හුග කාලෙකින් ගමේ හාර්ඩ් ගුපියෙක් උගේ පුතාත් එක්ක අපේ දිහා ආවා තැඹිලි ගෙඩි දෙකතුනක් ඉල්ලගන්න. උගේ වයිෆ් අසනීප වෙලා ගම්පහ හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඉන්නේ කිවුවා.
කොල්ලා තැඹිලි බාන අතරේ මම ගුපියත් එක්ක පොඩි කතාවකට සෙට් වුනා.
ඊළඟ සතියේ මාලිමාවේ පොඩි ජන හමුවක් තිබ්බා ගමේ. මෙන්න බොලේ අර හාර්ඩ් ගුපියත් ඒක බලන්න ඇවිත්. මූ මාව දැකලා මගේ ලඟට ආවා
කොල්ලා තැඹිලි බාන අතරේ මම ගුපියත් එක්ක පොඩි කතාවකට සෙට් වුනා.
"මේ පාර කාටද චන්දෙ දෙන්නේ?"
මම ශේප් එකේ උගෙන් ඇහුවා. මූ උඩ බලාගෙන යන්තම් හිනාවක් දැම්මා මිසක් මොකුත් කිවුවේ නෑ. "රනිල්ට නම් දීලා වැඩක් නෑ නේද?"
මම ආයෙමත් ඇහුවා."අපි පරම්පරාවෙන්ම යූ.ඇන්පී. කාරයෝ මහත්තයා දන්නවනේ ඉතින්.."
පොර ඇහෙන නැහෙන ගානට උත්තර දුන්නා."ඔව් නේද? ඒ කියන්නේ මේ පාර චන්දෙ දෙන්න වෙන්නේ නෑ"
මාත් ඇඟට පතට නොදැනී කිවුවා. ඒ පාර මූ කියනවා "රනිල් මහත්තයට තමයි දෙන්න හිතාගෙන ඉන්නේ"
"රනිල් මහත්තයා යූ.ඇන්පී. ද?"
මම එහෙම අහපුවාම අරුගේ මුණ නිකං ඇදවෙලා වගේ ගියා."පුතේ.. එක තැඹිලි වල්ලක් ඇති. බහින්න ඉක්මනට යමු. ඉස්පිරිතාලේ යන්නත් පරක්කු වෙනවනේ"
කොල්ලා ගහෙන් බැස්සා."මහත්තයා තැඹිලි වල්ලට කීයක් වෙනවද?"
"ඕකට මොන සල්ලිද අනේ, අරන් යන්න ලෙඩෙකුට නේ"
--ඊළඟ සතියේ මාලිමාවේ පොඩි ජන හමුවක් තිබ්බා ගමේ. මෙන්න බොලේ අර හාර්ඩ් ගුපියත් ඒක බලන්න ඇවිත්. මූ මාව දැකලා මගේ ලඟට ආවා
"මේ පාර මාලිමාවට දෙනවා මහත්තයා"
මිනිහගේ ඇස්වල කඳුළු පිරිලා.

