14 වියැති පෙම්වතිය මාස 4 ක් අපයෝජනය කළ 32 පෙම්වතා වසර 21 ක් හිරේට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාසල් සිසුවියක් වන 14 හැවිරිදි වියේ පසු වූ පෙම්වතිය පැහැරගෙන ගොස් මාස හතරක කාලයක් තබාගෙන අපහරණය කර දූෂණය කළ බව කියන තිස් දෙහැවිරිදි පෙම්වතාට වසර විසි එකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා නියම කළේය.



    මෙසේ සිර දඬුවම් නියම වූයේ ඌරගස්මංහන්දිය ලේනගල්පළාත පදිංචි දුමින්ද දිනේෂ් ලියනගේ නමැති අයෙකි. මේ සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙන මොහු 2019 ජූලි මස දහසය වැනි දින හෝ ඊට ආසන්න දිනයක පැහැරගෙන ගොස් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ සිටියදී මාස හතරකට පසු මව විසින් සොයාගෙන තිබේ.

    මොහුට වරෙන්තු නිකුත් කර තිබිය දී පනාමුර පොලිසියෙන් ඉකුත් ජනවාරි පස් වැනි දින අත්අඩංගුවටගෙන ඌරගස්මංහන්දිය පොලිසියට භාර දී තිබේ.

    ඒ අනුව මොහු මැයි මස දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

    බාල වයස්කාර දැරියක් පැහැරගෙන යෑම, දූෂණය කිරීම සහ අපහරණය කිරීම යන චෝදනා තුනටම වරද පිළිගත් හෙයින් වසර විසි එකක බරපතළ සිර දඬුවමක් ද, රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් සහ එක චෝදනාවට රුපියල් පන්දහස බැගින් රුපියල් පහළොස් දහසක දඩ මුදලක් ද ගෙවන ලෙස නියම කළේය. වන්දි මුදල නොගෙවන්නේ නම් වසර දෙකක සිර දඬුවමක්ද, දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුන බැගින් සිර දඬුවමක්ද විනිසුරුවරයා නියම කළේය.

    පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ තුපේෂලා තිලකරත්න මහත්මිය පෙනී සිටි අතර ඌරගස්මංහන්දිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න උපුල් මහතා නඩුව මෙහෙයවීය.


    අහුන්ගල්ල - අනුර යසමිත්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    මෙසේ සිර දඬුවම් නියම වූයේ ඌරගස්මංහන්දිය ලේනගල්පළාත පදිංචි දුමින්ද දිනේෂ් ලියනගේ නමැති අයෙකි.

    දැක්කනේ මාලබේ තැරි බයියද කොහෙද. 😹

    දූෂණයක්, හොරකමක්, බලුකමක්, ජඩකමක් නං එතන සාටක පෝට්ටු බයියෙක් ඉන්නවා.

    මේක තමා නිව්ටන්ගේ හතරවන නියමය
    @2osama @weer 11
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,007
    113
    Milagiriya
    දැක්කනේ මාලබේ තැරි බයියද කොහෙද. 😹

    දූෂණයක්, හොරකමක්, බලුකමක්, ජඩකමක් නං එතන සාටක පෝට්ටු බයියෙක් ඉන්නවා.

    මේක තමා නිව්ටන්ගේ හතරවන නියමය
    @2osama @weer 11
    @erozan?
     
    • Haha
    Reactions: shenat

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    14 හැවිරිදි වියේ පසු වූ පෙම්වතිය පැහැරගෙන ගොස් මාස හතරක කාලයක් තබාගෙන අපහරණය කර දූෂණය කළ


    රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් 😕
     
    • Sad
    Reactions: shenat

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    817
    558
    93
    පාසල් සිසුවියක් වන 14 හැවිරිදි වියේ පසු වූ පෙම්වතිය පැහැරගෙන ගොස් මාස හතරක කාලයක් තබාගෙන අපහරණය කර දූෂණය කළ බව කියන
    දන් මේ ළමයට 20 year, history එක අසල්වැසියන්ට අමතක වෙලා ඇත්තේ, පව් නේද, ආයමත් මතකය අලුත් වුණාම
     

    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    140
    43
    Moka
    දන් මේ ළමයට 20 year, history එක අසල්වැසියන්ට අමතක වෙලා ඇත්තේ, පව් නේද, ආයමත් මතකය අලුත් වුණාම
    Mokak
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,210
    113
    අරූ දැන් හිතනවා ඇති කීයක්හරි දීලා SPA ගියානම් ඉවරයි කියල..:D :D
     

    Similar threads