටියෙක් වත් කටින් අරන්. මේ ඌ ගුලෙන් එළියේ ලෝකේ දකින පලවෙනි වතාව. හැබැයි ඒ මිනිත්තු කීපයක් විතරයි. ගුලෙන් ටිකක් ඈතට පැටියව උස්සගෙන ගිය හැවොක් ඌව මරා දානවා. ඊළඟට තව පැටියෙක්. තවත් එකෙක්...

    මේ විදියට දවස් කීපයක් තිස්සේ හැවොක් මේ වැඩේ කරනවා. අසරණ ඒන්ජල්ට මේක ඉව වැටෙද්දී ගුල ඇතුලෙ ඉතුරු වෙලා ඉන්නෙ එක පැටියයි. ඒ පැටියට Hugo සහ Jane තියපු නම, 'සෝලෝ'. දවසක් අන්තිම දඩයමට හැවොක් ගුලට රිංගන්න කලින් ඒන්ජල් ඉක්මන් වෙනවා. ඇතුලට රිංගපු ඒන්ජල්ට ගොරවලා, ගුල වටේ ටිකක් පහුරු ගාලා, හැවොක් ආපහු හැරිලා යනවා. සෝලෝව නූලෙන් බේරගත්තත් ඒන්ජල්ට දිගටම ගුල ඇතුලට වෙලා පැටියව ආරක්ෂා කරන්න බෑ. තමුන්ගෙ වගේම සෝලෝගේ බඩ පුරවන්නත් ඒන්ජල්ට ආපහු ඉක්මනින්ම මේ ගුලෙන් එලියට යන්න වෙනවා. ඒ අතරෙ සෝලෝට මොනවා වේවිද?



    මේ ලස්සන documentary එක සෝලෝගේ ජීවිත කතාව ගැන. මට මේ පොත මතක් උනේ මේ ලඟදි animal planet එකේ ගිය වැඩසටහනක් දැකලා. 2006 අවුරුද්දෙ, මම පොඩි කාලෙ book fair එකෙන් ගත්ත පොතක්. මම තෝරපු එකකුත් නෙමේ මට මතක විදියට අම්මා තෝරලා ගත්ත පොතක්. ඒ දවස් වල ආසාවෙන් කියෙව්වා. කාලෙකට පස්සේ ඒ පරණ මතක අලුත් උනා. ඉතිං උබලත් එක්ක මේක බෙදාගන්න හිතුනා.




     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    1517611800254


    Hyna da kala ballo kiyanne?
    ------ Post added on Apr 20, 2024 at 2:42 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මේකෙ පොත් කියවන මිනිස්සු නැතිම ගානයි නේද? පොත් ගැන මොකක් හරි තිබ්බොත් බොහොම ටිකයි රිප්ලයි තියෙන්නෙ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,075
    5,587
    113
    thjirisannunge thiyena jarama gathiyak thamange newena patawu kana eka,
    samahra weleta thamangema patawu pawa,
    pirimi saththu thama karanne,
    dominant dial eka wenna,

    :angry:
    ehema dominant wenna aawoth nam thiyanne na athata apu eken kelala arinwa mam
     
    • Sad
    Reactions: AVES

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,658
    98,647
    113
    මේ වගේ පොත් පට්ට.

    අර සිංහ දෙනුවක්ගේ කතාවක් තිබ්බ ඔය වගේම පොඩි කාලේ හදාගන්න ගත්ත.

    ආයේ ඩිංකි කියල පොතක් තියෙනවා .

    වනපෙත අඩ ගසයි. බක්

    ඒව එහෙම මරු කතා තියෙන්නේ.

    මේකෙ පොත් කියවන මිනිස්සු නැතිම ගානයි නේද? පොත් ගැන මොකක් හරි තිබ්බොත් බොහොම ටිකයි රිප්ලයි තියෙන්නෙ.
    60ක් ළමයි ඉන්න ලෙක්චර් හොල් එකකින් එක්කෙවත් නෑ පොත් කියවන. අවුරුදු 22 වගේ සෙට් එකක්.

    Imagination කෑල්ල තමා මිසින් වෙන්නේ
    ------ Post added on Apr 20, 2024 at 12:39 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    60ක් ළමයි ඉන්න ලෙක්චර් හොල් එකකින් එක්කෙවත් නෑ පොත් කියවන. අවුරුදු 22 වගේ සෙට් එකක්.
    :no: :no:

    ehema dominant wenna aawoth nam thiyanne na athata apu eken kelala arinwa mam
    eka parak ape ge athule pusiyek pataw dala mara wadayak thibbe pusangen.

    mun hoyagena enawa geta ringanna.
    ------ Post added on Apr 20, 2024 at 12:42 PM
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    1517611800254


    Hyna da kala ballo kiyanne?
    ------ Post added on Apr 20, 2024 at 2:42 AM
    නෑ නෑ. උන් ජාති දෙකක්. කැලෑ බල්ලෝ ආහාර දාමයේ උඩින්ම ඉන්න කට්ටියක්. උන් දෙවෙනි වෙන්නේ සිංහයො, කොටි, ජගුවර් වගේ ලොකුම predetor ලට විතරයි. Efficient killers ලා. හයිනාලා සාමාන්‍යයෙන් ලොකු සත්තු දඩයම් කරන්නේ කළාතුරකින්. ගොඩක් වෙලාවට උන් ඔය උඩින්ම ඉන්න predetor ලා දඩයම් කරලා ඉතුරු කරන දෙයක් කන්නේ.

    P.s. : ඔය ෆොටෝ එකේ ඉන්නේ කැලෑ බල්ලෙක්වත් හයිනෙක්වත් නෙමේ. කුමාර සිරිවර්ධන මහත්තයා වෙන්නොනේ. :P
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,052
    1
    59,119
    113
    Mother Earth
    මේ වගේ පොත් පට්ට.

    අර සිංහ දෙනුවක්ගේ කතාවක් තිබ්බ ඔය වගේම පොඩි කාලේ හදාගන්න ගත්ත.

    ආයේ ඩිංකි කියල පොතක් තියෙනවා .

    වනපෙත අඩ ගසයි. බක්

    ඒව එහෙම මරු කතා තියෙන්නේ.


    60ක් ළමයි ඉන්න ලෙක්චර් හොල් එකකින් එක්කෙවත් නෑ පොත් කියවන. අවුරුදු 22 වගේ සෙට් එකක්.

    Imagination කෑල්ල තමා මිසින් වෙන්නේ
    ------ Post added on Apr 20, 2024 at 12:39 PM
    සිරා හොඳේ කතා පොතක් කියවද්දී මනසින් මේ මේ වගේ වෙන්න ඇති කියලා චිත්ත රූප මැවෙන වෙන මොකක්වත් නෑ.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේ වගේ පොත් පට්ට.

    අර සිංහ දෙනුවක්ගේ කතාවක් තිබ්බ ඔය වගේම පොඩි කාලේ හදාගන්න ගත්ත.

    ආයේ ඩිංකි කියල පොතක් තියෙනවා .

    වනපෙත අඩ ගසයි. බක්

    ඒව එහෙම මරු කතා තියෙන්නේ.


    60ක් ළමයි ඉන්න ලෙක්චර් හොල් එකකින් එක්කෙවත් නෑ පොත් කියවන. අවුරුදු 22 වගේ සෙට් එකක්.

    Imagination කෑල්ල තමා මිසින් වෙන්නේ
    ------ Post added on Apr 20, 2024 at 12:39 PM
    ඒ දවස් වල අපිට consume කරන්න දැන් වගේ ලාබ content තිබ්බෙ නෑනෙ. කොයි දේටත් පොතක්, පත්තරයක් තමා. ඒ දවස් වල කියවන එක පුරුද්දකට ගියා. දැන් ඉස්සරහට එන්නේ අම්මලා ෆෝන් එකේ වීඩියෝ පෙන්න පෙන්න බත් කවපු පරම්පරාවක්. උන්ගෙ imagination කොහොම වෙයිද කියලා මටත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒත් අපි බලමු.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    අර සිංහ දෙනුවක්ගේ කතාවක් තිබ්බ ඔය වගේම පොඩි කාලේ හදාගන්න ගත්ත.
    උපන්නෙ නිදැල්ලේ කියල ජයන්ත වීමලසේන මහත්තය පරිවර්තනය කරල තියෙනව මෙක
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,633
    10,905
    113
    අඩෝ සිරාවටම ඒ රටවල මිනිස්සුන්ට මාර මාර ආතල් නේ බන් තියෙන්නේ. අර සම්පුර්ණ සුරියක් ග්‍රහනේද චන්දරක් ග්‍රහනේද යද්දිත් උන් ඔක්කොම වගේ පාරට බැහැල, මිදුලට බැහැලා, ඔපිස් වල ලොක්කෝ පවා එලියට බැහැලා එක බැලුවා. උන් සෙට් වෙලා එක එක ඒවා කොරනවා. රස්සාව කරන උන් පවා විනොදාන්සයක් අරකක් මේකක් තියෙනවා. එත් බන් අපිට එහෙම පුරුද්දක් නැහැනේ. අපිට බලෙන් වත් එහෙම පුරුද්දක් එන්නේ නැහැනේ. උදේ නැගිටින්නේ රස්සාව ඔලුවේ තියන්. නින්දට යන්නේ හෙට කරන රස්සාවේ දේවල් ඔලුවේ තියන්, අපිට නිකමටවත් ඔහොම ආසාවක් විනොදාන්සයක් කිසි මගුලක් නැහැනේ. අපි මොකක් පස්සෙද බන් මේ දුවන්නේ?

    උන්ට ඔහොම වෙලා තියෙන්නේ, අපිට කට්ට කළා ගන්න ඕනේ ඒවා උන්ට එච්චර දේවල් නොවෙන නිසාද? නිකන් තරමක් හොඳ වාහනයක් ගන්න අපි (මෙතන මේ මිලියන පතියෝ ගැන නෙමේ කියන්නේ ) කොච්චර කට්ටක් කනවද? කොහෙහරි ට්‍රිපක් ගියත් අපේ ඔලුවේ එන්නේ අපේ පොටෝ ගහන්න, යන්නේ බොන්න එක්කෝ නාන්න, එතනින් එහාට මොකුත් නැහැ.

    මේක බන් ජානවල අව්ලක්ද? එක්කෝ ඒ රටවල ඒ කාලේ ඉඳන් මෙහෙමද? අප්‍රිකාවේ, දකුණු ආසියාව වගේ රටවල කොහොමත් මේවගේ දේවල් නැද්ද? අපි කොටින්ම වැඩම කරපන්, වැඩගැනම හිතපන් සිද්දියේද ඉන්නේ? එක්කෝ මට පිස්සුද? හැම එකාම මෙහෙමද ?
     
    • Like
    Reactions: Solo Rider