සිරිපා සුද්දට විතරද සිංහලු? 😂

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,422
    2,482
    113
    ඇල්ල
    කන්දෙ අය්ය කියන දෙයක් තමා ඉතින්
    කන්දේ අයියගේ කතාව හරි, අමු ගවයෝ කැරි ගෝතයෝ... මොලයක් නැති වුන් පරිසරය විනාස කරනවා.. උඹ කවදාවත් ගිහිල්ලා නැද්ද.. පට්ට වේසියෝ දාර බඩු පඩිපෙලේ ච්‍ර කරනවා මම දැකලා තියෙනවා..

    තිත්තයි අමු ගවයෝන් ගේ වැඩ..
     
    • Like
    Reactions: War Fighter

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,224
    113
    Ohio, USA
    Adams Peak කියන එකේ නියම අර්ථය වටහාගත් උන්වහන්සේට මාගේ ප්‍රණාමය!
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මිඩියා වල දාන එවා ටිකක් පරිස්සමට සැලකිල්ලට ගන්න ලමයි. මොකද ඔකේ හරි ටික වෙනුවට මිඩියා වලට එලියට එන්නේ උන්ට ඔන ටික, මිනිස්සුන්ට එවගේ කැල්ලක් එලියට දැම්මහම තමයි නිකම්ම වයිරල් වෙලා උන්ගේ පේජ් ෆෙමස් වෙන්නේ
     
    • Like
    Reactions: neo7x and Mr Bones

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මූලික අයිතිවාසිකම් කියලා පුරවැසියෙකුට කැමති කැමති වැඩ කරන්න බෑ . ඒවාට සීමා තියෙනවා .. ඒ ඒ ස්ථානවලට අදාල නීති හා රීතීන් ක්‍රියාත්මක වෙනවා . සම්ප්‍රදායනුත් තියෙනවා .. නල්ලූර් කෝවිලට ඇතුල් වෙනවානම් පිරිමි අය උඩුකය නිරුවත් කරන්න ඕනේ . හින්දු වෙන්නම අවශ්‍ය නෑ . ශ්‍රී මහා බෝධිය තියෙන තැනට යන්න දෙන්නෑ .
    :lol:

    නල්ලූර් කෝවිල ට වටේ පාරවල් වල ගෑනු අයට යන්න පුළුවන් .
    සමනල කන්ද කියන්නේ රක්ෂිතයක් පන්සලක් නෙමේ .
    ඒකට තීරණ ගන්න ඕන රජයෙන් නැතුව මූ නෙමේ ,
    අනිත් එක සිරිපාදේ ඔතන කවුරුත් හිටියේ නැහැ , මුන් ඇවිත් බලෙන් පදිංචි උනාට එකේ මූට සිරිපාද පන්සල අයිති වෙන්නේ නැහැ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මූලික අයිතිවාසිකම් කියලා පුරවැසියෙකුට කැමති කැමති වැඩ කරන්න බෑ . ඒවාට සීමා තියෙනවා .. ඒ ඒ ස්ථානවලට අදාල නීති හා රීතීන් ක්‍රියාත්මක වෙනවා . සම්ප්‍රදායනුත් තියෙනවා .. නල්ලූර් කෝවිලට ඇතුල් වෙනවානම් පිරිමි අය උඩුකය නිරුවත් කරන්න ඕනේ . හින්දු වෙන්නම අවශ්‍ය නෑ . ශ්‍රී මහා බෝධිය තියෙන තැනට යන්න දෙන්නෑ .
    නල්ලුර් කියන්නේ පුද්ගලික දේපලක්. ශ්‍රී පාදය කියන්නේ රක්ෂිතයක්. එක රජයට අයිති දෙයක්. එහෙම නැතුව මේ මහත්තයාගේ බූදලයක් නෙවෙයි එයා එහෙම හිතන් හිටියට.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නල්ලුර් කියන්නේ පුද්ගලික දේපලක්. ශ්‍රී පාදය කියන්නේ රක්ෂිතයක්. එක රජයට අයිති දෙයක්. එහෙම නැතුව මේ මහත්තයාගේ බූදලයක් නෙවෙයි එයා එහෙම හිතන් හිටියට.
    නල්ලූර් කාගේ පුද්ගලීක දේපලක්ද ? එතකොට රුවන්වැලි සෑය , ශ්‍රීමහ බෝධියත් පුද්ගලික දේපලක්ද ?

    ශ්‍රී පාදය කියන්නේ රක්ෂිතයක් නෙවෙයි . සමනල කන්දනම් රක්ශිතයක් .

    ශ්‍රීපාද විහාරයේ අයිතිය තියෙන්නේ බෞද්ධ භික්ෂුන්ට තමයි .

    ශ්‍රී පාදය පිලිබඳ මුලින්ම ලිඛිත සාක්ෂි හමුවන්නේ 4 වැනි සියවසේ රචිත පුරාතන ග්‍රන්ථයක් වන දීපවංශයේය. දීපවංශයේ, ශ්‍රී පාදය හඳුන්වා ඇත්තේ 'සමන්ත කූඨ' ලෙසිනි. මහා වංශයේ 32 වැනි පරිච්ඡේදයේ සඳහන් වෙන විස්තර අනුව දුටුගැමුණු රජ සමයේ සමනළ කන්දේ භාවනානුයෝගිව වැඩ සිටි මලියදේව නමැති රහතන් වහන්සේ නමක් ප්‍රමුඛ නවසියයක් භික්ෂුන්ට රජතුමා තණ හාල් වලින් පිසු බත් දන් දුන් බව දැක්වේ. ඒ අනුව ඒ සමය වෙන විට සමනල කන්ද භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය ගතව විසු ස්ථානයක් බව පැහැදිලි වේ. මහා වංශය රචනා කළ ක්‍රි. ව. 5 සිය වස පමණ වන විට වනවිටත් මිනිස්සු බුදුන්ගේ ශ්‍රීපාදය වන්දනා කරපු බවත් ඒගැන දැනගෙන හිටිය බවත් සදහන් ..

    තත්ථ ධමමං දේසයිත්වා සත්තා ලෝකානු සම්පකෝ
    උග්ගන්නා සුමනේ කූටේ පදං දස්සේසි නායකෝ

    ලොවම මහත් අනුකම්පා ඇති අප ශෘස්තෘන් වහන්සේ එහිදී දහම් දෙසා ඊට පසු මැණික් මණ්ඩපයෙන් අහසට පැන නැගි සුමන කූඨ පර්වතය මුදුනට වැඩම කොට ඒ පර්වත මස්තකයෙහි ශ්‍රී පාද ලාංඡනය දක්වා වදාළ.
    මේ විස්තරය අනුව පැහැදිලි වෙන්නේ මහා වංශ රචනා කළ ක්‍රි.ව. 5 වෙනි සියවස වෙන විට බෞද්ධයන් ශ්‍රී පාදය ගැන දැන සිටිය බවයි.

    මිණි අක්නම් නා රජුගේ ආරාධනාවෙන් වෙසඟ මැදි පොහෝ දිනයෙහි ලක්දිවට වැඩ කැලණි මහා සෑය පිහිටි තැන ඔහු විසින් මවන ලද රත්න මණ්ඩපයෙහි රහතන් හා සමඟ වැඩි හිඳ එම නා රජහු විසින් එලවන ලද නිව බොජුන් වළඳා ධර්ම දේශනා කොට රන් සුවහස් නයින් තිසරණ ගන්වා එයින් නික්ම සමන්කුල වසන මහා සුමන නම් දෙව් රජුගේ ආරාධනාවෙන් අහසින් බැස පැල දිග් බලා වැඩ සිට තමන් වහන්සේගේ අටතුරා සියයක් මඟුල් ලකුණෙන් හෙබියාවූ එක් රියන් එක් වීයත් නවගුල් පමණ වූ අයත් ඇතිව වාම ශ්‍රී පාදය සමනල මුදුන් කුල මස්තකයෙහි ලක්ෂණ කොට පිහිටුවා (සද්ධර්මලංකාරය)

    කාශ්මීරයේ මේඝ වර්ණ නම් රජු බු.ව. 563 දී සමන්ත කූටය වන්දනාමාන කර ගත් බව කාශ්මීර ඉතිහාසයේ සඳහන්ව ඇත.

    ADAMS-PEAK LEGENDRAY TRADITIONAL AND HISTORIC NOTICES යනුවෙන් ග්‍රන්ථයක් ලියන විලියම් ස්කීන් මහතා සඳහන් කරන පරිදි වළගම්බාහු රටේ පාලකයා වී මාස පහකින් මාලබාර් ආක්‍රමණිකයන් විසින් බලයෙන් පහ කළ නිසා වන ගත වූ වළගම්බා රජතුමා වසර 14 ක් වන ගතව ගත කිරීමේ දී සමනළ අවධියේදී මුවෙක් පසු පස එළවා යන විට ශ්‍රී පාද ලාංඡනය දැක එය යකඩ වැටකින් ආවරණය කොට ද ඇත.

    වළගම්බා රජතුමා ආක්‍රමණිකයන් පළවා හැර නැවත බලයට පත් වීමෙන් පසු ක්‍රි.පු. 88 දී භික්ෂූන් පන්සිය නමක් මාතලේ අළු ලෙනට වැඩවමා ධර්ම සංගායනාවක් කොට එතෙක් අවුරුදු 217 ක් මුඛ පරම්පරා ගතව පැවැත ආ මිහිඳු හිමියන් වදාළ බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඨ කිරීමට පියවර ගත්තේය. එසේම එතුමා සමන් දෙවියන්ගේ බාරයට පත් කර ඇති සමනළ අඩවිය භික්ෂු සංඝයා උදෙසා ආරණ්‍ය සේනාසනයක් බවට පත් කළ බව ද වංශකතාවල සඳහන් වේ.

    මහා විජයබාහු රජතුමා වන්දනාවේ ගොස් ශ්‍රී පාද ස්ථානයේ අභිවෘද්ධියට කටයුතු කොට ගම්බිම්ද පූජා කරලා තියෙනවා. එතුමා මෙම පූජනීය ස්ථානයේ දියුණුවට කළ කටයුතු ගැන “අඹගමුව” ගිරි ලිපියේ සඳහන් වෙයි. සිරිපා වන්දනාවේ යන අය සඳහා දන් වැට පිණිස ගිලීමලය වෙන් කර දුන් රජතුමා ඌව මාර්ගයෙන් එන අය සඳහා ද දාන ශාලා ඉදි කළ බව එම ලිපියේම සඳහන් වේ. එපමණක් පමණක් නොව රජතුමා හීන කුල වල අය සඳහා වෙනම මළුවක් කළ බවද අඹගමු ලිපියේ දැක්වේ.

    ක්‍රි.ව. 961 දී සොලීන් විසින් මෙහි තිබූ දා ගෙයක් විනාශ කළ බවත් මිහිඳු රජතුමා විසින් එය නැවත කරවන ලද බවත් කියැවෙයි.

    පොළොන්නරු රජ කළ නිශ්ශංක මල්ල රජ ද යුද හමුදාව සමග ශ්‍රී පාද වන්දනාවේ ගිය බව ඔහුගේ පොළොන්නරුව හැටදාගේ ශිලා ලිපියේ සඳහන් වේ. ක්‍රි.ව. 1153 දී රාජ්‍යත්වයට පත් පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා සංඝයා වහන්සේ පිරිවරා ගෙන ශ්‍රී පාද වන්දනාවේ ගොස් එහි සමන් දේවාලයක් කරවූ බව රාජාවලියේ සඳහන් වේ. දෙවැනි පැරකුම්ම්බාවන්ගේ ඇමැතිවරයෙක් විසින්ද සමන් දේව ප්‍රතිමාවක් ගෙන ගොස් දේවාලයක් කොට තැන්පත් කළ බැව් මහාවංශයේ දැක්වේ .

    කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා :ක්‍රි.ව. 1752- හැට අමුණක කෙත් වතු ගෙවතු ගහකොළ ඇතුළු කුට්ටම්පිටිය නම් වූ ග්‍රාමය සහිතව ශ්‍රී පාදස්ථානය වැලිවිට සරණංකර සංඝරාජ මහා නා හිමි ප්‍රමුඛ ශිෂ්‍යයානු ශිෂ්‍ය පරම්පරාව වෙත පිදූ බව ‘වැලිවිට තඹ සන්නසෙහි’ සඳහන් කර තිබේ. රජතුමාගේ නියමයෙන් ප්‍රතිරාජදේව අමැතිතුමා සමන්දෙව් රුවක් සාදවා රන්රුවන් ආභරණයන්ගෙන් සරසා එය සමන්ත කූට ඉස්මත්තෙහි වාඩා හිඳුවා ශ්‍රී පාද මණ්ඩපය කළ බව කියැවෙයි. වීර වික්‍රමබාහු රජතුමා එක් දවසින් සිරිපා කරුණාකර පස් රියනක් උසල පසළොස් රියනක් වට ඇති දොළොස් මහේ පහනක් පූජා කරල ගෙත්තම් පහනේ සිට පියගැට පෙළ 780 ක් ගලින් කළ බව ද පැරැණි තඹ සන්නසක සටහන්ව තිබේ.

    පලාබද්දල මාර්ගයේදී හමුවන ධර්මරාජ ගල යන ස්ථානයේ පඩි පෙළ සාදා ඇත්තේ කීතීර් ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ ධර්මාලංකාර සෙනෙවිරත්න පණ්ඩිත මුදියන්සේ පරපුරේ කෙනෙක් විසින් බව ‘ධර්මරාජ ගල් සන්නස’ අනුව අනුමාන කෙරෙයි.

    ක්‍රි.ව. 1747 දී රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා වැලිවිට අසරණ සරණ සරණංකර හිමිපාණන් මඟ පෙන්වීම යටතේ යළිත් මෙරට උපසම්පදාව පිහිටුවීමට කටයුතු කළේය. වැලිවිට හිමියන් කළ උදාර සේවය සලකා උන් වහන්සේට සංඝරාජ පදවිය පිරි නැමු රජතුමා ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය ද සන්නස් පත්‍රයකින් උන් වහන්සේට පිරිනමා ඇත. ඇත්ත වශයෙන්ම රජතුමා සංඝ රජ හිමියන්ට ශ්‍රී පාදයේ අයිතිය පිළිබඳ සන්නස් පත්‍රය පිරි නැමුවත් එහි පාලනය සමග පහතරට නායක ධුරය වේහැල්ලේ හිමියන්ට පවරා ඇත.

    කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ට පෙර හිමිවරුන් හතර නමක් පැල්මඩුල්ලේ වාසය කරමින් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත. ඉන් පළමු වරට ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත්තේ මඩගම්මන සාමණේර හිමිය. ශිව ආගමිකයන්ගෙන් ශ්‍රී පාදස්ථානය මුදාගෙන යළි බෞද්ධ පාලනයට ගෙන ඇත්තේ උන්වහන්සේය. රාජාධි රාජසිංහ රජ සමයේ ශ්‍රී පාදස්ථානයේ අයිතිය මල්වතු මහා විහාරයට පවරන ලදි. ඒ 1789 දීය. ඒ අනුව මොරතොට ශ්‍රී ධම්මක්ඛන්ධ නාහිමි. ශ්‍රී පාදස්ථානයේ නායක හිමි බවට පත් වූහ. මඩගම්මන හිමියන්ගේ සිට මොරතොට හිමි දක්වා හිමිවරුන් 9 දෙනෙක් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය උසුලා ඇත. 1826දී මල්වත්තේ නායක හිමියන් අපවත් වූ විට රත්නපුර ආණ්ඩුවේ ඒජන්ත වරයා වූ ජියෝ ටර්නර් ආණ්ඩුවට දන්වා ඇත්තේ ශ්‍රීපාදස්ථානයේ භාරකාරත්වය ගාල්ලේ මේධංකර හිමියන්ට පවරන ලෙසයි. ඒ මහතා එසේ දන්වා අත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදාව ලත් භික්ෂුන් කැඳවා අදහස් විමසීමෙන් පසුවය. ගාල්ලේ හිමියන්ට ශ්‍රීපාදස්ථානයේ භාරකාරත්වය පැවරූ පසු පිළිවෙළින් ඉඳුරුවේ සුමංගල හිමි, පරකුඹුරේ හිමි සහ ගලගම අත්ථදස්සී යන හිමිවරුන් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත.

    1866 දී ගලගම හිමියන් අපවත් වූ පසු එවකට මල්වතු පාර්ශ්වයේ සිල්වත් කමින්, උගත් කමින් හා බුද්ධිමත් බවෙන් ඉහළ ස්ථානයකට පත්ව මහත් ගෞරවයට පාත්‍රව සිටි ශික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවිය පිරිනමා ඇත. එයින් පසුව ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවිය භික්ෂූන් වහන්සේලා කීප නමක්ම දරා 1954 දී මොරොන්තුඩුවේ ධම්මානන්ද හිමියන්ට එය පවරන ලදි. මොරොන්තුඩුවේ හිමි ශ්‍රී පාදස්ථානයේ දියුණුවට වැඩ කටයුතු රාශියක් කරන ලද අතර එහි පරිපාලන කටයුතුවල විශාල වෙනසක් ද කරන ලදි. උන් වහන්සේගේ පරිපාලන කටයුතු ප්‍රතිසංවිධානය යටතේ සිද්ධස්ථාන නිලධාරීන්ගේ රාජකාරි හා වගකීම් ලේඛන ගත කරන ලදි. එසේම එහි නිල පූජා විධි ක්‍රමයක් ද ඇති කළේ උන්වහන්සේය.

    වර්තමානයේ ශ්‍රී පාදස්ථානයේ භාරකාර හිමියන් තෝරා පත් කර ගනු ලබන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදා භික්ෂුන්ගේ ඡන්දයෙනි. පසුගිය කාලයක් හඳපාන්ගොඩ විමල නාහිමියන් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය ඉසිලු අතර පසුගිය වර ඡන්ද විමසීමේ දී තේරී පත් වූයේ බෙංගමුවේ ධම්මදින්න නායක හිමිපාණන්ය.


    :lol:

    නල්ලූර් කෝවිල ට වටේ පාරවල් වල ගෑනු අයට යන්න පුළුවන් .
    සමනල කන්ද කියන්නේ රක්ෂිතයක් පන්සලක් නෙමේ .
    ඒකට තීරණ ගන්න ඕන රජයෙන් නැතුව මූ නෙමේ ,
    අනිත් එක සිරිපාදේ ඔතන කවුරුත් හිටියේ නැහැ , මුන් ඇවිත් බලෙන් පදිංචි උනාට එකේ මූට සිරිපාද පන්සල අයිති වෙන්නේ නැහැ
    නොදන්නා ලබ්බවල් කීමට ගොස් වරිගය නහගන්න පෙර හොයා බලා කරුණු කීම සුදුසුය ..