ඔන්න කුණුහරප

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    (1) ඔන්න කුණුහරප කියනවා කියලා මට බනින්න නම් එපා ඒත් මේක ඇත්ත සිද්ධියක්
    මේක මම දැක්ක වගේ ලියන්නයි හදන්නේ.
    icon_razz.gif


    මේ ගෑනු දරුවා කොළඹ හතේ හැදිලා වැඩිලා ඒ පැත්තේම පාසල් ගියපු කෙනෙක්. ජීවිතේටම බස් එකක ගිහිල්ල නැති, ඩ්‍රයිවර් මහත්තය එකකම ගමන් බිමන් ගියපු මෙයාට ඉස්කෝලේ ඉඳල තිබුනෙත් ඒ ජාතියේම යාලුවො සෙට් එකක්. හැබැයි ඉගෙන ගන්න හරි උනන්දු පාසලේ දර්ශීය ඉදිරිපෙළ ළමයෙක්ලු. ඒත් කරුමේ කියන්නේ මෙයා ඒ ලෙවල් වලට බයෝ කරලා
    මෙඩිසින් යන්න ලකුණු මදි වෙලා. ඉතින් දෙපාරාක් නොහිතම පියතුමා යැව්වා මේ ගෑනු දරුවාව පිටරට. වෙන මොකකටවත් නෙවෙයි දොස්තර නෝනා කෙනෙක් කරන්න. දැන් මෙතුමිය උපාධියත් අරගෙන මෙරටට සැපත් වෙලා ලංකාවේ කරන්න තියෙන විභාගෙත් පාස් උනා කියමුකෝ. ඒත් විදේශීය උපාධි ධාරී දොස්තරවරුන්ට සීමාවාසික පත්වීම් ලැබෙන්නේ ටිකක් (ටිකක් කිව්වට ගොඩක්) ඈත පළාත් වලට. ඉතින් අපේ දොස්තර නෝනටත් ඒ වගේ පළාතකට ගිහින් වැඩ කරන්න සිද්ධ උනා.

    ලංකාවේ ඉන්දෙදිත් වැඩිපුර ඉංග්‍රීසියෙන්ම කතා කරපු අපේ කතා නායිකාවට ඒ පැති වල මිනිස්සු කතා කරන සිංහල තේරුම් ගන්න සෑහෙන අමාරු උනා. ඒ උනාට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව පුළුවන් විදිහට වැඩ කරගෙන යද්දී තමයි දවසක් මෙයා වැඩ කරපු වාට්ටුවට ආවේ කකුලක් තුවාල කරගත්ත අවුරුදු හයක හතක විතර ළමයෙක් එයාගේ අම්ම කියල හිතන්න පුළුවන් ගෑනු කෙනෙක් එක්ක. තුවාලේ සෑහෙන්න ලොකුයි. ඒ මදිවට ළමය හොඳටම අඬනවා. ඉස්සරහ පේලියේ කෙනෙක් උනාට හිත උණු වෙන මේ දොස්තර නෝනා තීරණය කළා මේ දරුවට තමන්ම බෙහෙත් දානවා කියල. ලෑස්ති කරගත්ත අවශ්‍ය බඩු ටික ගිය ළමයාගේ කකුලට බෙහෙත් දාන්න. මොන….පොඩි එකා අස්පයෙක් වගේ පයින් ගහ ගහ අඬනවා. ඔන්න ඉතින් ඒ පාර නර්ස් නෝනා කෙනෙක් කිව්වා ළමයත් එක්ක ආපු ගෑනු කෙනාට පුතාව සන්සුන් කරගන්න බලන්න කියල. මෙන්න එක පාරටම ඒ මනුස්සය කියපි මේ මගේ ළමය නෙවෙයි මම මෙයාගේ පුංචි අම්ම කියල. ඒ මදිවට එයාට තුවාල සුද්ද කරන දිහා බලන්න බෑ කියල ශේප් එකේ එලියට මාරු උනා.

    දොස්තර නෝනත් ඉතින් මොනවා කරන්නද බැඳගත්ත බෙරේ ගහන්න එපාය කියල එතන හිටපු නර්ස් නොනටයි ඇටෙන්ඩන්ට් මහත්තුරු දෙන්නටයි කිව්වා ළමය අල්ලගන්න කියල. දැන් ඔන්න දොස්තර නෝනා බෙහෙත් දානවා. ළමයට රිදෙනවා. මේක හූ තියන අතරෙම බෙරිහන් දෙනවා අනේ **ති මට රිදෙනවා *ත්තියේ ….ඔය ඇති අනේ *ත්ති කියල. අනේ ඉතින් බහ තෝරන කාලේ ඉඳලම අම්මට තාත්තට අම්මි තාත්ති කියපු අපේ දොස්තර නෝනා ඔය වචනේ මීට කලින් අහල නැහැ. මෙයා හිතුව මෙහෙම තමයි මේ පළාතේ ළමයි පුංචි අම්මට කතා කරන්නේ කියල. ඒක නිසා වැඩි හොඳට දැන් දොස්තර නෝනා ළමයට වඩා හයියෙන් කෑගහනවලු ” කෝ මේ ළමයාගේ **ති ….මෙන්න ඔයාට කතා කරනවා කොහෙද මේ *ත්ති පව් නේ මේ ලමයව තනියම දාල ගියේ. කෝ *ත්තී …*ත්ති මෙහෙ එන්න ” කියල. මේක අහපු වාට්ටුවේ ඔක්කොම ලෙඩ්ඩු ඇස් උඩ තියාගෙන බලාගෙන ඉන්නව දොස්තර නෝනා දිහා. ළඟ හිටපු කට්ටිය අමාරුවෙන් හිනාව තද කරගෙන ඉන්දෙද්දී බබෙක් හම්බ වෙන්න හිටපු නර්ස් කෙනෙක් අමාරුවෙන් කෑගහගෙන දුවගෙන එනවා අනේ ඩොක්ටර් මොනවද ඔය කියන්නේ නවත්තන්න නවත්තන්න කියල. එතකොට තමයි. මෙයත මීටර් උනේ මොකක් හරි අවුලක් කියල. අනේ ඉතින් එදා ඉඳන් අද දක්වා මේ නෝනට කියන්නේ H නෝනා කියලලු.

    (2) යසෝ නැද්දට දූ ගැන එක එක ආරංචි එන්න ගත්තා කනින් කොනින්. කෙල්ල ජම්බු ගහෙන් වැටිල ඇහැට කනට පේන්න ගත්ත විතරයි, මුලු ගමේම ඉන්න රස්තියාදුකාරයෝ කෙල්ලගෙ පස්සෙන් වැටිල. “නම්බුව තමයි කෙල්ලෙක්ට තියෙන්න පුලුවන් වටිනාම වස්තුව” යසෝ නැන්ද තනියම හිතුව. “බල බලා ඉඳල හරියන්නෙ නෑ. කෙල්ලට දැනමුතුකං ටිකක් දෙන් එක හොඳයි පුලුවං ඉක්මනට”, මෙහෙම හිතපු යසෝ නැන්ද එක හැන්දෑවක උයන ගෙයි ඇතුලෙදි දෝනියැන්දව කතාවට අල්ලගත්ත.

    “මෙහෙ
    වරෙං දුවේ. උඹට කියන්න මට කාරණා කීපයක් තියෙනව… ඔය පිරිමි ගැන…”

    “…කොල්ලො උඹට එක එක ආලවට්ටං දාල කතාවට අල්ලගන්න බලයි. උඹ එහෙම නෙවි ඕවට අහු වෙන්නෙ. හරිද?”, යසෝ නැන්ද කිවුව.

    “මේ… අම්මෙ… අම්මට කියන්නම කියල තමයි හිටියෙ… අර සියඹලගහවත්තෙ ගෙදර සිරි අයියා… මට කීප දවසෙම කුඹුකෙ ලි‍‍ඳ ගාවදි හමබු උනා… මං ඉතිං ටිකක් කතා කලා”, කෙල්ල කිවුවෙ ඇඹරි ඇඹරි.

    “මොකක්? තොපි දෙන්නගෙ අතරෙ මොකක්හරි පටලැවිල්ලක් තියෙනවයි?” ‍යසෝ නැන්ද ඇහුවෙ සැරෙන්.

    “අම්මට කොහොමද අම්මෙ මං බොරු කියන්නෙ”, කෙල්ල බිම බලාගෙන කිවුව.

    “හ්ම්ම්… වයසෙ වැරැද්ද කියමුකො… එහෙනං පුතේ මං දැං මේ කියන ටික හොඳට අහගනිං…”

    “…ඔය කොල්ලා උඹව තනිපංගලමෙ මුලිච්චි උනාම ඇ‍ඟේ ඇලෙන්ට එයි. උඹට ආස හිතෙයි. ඒත් උඹ එහෙම නෙවි ඒවට ඉඩ දෙන්නේ…”

    “…බැරි වෙලා හරි එහෙම උනා කියමුකො… එයින් පස්සෙ උඹේ එක එක තැං අත පත ගාන්න හදයි ඕකා… උඹටත් ආස හිතෙයි… හැබැයි හැදිච්චි කෙල්ලෙක් නං උඹ එහෙම නෙවි ඕවට ඉඩ දෙන්නේ…”

    “…හොඳයි බැරි වෙලා හරි එහෙමත් උනා කියමුකො… ඔයින් පස්සේ උඹව කොහේහරි අකුලකට ඇදන් ගිහින් ඇඟට ගොඩවෙන්න හදයි ඕකා… උඹට හොඳටම ආස හිතෙයි… ඒත් දුවේ ඌ උමේ ඇඟට ගොඩ උනොත් උඹෙයි උඹෙ අම්මගෙයි දෙන්නගෙම නම්බුව විනාසයි… උඹට තේරුණාද?” යසෝ නැන්ද කියාගෙන කියාගෙන ගියා.

    “මං කවදාවත් එහෙම කරන්නෙ නෑ අම්මෙ… අම්මට කියන්න ගම් පිරිත දවසෙ අම්මා ඔය කියපු විදියටම සිරි අයියා මාව තනිකර ගත්තනේ…” කෙල්ල කිවුව කතාවට යසෝ නැන්දගෙ ඇහිබැම ඉස්සුනා ඉස්මුදුනටම.

    “… එදා සිරි අයියා මගේ ඇඟට ගොඩවෙන්න හැදුවනේ අම්මේ… ඒත් මං ඉඩ දුන්නෙ නෑ ඌට මගෙයි අම්මගෙයි නම්බුව විනාස කරන්න… මං කොලා හොඳ වැඩක්…” කෙල්ල හිනා වෙවී කිවුවා.

    “උඹ මොකද කොලේ?” යන්තං හුස්මක් ගත්තු යසෝ නැන්දා ඇහුවා.

    “මං උගේ ඇඟ උඩට නැඟලා උගෙයි උගෙ අම්මගෙයි දෙන්නගෙම නම්බුව විනාස කලා”

    (3) ඔන්න ඉතින් දවසක් මෑන්ස් කෙනෙක් ගමේ තිබ්බ මල ගෙදෙරකට ගියාලු.
    ඒ ගෙදෙර මිනිස්සු බොහොම දුකෙන් ලු හිටියේ. කව්රුත් ඉතින් අඩා ගත්ත මුනෙන් තමයි හිටියේ .
    අපේ මෑන්ස් ටත් මාර අප්සෙට්. මිනිහා ඒ ගෙදෙරින් එලියට ඇවිල්ල තව ටික දුරක් යද්දී මෙන්න තවත් මල ගෙයක්ලු.
    ගමේ හින්දා නොගිහිනුත් බැරි හින්දා ගියාලු. හැබැයි මේ ගෙදෙර එන අයට පුදුම සැලකිලි. හොදට කන්න දෙනවා.
    ඒ විතරක් නෙමයි බොන්නත් දෙනවා.
    කව්රුත් මල ගෙයක් වුනාට කිසිම දුකකින් නෙමයි හිටියේ. අපේ මෑන්ස් ටත් මාර හැපි. මිනිහා හොදට කාලා බිලා මෙන්න ආයිත් කලින් මල ගෙදෙට්ට ගියාලු.
    ගිහිල්ලා හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වලු
    " අඩෝ මේවද මල ගෙවල් ? අන්න මල ගෙවල් ? පුලුවන්නම් විතරක් වැඩක් පටන් ගනින්? බැරි වැඩ කරන්න එපා. අරන් පලයන් ඕකත් අර ගෙදෙට්ට "

    (4)එක රටක මනුස්සයෙක් බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් සොයාගෙන පෙට්රල් ෂෙඩ් එකක් දා ගත්තලු. අපේ රටේ නම් පෙට්‍රල් ෂෙඩ් එකක් දාගන්නවා කියන්නේ පරම්පරා ගානක් ගොඩම ගොඩ උනාට, ඒ රටවල එහෙම නැහැ. හැමතැනම පෙට්‍රල් ෂෙඩ් තියෙනවා. ඉතින් තරඟකාරීත්වය වැඩියි.

    කාලයක් ගත උනත් අපේ මෑන්ස්ට බිස්නස් බොහොම අඩුයි. ඉතින් පොර කල්පනා කරලා අන්තිමට තීරණය කලාලු පොඩි අඩ්වර්ටයිසින් පාරක් හරි දාන්න ඕනේ කියල බිස්නස් වැඩි කරගන්න. එහෙම හිතල
    දැම්මලු ලොකු බෝඩ් එකක් මෙන්න මෙහෙම.

    Free sex for full tank fill up over 50 lts. (තේරුම දන්නේ නැති ගොබිලෝ ඉන්නවනම් ඒ අසරණයන්ගේ දැන ගැනීම පිණිසයි. “ලීටර් 50 වැඩියෙන් ටැංකිය පුරවා ගන්නා අයට නොමිලේ අහවල් දේ කරන්න අවස්ථාවක් දෙනු ලැබේ”

    ඔය දැන්වීමට පස්සේ පෝලිම කොච්චර දිගට තිබුනද කියල මම දන්නේ නැහැ. එත් අපේ කතාවේ වැදගත් කොටස විතරක් දාන්නම්.

    දවසක් පොරක් ආවලු ටැංකිය පුරවා ගන්න. ටැංකිය පුරවාගෙන මනේජර්ගෙන් ඇහුවලු අර නොමිලේ දෙනවා කියපු එක කොහොමද කියල. එතකොට මැනේජර් කිව්වලු, ඔයා එකේ ඉඳල දහයට නොම්මරයක් කියන්න, ඒ නොම්මරේ අපේ නොම්මරේ එක්ක ගැලපුනොත් ඔයාට අන්න අර ළමයා එක්ක නොමිලේ වැඩේ කරගන්න පුළුවන් කියල.

    පොර බැලුවම මේ ඉන්නේ තෙල් කෑල්ලක් වගේ එකක්. ටිකක් හිතල කිව්වලු නොම්මර 6 කියල. මැනේජර් කොම්පියුටරේ බලල කිව්වලු, අයියෝ ඔයා නූලෙන් මිස් වෙලා, නොම්මර 7 තමයි හරි නොම්මරේ කියල. ඉතින් මොනවා කරන්නද. අපේ එකා හූල්ල හූල්ල ආපහු ගියාලු.

    ඊළඟ දවසේ අපේ එකා යාලුවෙකුත් එක්ක ආයිමත් ගියාලු ටැංකිය පුරවා ගන්න. එදත් නොම්මර කතාව ආවත්, හරි නොම්මරේ උනේ වෙන එකක්.

    දැන් අපේ පොරට හරිම අප්සේට්ලු. මේ මෝඩ හරකට තේරෙන්නේ නැතිලු මෙතන වෙන්නේ ලොකු ප්‍රෝඩාවක් කියල. අපේ රටේ උනත් නොමිලේ දෙනවා කිව්වම කොහේ හරි කොස්සක් තියෙනවනේ. ලොකු අකුරෙන් FREE කියල තිබුනට එක්කෝ FAT FREE නැතිනම් COLESTORAL FREE.

    ඒත් එයාගේ යාලුවා කිව්වලු, “මචන් මුන් කරන්නේ ලොකු බොරුවක් මීට පස්සේ ඕකට අහුවෙන්න එපා” කියල.

    මූ දීපු උත්තරේ මොකක්ද දන්නවද.

    “පිස්සුද මචන්, මෙතන කිසිම බොරුවක් වෙන්නේ නැහැ. මට ඒක හොඳටම විස්වාසයි. ගිය සතියේ මගේ නෝනට දෙපාරක්ම හරි නොම්මරේ කියල නොමිලේ දෙන එක ලැබුන”

    (5) මිනිහෙක් බර එකට ඇවිත් අරක්කු කාලක් අරගෙන කටේ හලාගෙන කල්පනා කරනවා.
    බාර් කීපර් : අයි ඒ ?
    මිනිහ : අද වැඩ ඇරිලා ගෙදර එනකොට මගේ ගෑනි ඉන්නවා මගේ හොඳම යාලුවත් එක්ක එකට ඇඳේ.
    බාර් කීපර් : මාර වැඩේනේ. මටත් හිතුන අරක්කු කාලම එක සැරේ හලාගන්න කොට මොකක් හරි ලොකු දෙයක් ඇති කියල. මෙන්න මගේ ගානෙ තව කාලක්. ඉතින් මකාද වුනේ
    මිනිහ : මන් ගෑනි ලඟට ගිහින් කිවුව ' පල යන්න මගේ දැහට නොපෙනි' කියල
    බාර් කීපර් : හොඳ වැඩේ. ඉතින් හොඳම යාළුවා ?
    මිනිහ : මන් උටත් කිව්වා ' පල කූඩුවට ' කියල

    (6)මේක උනේ වාද්දූව පැත්තේ මුහුදට ටිකක් ලං වෙන්න පදිංචි වෙලා උන්නු කොලුවෙක්ට.. නං ගං ඕනි නැහැ.. මේ කොලුවා පොඩි හාද කමක් තිබුණා රටේ මධ්‍යම කොටසට වෙන්න හිටපු කෙලි පොඩ්ඩක් එක්ක.. මේ කෙලිත් මේකට පන ඇරලා.. දැන් වගේ ෆෝන් හෙම නැහැනේ කෙලීගේ ගෙවල් ලඟ යාලුවෙකුගේ නමට ලියමනක් යවලා කෙලීව ගෙන්න ගන්න තීරනය කලා… හෝ ගාන පොකුණ බලන්න යමු කිව්වාම කෙලීත් දුර නොබලා කැමති උනා.

    අයියත් මේ වැල්ල ගැන දන්න නිසා කවුරුවත් වැඩිය න
    ොයෙන පැත්තක පොල් ගහක් මුල තෝරා ගත්තා නගාත් එක්ක මුහුද බලන්න..
    ඉතිං පොකුණ බලන්න ගියා කිව්වට මොකෝ මේ අයියා මේ නංගිට ඉන්න දෙන්නේම නැහැ…

    කෙලීගේ වාසනාවට කොලුවගේ අවාසනාවටද මංදා වෙරලාරක්ශක පොලීසියේ කෙනෙක් අවා මේ හරියට.. කොලුවා හදිසි වෙලා නගාව යතා තත්වයට පත් කලා..

    පොලිස් කාරයා :- මොකද තමන්ලා මේතන කරන්නේ…?..
    කෝ ගන්නවා බලන්න අයිඩෙන්ටිටි කාර්ඩ්ස්
    කොලුවා ( හැඳුනුම් පත් දිගු කරමින් ) අපි.. මේ.. මේ.. නංගිට මුහුද පෙන්නන්න ආවා සර්.ර්…

    පොලිස් කාරයා :- ආහ්… නංගිට මුහුද පෙන්නන්නද ආවේ.. මට හිතුනේ නංගිට පොල් ගස් නගින්න උගන්නන්න ආවා කියලා..

    කොලුවා (පුදුමයෙන් ) ඇ.. ඇයි ස..ර් එහෙම කිව්වේ…

    පොලිස් කාරයා :- නෑ මේ නංගිගේ වලල්ල තාමත් කකුල් දෙක මුල… ඒකයි …

    (7) මිතුරන් දෙදෙනෙක් දවසක් පිටිසර ගම්බද පැත්තක යද්දී පාලු ලිඳක් දැකගන්නට ලැබිණි....පතුලක් නොපොනෙන ලිඳ කොච්චර ගැඹුරුදැයි බලන්නට ඔවුන් ඉස්සෙල්ලම පොඩි ගලක් එයට විසි කලෝය...සද්දයක් නැත....ඉන්පසු ඊට ටිකක් ලොකු දෙයක් සොයද්දී තරමක් ලොකු ගලක් අසල තිබී එය ලිඳට දැම්මෝය...ඒත් කිසිවක් ඇසුණේ නැත..."මිට වඩා හුඟක් ලොකු දෙයක් ඕන බං...පොඩ්ඩක් බලහන්කො වටපිට"....
    එවිට ඔවුන් දැක්කේ අසල තිබු පරණ සිමෙන්ති කණුවකි....දෙදෙනාම
    එක්ව බොහොම අමාරුවෙන් එය උස්සන් ගොස් පාලු ලිඳට දැම්මෝය....ටික වෙලාවකින් ඔවුන් පුදුමයෙන් පුදුමයට පත් කරමින් එළු නාම්බෙක් වේගයෙන් දිවවිත් මිතුරන් දෙදෙනා මැද්දෙන් ලිඳට පැන්නේය....
    ඉන් ටික වෙලාවකට පසු වයසක මනුස්සයෙක් යමක් සොයමින් ඒ දෙසට පැමිණ ..."මහත්තයල එළුවෙක් එහෙම මේ හරියේ දැක්කේ නැද්ද ?"

    "ඔයාගේ එළුවද කියලනං දන්නෙ නෑ...හැබැයි මේ දැන් එළුවෙක් පණකඩාගෙන ඇවිත් මේ ළිඳට පැන්න"....
    "නෑ මහත්තයො ඒ මගේ එකා නං වෙන්න බෑ...මම ඌව හොඳ හයිය කඹේකින් මේ හරියෙ සිමෙන්ති කණුවකට ගැටගහලයි තිබ්බෙ"

    E mail copyak :angry:
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කතා ටික නියමයි.... පුලුවන්නම් දැන් හරි ෆොන්ට් සයිස් එක ටිකක් ලොකු කරපන්, TFS