♦️විමල් වීරවංසට වැඩ වරදී උසාවිය මග හරින්න බඩේ අමාරුවට මාතෘ නිවාසයකින් මෙඩිකල් අරන් – දොස්තර උසාවි කැඳවයි🤣

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,636
    8,318
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සහ ඔහු රෝගීව සිටින බව තහවුරු කෙරෙන ආකාරයේ වෛද්‍ය සහතිකයක් නිකුත් කළ පානදුර ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක වෛද්‍යවරයකුට අධිකරණය ඉදිරියේ පෙනීසිට කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (18) සිතාසි නිකුත් කළේය.
    උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 75කට අධික මුදල් හා දේපොළක හිමිකාරීත්වයක් දැරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව පනවා ඇති අල්ලස් නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අසනීප බව දන්වා අධිකරණය ඉදිරියේ පෙනීනොසිටි විත්තිකරුට එරෙහිව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබාදුන්නේය.
    සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේනගේ මෙහෙය වීම යටතේ පැමිණිල්ලේ 2 වැනි සාක්ෂිකරු ඊයේ (18) සාක්ෂි දීමට නියමිතව තිබිණි. නඩුව කැඳවූ අවස්ථාවේ සාක්ෂිකරු දිවුරුම්පිට සාක්ෂි දීමට ඉදිරිපත් විය.
    එහිදී විමල් වීරවංශගේ මන්ත්‍රී ආරක්ෂකයා ලෙස ක්‍රියාකරන උප පොලිස් පරීක්ෂක එම්. සිරිරත්න අධිකරණය ඉදිරියේ පෙනීසිටිමින් වෛද්‍ය සහතිකයක් දක්වා සිටියේය.
    ජනාධිපති නීතිඥ ජයන්ත ප්‍රනාන්දු එය රැගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් සිය සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන බවට කරුණු දක්වා සිටියේය.
    එම වෛද්‍ය සහතිකය අධිකරණය ඉදිරියේ කියවනු ලැබූ අතර විත්තිකරුට ආමාශ අන්ත්‍රයික (ගැස්ට්‍රයිටිස්) රෝගයක් පවතින බව එයින් කියැවිණි.
    පානදුර ප්‍රදේශයේ මෙඩිකෙයා නම් ආරෝග්‍ය ශාලාවක ලිපි ශීර්ෂය යටතේ නිකුත් කර තිබුණු එම වෛද්‍ය සහතිකයේ වෛද්‍ය අත්සන කේතුමතී නම් මාතෘ නිවාසයක රබර් මුද්‍රාව යටතේ කර ඇති බව කරුණු විමසීමේදී අනාවරණය විය.
    පසුගිය 14 වැනිදා දින දාතම දරන එම වෛද්‍ය සහතිකය අනුව විත්තිකරු බලවත් රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහු ඉදිරි දින 5ක් විවේක නිවාඩු ගතයුතු බව දක්වා තිබිණ.
    මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මන්ත්‍රී ආරක්ෂක නිලධාරියාගෙන් විත්තිකරුගේ රෝගී තත්ත්වය ගැන වැඩිදුර කරුණු විමසන ලදී. එහිදී උප පොලිස් පරීක්ෂක එම්. සිරිරත්න පිළිතුරු දෙමින් පසුගිය දින 3 තුළ විත්තිකාර මන්ත්‍රීවරයා නිවෙසින් පිටතට නොගොස් සිය කාමරය තුළම සිටි බව විවෘත අධිකරණය ඉදිරියේ කියා සිටින ලදී. පොලිස් නිලධාරියා එහි වගකීම දරමින් අධිකරණය ඉදිරියේ එම ප්‍රකාශයේ කළ බව නිගමනය කළ අධිකරණය ඒ පිළිබඳ තවදුරටත් කරුණු විමසීම කළේය. එම අවස්ථාවේදී සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන කරුණු දක්වමින් විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙයට පෙර අවස්ථා ගණනාවකදී රෝගී බව පවසා අධිකරණය මඟහැර සිටි බව හා ඒ අනුව සිතාසි නිකුත් කිරීමට ලක්ව ඇති බව සිහිපත් කළාය.
    විත්තිකරු 2019 ඔක්: 02දා, 2021 පෙබ: 16දා, 2022 සැප්: 13දා, 2023 ඔක්: 27දා, 2023 දෙසැ: 12දා සහ 2024 මාර්තු 01දා වශයෙන් මෙයට පෙර අවස්ථා 7කදී බඩේ අමාරුව බව පවසා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි බැවින් ඒ ගැන අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටියාය.
    විත්තිකරු රෝගී බව පවසා නඩු විභාගයට සහභාගි නොවීම ගැන දැඩි ලෙස අවධානය යොමුකළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මෙවැනි තත්ත්වයක් අධිකරණය කිසිවිටකත් අනුමත නොකරන බව ප්‍රකාශ කළේය. දෙපාර්ශ්වයේ එකඟතාව අනුව නඩු දිනයක් යොදාගත් පසු අසනීප බව පවසා වෛද්‍ය සහතික ඉදිරිපත් කර විත්ති පාර්ශ්වය අධිකරණයට නොපැමිණීම සිදුකරයි නම් එය යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය බලවත් ලෙස බාධාකිරීමක් බව පෙන්වා දන්නේය.
    ඒ අනුව චූදිතට ප්‍රතිකාර කිරීමට අදාළ සියලු ලේඛනවල සහතික පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිරෝගා මෙඩි කෙයා බෙහෙත් ශාලාවේ වෛද්‍ය රොෂන් ලියනාරච්චිට නියම කළේය.
    ඒ අනුව මීළඟ නඩු දින විත්තිකරුට ප්‍රතිකාර කිරීමට අදාළ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් එමඟින් අදාළ වෛද්‍යවරයා චූදිත කුමන දිනවල කුමන වේලාවන් තුළදී ප්‍රතිකාර කළේ ද යන්න තහවුරු කළ යුතු බව කියාසිටින ලදී.(දිනමිණ)
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,076
    2,562
    113
    ඕක හදන්නේ ඡන්දෙ පහු වෙනකල් ගේමක් ගහලා නඩු කල් දා ගන්න. ලැබෙන ඡන්ද ටික හෙට්ටු කරලා කොහෙට හරි පැනලා හිලව්වට නඩු ටික නිදහස් කර ගන්න. මුට දැන් මුලග්ගින්න හැදිලා ඇත්තේ චන්දෙන් කෙල වෙන බව තේරෙනකොට.

    බොහෝ දුරට රනිල් මේ වගේ නඩු තද කරන සිද්දියකුත් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ හිගන බට්ටෝ ලේසියෙන් බා ගන්න පුළුවන්
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    See the personality of Ex Jeppa! They all pretend to have a very high personality, but in reality, those are slimy, gutless thieving buggers. They are using motherland, international conspiracy, Indian expansionism, and blah blah to deceive clueless voters.
     
    • Like
    Reactions: speedmalli

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඕක හදන්නේ ඡන්දෙ පහු වෙනකල් ගේමක් ගහලා නඩු කල් දා ගන්න. ලැබෙන ඡන්ද ටික හෙට්ටු කරලා කොහෙට හරි පැනලා හිලව්වට නඩු ටික නිදහස් කර ගන්න. මුට දැන් මුලග්ගින්න හැදිලා ඇත්තේ චන්දෙන් කෙල වෙන බව තේරෙනකොට.

    බොහෝ දුරට රනිල් මේ වගේ නඩු තද කරන සිද්දියකුත් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ හිගන බට්ටෝ ලේසියෙන් බා ගන්න පුළුවන්
    ඔව් චන්දෙට කලින් චන්දෙට අවාසි වෙන කටවල් වලට ප්ලාස්ටර් අලවගෙන අලවගෙන යනව එතුමා😷
     
    • Like
    Reactions: wqe123