ඉන්දියාවේ මැතිවරණ සුළු ජය මෝදිට භූමිකම්පාවක් වෙන හැටි...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    RMi8cuL.jpeg


    ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය තුළ සිදුවූ 2024 මැතිවරණයෙන් ඉන්දියාවේ "දේශපාලන භූමිකම්පාවක්" සිදුව ඇති බව මේ වනවිට විශ්ලේෂකයින් විස්තර කර තිබේ.

    Bloomberg Podcast වැඩ සටහනකට අද (5) උදෑසන සම්බන්ධවූ දකුණු ආසියානු දේශපාලන විශ්ලේෂකයින් කිහිපදෙනෙකු මේ සම්බන්ධව කළ විග්‍රහය කලාපයේ රටක් හැටයට ශ්‍රී ලංකාවටද වැදගත්ය.
    පහත පළවන්නේ එහිදී පළවූ අදහස්ය.

    මැතිවරණ ප්‍රතිඵල අනුව මෝදි අගමැති වුවත් ඔහුගේ තනතුර බොහෝ සෙයින් පිරිහී ගොස් ඇති බව ප්‍රතිඵල වලින් පැහැදිලිය. ඉදිරියට ඔහු එම මෝදි ම නොවනු ඇත.

    ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරන ප්‍රතිඵලයක් වුවත් මෙය හොඳ දෙයක් නොවිය හැකි බව ඇතැමෙකුට තර්ක කළ හැකිය. බුද්ධිමත්, ශක්තිමත් කෙනෙකුගේ බලය පිරිහීයාම ඉදිරිය තුළ අවදානමක් මතු කරයි. බලය හැමවිටම හැම තීරණයේදීම පරීක්ෂා කිරීමට අවශ්‍ය වේ.

    විශ්ලේෂකයින්ගෙන් පමණක් නොව, ඡන්දදායකයින්ගෙන්ද බොහෝ විට අසන්නට ලැබෙන වචනය සමබරයි යන්නයි.ඉන්දියානු ඡන්දදායකයා වැඩි සමබරතාවයකට ඡන්දය දී ඇත.

    අග්‍රාමාත්‍ය මෝදි ආර්ථික පැත්තෙන් යම් යම් ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යනු ඇතැයි සිතෙන නමුත් ඔහු රටේ වර්ධනය සහතික කරන්නේ කෙසේද යන්න ගැන සිතා බැලිය යුතුය.

    ජීවන වියදම සම්බන්ධයෙන් ගත් කල අසමානතාවය, රැකියා විරහිතභාවය සහ උද්ධමනය මෙම ප්‍රතිඵල කඩාවැටීමට සෘජු ලෙස බලපා ඇත.

    ඉදිරි දින කිහිපය තුළ විශ්ලේෂකයින් විසින් කරනු ලබන එක් දෙයක් නම් එක් එක් ප්‍රාන්තවල දක්වා ඇති සංඥාවන් කුමක්දැයි බැලීමයි.

    විශේෂයෙන්ම ග්‍රාමීය ඡන්දදායකයින් ආර්ථික දුෂ්කරතා අත්විඳින බවත්, උද්ධමනය සහ මිල ගණන් ගැන කලකිරී සිටි බවත්, ඇත්තෙන්ම අසතුටු වූ බවත් පෙනෙන්ට තිබේ.

    බැංගලෝර් පිහිටි දකුණු ප්‍රාන්තයේ කර්නාටක ප්‍රාන්තයේ ප්‍රාන්ත මැතිවරණයේදී පවා අගමැති මෝදිගේ සුභසාධන යෝජනා ක්‍රම, මුදල් මාරු කිරීම් ක්‍රම අගය කළ නමුත් ඔවුන්ට රැකියා අවශ්‍ය බවත් ඒවා සම්පූර්ණ නැති බවත් දන්වා තිබුණි.

    අගමැති මෝදි සභාගයක් පිහිටුවීමට පමණක් නොව ඉදිරි මාස කිහිපය තුළ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා මොනවාද යන්න ගැන සිතන්න උත්සාහ කරන විට මෙම කඩා වැටීම මතුවන්නට නියමිතය.

    සභාගය තවමත් බලයේ සිටින නිසාත් මෝදි තවමත් ප්‍රමුඛයා වන නිසාත් ඇත්ත වශයෙන්ම එතරම් වෙනස් වීමක් නැතැයි බැලුබැල්මට පෙනෙයි.

    නමුත් වෙනසක් දකින්නේ ගනුදෙනු කරන්නට සිදුවන විදිහ අනුවය. අගමැති මෝදි කවදාවත් හවුල් ආණ්ඩුවක් සමඟ ගනුදෙනු කිරීමට සිදු නොවූ කෙනෙකි.
    ඔහු වසර ගණනාවක් ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයකු හෝ ඊට සමාන ආණ්ඩුකාරවරයකු විය.ඔහු අවුරුදු දහයක් අගමැති වී ඇත,

    නමුත් ඔහුට සෑම විටම බහුතරය තිබී ඇත. නමුත් මෙවර නැත.

    ඒ නිසා යම් වෙනසක් සිදු කිරීමට සිදුවනු ඇත, ඔවුන්ට හවුල්කරුවන් අවශ්‍ය වන්නේ ආසන 30, 40 ක් පමණක් වුවද, අගමැති මෝදිට දැන් සභාග හවුල්කරුවන් සමඟ ගනුදෙනු කිරීමට සිදුවී ඇති කාරණයෙන් ඒවා වෙනස් වනු ඇත.

    ඉදිරි මාස කිහිපය තුළ අපට දැකගත හැකි දෙවන කරුණ වන්නේ අභ්‍යන්තරව පක්ෂයට යම් අනුවර්තනයක් සිදුවන්නට ඉඩ ඇති බවයි.එසේ නොවුණහොත්, 2019 සහ 2014 වසරවල සිට ඡන්දදායකයින් පවා ඔවුන් නොපිළිගන්නා බවට ඒත්තු යනු ඇති අතර අගමැති මෝදි සහ ඔහුගේ පක්ෂය ඡන්දදායකයින්ට සංඥාවක් ලබා නොදුන්නේ නම්, ඔවුන්ට අනාගතයේදී විශාල පරාජයන් අත්වනු ඇත.

    මෙවර සිදුවූ ප්‍රධාන වෙනසක් නම් රාහුල් ගාන්ධිගේ දෑත් කෙතරම් ශක්තිමත් වූවාද යන්නයි.

    මෙම ප්‍රතිඵල වලින් අනිවාර්යයෙන්ම ඉන්දියාවේ ඔහුගේ ප්‍රතිරූපය වෙනස් කර ඇත.ඔහු කොන්ග්‍රස් පක්ෂයට ජයග්‍රහණයක් ලබා දිය නොහැකි පුද්ගලයෙකු ලෙස සලකා තිබුණි.

    තාක්ෂණික වශයෙන් ඔහු හැමවිටම නායකයා වූයේ නැති අතර කොංග්‍රස් පක්ෂයේ තවත් නායකයෙක් සිටින නමුත් රාහුල් ප්‍රචාරණය පිණිස එහි 'මුහුණ' ලෙස සලකා කටයුතු කළේය.

    ඒ නිසා විපක්ෂය ඉදිරියට පැමිණීම සමග රාහුල්ගේ ප්‍රතිරූපය වර්ධනය වී ඇති අතර එය ඡන්දදායකයින්ගේ මනසෙහි පමණක් නොව, ආඛ්‍යානය තුළ ද පවතිනු ඇත. එය ඉන්දීය දේශපාලනයේ ඉතා වැදගත් පනිවිඩයක් විය හැකියි.

    ආඛ්‍යානය තුළ, භාරතීය ජනතා පක්ෂය ඔහුව පරාජිතයෙකු ලෙස නිරූපණය කිරීමට දැරූ තැත වෙනස් වෙයි. භාරතීය ජනතා පක්ෂයට කැමති පරිදි ඔහුව නෙරපා හැරීමට මින් පසු නොහැකිය.
    අපි මීළඟට ඉන්දියාවට යමු, එහිදී අගමැති නරේන්ද්‍ර මෝදි තම පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වුවද ඔහුගේ භූමිකාව දිගටම කරගෙන යන බවට සපථ කර ඇත.

    මෙවර ප්‍රතිඵලය මෝදිට එල්ල වූ විස්මිත පහරකි. ජනතාව වෙනසක් ගැන ඉඟි කර ඇත.පසුගිය කාලයේ ඉන්දියාව 8% කින් වර්ධනය වී ඇති ආකාරය විශේෂිතය. එය g 20 රටවල් අතර වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයයි. නමුත් ජනතාව ඊට විරුද්ධව ඡන්දය ලබාදී ඇත.

    දේශපාලන භූමිකම්පාවක් මතු කර ඇත.
    ඇත්තටම භූමි කම්පාව සිදුවන්නේ ඉදිරි දිනවලදීය. මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ආසන 241ක් හිමි විය. බහුතරය අවශ්‍ය වූයේ 272කි ඒ ගණන ඔහු පියවන්නේ තමන් සමග ගිවිසුම් ගත සන්ධානය මගිනි.

    ගැටලුව වන්නේ එකී සන්ධාන මිත්‍ර පාක්ෂිකයින් දෙකේ නායකයන් පෙරළී වලට දැන් ලක්ව තිබීමයි.ඔවුන් පසුගිය මාස කිහිපය තුළ පෙරළී ඇත.

    ඇත්ත වශයෙන්ම, ඔවුන් සන්ධානයට එකතු වූයේ මීට මාස කිහිපයකට පෙරය.
    එබැවින් ඔවුන්ව පැත්තකට කර ගත හැකි බව මෝදි විශ්වාස කළේය.මිත්‍ර පාර්ශ්වයේ ප්‍රකාශකයෙකු මූලික වශයෙන් සභාගයට සහයෝගය තහවුරු කරන නමුත් එය ඔවුන්ට යම් බලයක් ලබාදී ඇත.

    කෙටියෙන් පැවසුවොත් ඔවුන් මෝදීට කැමති හෝ අකමැති කොන්දේසි දමනු ඇත. ඒ සියල්ල පිළිනොගෙන මෝදිට වැඩ කළ නොහැකි වනු ඇත.

    මෝදි පරාජිතයෙකු නොවන නමුත් ඔහු බලාපොරොත්තු වූ දේ සාක්ෂාත් කරගන්නට බැරිව ගියේය. නිදහසේ රට පාලනය කර අවසන්ය. භූමි කම්පාව පැන නගින්නේ මෙතැනය.

    කෙසේ නමුත් ඉන්දියාවට මෝදිට විකල්පයක් ගැන කතා කරන්නේ නම්, කිසිවක් නැත.අනුප්‍රාප්තික සැලැස්ම ගැන කවුරුත් කතා කළේ නැත.

    නමුත් දැන් බලය තිබෙන්නේ ප්‍රාදේශීය නායකයන් අතේ වීම ගැටලුවකි. හිසරදයකි, මෝදිට ඔවුන් පසුපස යන්නට සිදුවන අතර බලය හොඳ කොටස ඇත්තේ එම මිත්‍ර පාක්ෂිකයින් අතේය.

    විපක්ෂය මෙන්ම භාරතීය ජනතා පක්ෂය ද එම බහුතරය ලබා ගැනීමට අසමත් වුවහොත් එල්ලූ පාර්ලිමේන්තුවක් ඉදිරියේදී අපට දැකගත හැකිය.



     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Eka hodai indian un kawadawath nathuwa uda pana pana hitiye modi awada passe tama. Poddak Hari bimata bahi dan padayo tika.anith ratawal welatath angili gahanna giya hoda wade. Canada we athule game denna giya eka yata giya, bangladesh welata game dunna, nepaleta game dunna, apita kelewwa. Pakkanta kelewwa. Hodama wade okunta. Hadata giya kiyala ali puken hitiye. Habai eke battery bahala aith dead welama giya rover eka. Dan meek na eka gana
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Eka hodai indian un kawadawath nathuwa uda pana pana hitiye modi awada passe tama. Poddak Hari bimata bahi dan padayo tika.anith ratawal welatath angili gahanna giya hosa wade. Canada we athule game denna giya eka yatagiya, bangladesh welatabgamw dunna, nepaleta gane dunna, apita kelewwa. Pakkanta kelewwa. Hodama wade okunta. Hadata giya kiyala ali puken hitiye. Habai eke battery bahala aith dead welama giya rover eka. Dan meek na eka gana
    ඒත් ඉතිං මෝඩියා දෙමළුන්ව ගනන් ගත්තෙ නෑ එච්චර ඔය ඡන්දෙ කලෙකට හැර. හැබැයි දැන් උන්ටත් ඩිමාන්ඩ් කරන්න පුලුවන් එක එක ඒවා.
     
    • Like
    Reactions: NRTG

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඒත් ඉතිං මෝඩියා දෙමළුන්ව ගනන් ගත්තෙ නෑ එච්චර ඔය ඡන්දෙ කලෙකට හැර. හැබැයි දැන් උන්ටත් ඩිමාන්ඩ් කරන්න පුලුවන් එක එක ඒවා.
    Demalawa ganan gattata ealama denne na. Eealama kiyannw lankawebuthuru nagane hira and south india. 😁😁 loweth tamil ealamak hadanna indiawa ida tiyanne na. Eka parawalallak wela untama karakenawa
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Eka hodai indian un kawadawath nathuwa uda pana pana hitiye modi awada passe tama. Poddak Hari bimata bahi dan padayo tika.anith ratawal welatath angili gahanna giya hoda wade. Canada we athule game denna giya eka yata giya, bangladesh welata game dunna, nepaleta game dunna, apita kelewwa. Pakkanta kelewwa. Hodama wade okunta. Hadata giya kiyala ali puken hitiye. Habai eke battery bahala aith dead welama giya rover eka. Dan meek na eka gana

    :yes:.. මෝදි කියන්නේ බැටළු හම පොරවගත්ත වෘකයෙක්. අදානි වගේ පල් හොරු ලං කරන් තමා ගේම් ගහන්නේ..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Demalawa ganan gattata ealama denne na. Eealama kiyannw lankawebuthuru nagane hira and south india. 😁😁 loweth tamil ealamak hadanna indiawa ida tiyanne na. Eka parawalallak wela untama karakenawa
    ඊළමම නෙමෙයි උන් පොර්ක් සමුද්‍ර සන්ධිය හරහා නැව් යවන්නයි. වරායක් හදන්නයි යෝජනාවක් තියෙනවා . එහෙම උනොත් අපිට අවාසියි නේද .
     
    • Like
    Reactions: NRTG

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :yes:.. මෝදි කියන්නේ බැටළු හම පොරවගත්ත වෘකයෙක්. අදානි වගේ පල් හොරු ලං කරන් තමා ගේම් ගහන්නේ..
    Ow. Modita wada mahindaya hoda wenne wena ratawal welata angili gahapu nathi eka. Echchcharai. Mahinda Pro thama indiawe modi.
    ඊළමම නෙමෙයි උන් පොර්ක් සමුද්‍ර සන්ධිය හරහා නැව් යවන්නයි. වරායක් හදන්නයි යෝජනාවක් තියෙනවා . එහෙම උනොත් අපිට අවාසියි නේද .
    Mama deshapalana wishleshakayek nemai ban owa danaganna. Man me mehe news welai, mehe innna indian ungen hasirima anuwa kiwwe owa. Umba dannawada eeye ekek chanda prathipala balannama leave dagatta ape office eke indian ekek. 😅😅😅
    Ah anith eka practically aurudde hama dawasema othanin naw yanna ba ban echchara gamburu muhudak nemai. Warayawal hadala naw yawa ganna unta ba othanin. Kalen kaleta wathura adu wadi wenawa.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    මොනවා උනත් මෝදී ආයේ ආව එක ලංකාවට හොඳයි. අර ගෝතයා රාහුල් ආවනම් අයෙත් කොටි ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා ෂුවර්. මු චන්දෙ ගන්න ඕනෑම බලු වැඩක්‌ කරන ලංකාවේ දේශපාලකයෙක් වගේම තමයි. තාත්තව බෝම්බයක් පුපුරවලා මරපු උන් එක්කත් ලව් එකට ගියා දෙමල චන්ද වලට කෑදර කමට
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Eka hodai indian un kawadawath nathuwa uda pana pana hitiye modi awada passe tama. Poddak Hari bimata bahi dan padayo tika.anith ratawal welatath angili gahanna giya hoda wade. Canada we athule game denna giya eka yata giya, bangladesh welata game dunna, nepaleta game dunna, apita kelewwa. Pakkanta kelewwa. Hodama wade okunta. Hadata giya kiyala ali puken hitiye. Habai eke battery bahala aith dead welama giya rover eka. Dan meek na eka gana

    Apita U.S.D 4 Billion dunna ekama rata. Athyavashyama velave. Vena eka ratak sathayak dunne na. Mathakada?
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Apita U.S.D 4 Billion dunna ekama rata. Athyavashyama velave. Vena eka ratak sathayak dunne na. Mathakada?

    බෝම්බ ගස්සල රටේ අාර්ථිකේ වට්ටලා රටම බංකොලොත් කරවලා පොඩි ණයක් දීලා තමා රටේ හොඳම ටික ලියාගන්න පුළුවන්..අනේ උඹල වගේ මෝඩයෝ..වෙන ඵක රටක්වත් සතයක් දුන්නෙ නැහැලු..හම්මෝ🤣🤣🤣