Kalki 2898 AD (movie) 🪓⛏️🏹⌚

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,792
    39,686
    113
    Homagama
    ඉන්දියාවත් දැන් අමුතු අමුතු වැඩනේ කරන්න හදන්නේ

    Kalki 2898 AD
    2024
    IMDB 7.5


    MV5BMTM3ZGUwYTEtZTI5NS00ZmMyLTk2YmQtMWU4YjlhZTI3NjRjXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg


    ඉන්දියාව Sci-fi post-apocalyptic ෆිල්ම් එකක් හදනවා කිව්වොත් බලන්න හිතෙනවාද එක පාරට? මට නම් හිතුනේ නැ. මුන් හැමමගුලටම වන්දනිය භාරතීය උකුළු මුකුළු ඔබන නිසා මේවාගේ එකක් දැක්ක ගමන් ෆිල්ම් හෝල් එකේ බලන්න හිතුනේ නැ. අමිතබ් බච්චන්, ප්‍රබාස් කියවෙද්දිම එක්කෝ ඔනා නැ කියලාමයි හිතුනේ.
    ලගදි දවසක මේක netflix දිපු නිසා ඔන්න ඔහේ බලනවා කියලා බැලුවා. බලං ඉන්න පුලුවන් කතාවක් නේ.

    කතාව මුල් තත්පර කිහිපය (ඕපනින් ක්‍රෙඩිට්ස්) යන්නේ මහභාරතයේ කුරුක්ෂේත්‍ර යුද්ධයේ වැදගත් ටිකක්. බීෂ්ම ඊතල සෑය මත ඉන්න අයිකොනික් සීන් එකෙන් අශ්වතාමාගේ සමාව දිය නොහැකි ලෝක පාපය වෙත කැපෙනවා. ඩයිහාඩ් මහාභාරත රසිකයෙක්ට මේක සුපිරි ආශ්වාදයක්. අපි මහභාරතය ගැන කතා කරලා නැ නේද. දවසක කරමු.

    එනිවේ එතැනින් එහාට යන්නේ කලියුගයේ ලෝක විනාශය හා එකෙ ගැලවුම්කාරයා බිහිවිම ගැන කතාව . තැන තැන කොපි කිරිලි නැතුව නෙවෙ⁣යි. Dune එක, avengers එකේ කෑලි මට පෙනුණා.

    සමස්ථයක් ලෙස බලන් ඉන්න පුලුවන් කතාවක්. බලන් ඉන්න පුලුවන් තරමේ ෆයිට් ටිකක් තියනවා.
    හැබැයි දිගයි. පැය 3ක්. දවස් 3ක් බැලුවා මේක.

    අද දවසේ ඉමෝජියා ගේ කල්කි හෑල්ල නිමි.

     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    බැලුවා. මුල ටිකේ ප්‍රබාශ් කියවනවා වැඩි වගේ එපා වෙලා බලන් හිටියා. අන්තිමට වගේ තම තේරුනේ ඒ චරිතේ කාගේ චරිතේ වගේද කියල. කල්කි concept එක එක්ක බලද්දී මේකේ මුළු ලෝකෙම ඉන්න God Demigod Avengers Mutants ලගේ දකින චරිතලක්ෂණ සේරම ඔබ්බවපු characters සෙට් එකක්. කෝමත් Hollywood හදපු super hero movies වලට Asian Concepts, ancient technology වල දේවල් උන්ගේ හැටියට ඔබල තියනවා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,773
    113
    Dubai
    Dune or Mad Max copy?
    Trailer එක බලද්දිම මට මතක් උනේ Dune.
    දිගටම Trailer එක බලනකොට උඹ කියනවා වගේම Mad Max එකත් ඔළුවට ආවා.

    බලන්න පුලුවන් Story එකක්ද? එපා වෙන්නේ එහෙම නැද්ද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,686
    113
    Homagama
    Trailer එක බලද්දිම මට මතක් උනේ Dune.
    දිගටම Trailer එක බලනකොට උඹ කියනවා වගේම Mad Max එකත් ඔළුවට ආවා.

    බලන්න පුලුවන් Story එකක්ද? එපා වෙන්නේ එහෙම නැද්ද?
    එපා නොවි බලන්න පුලුවන්.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    Trailer එක බලද්දිම මට මතක් උනේ Dune.
    දිගටම Trailer එක බලනකොට උඹ කියනවා වගේම Mad Max එකත් ඔළුවට ආවා.

    බලන්න පුලුවන් Story එකක්ද? එපා වෙන්නේ එහෙම නැද්ද?
    Story eka lassanai e unata gon gatiya wadi. Düne Mad Max Star Wars okkoma copy tama. Ekek innawa (Kamal Hassan) tanikarana Palpatine wage.