අ‍නුරට විරුද්ධ වුණත් අපි ඔහුට අවංකව අවස්ථාවක් දෙන්න ඕන අ‍ැයි? අ‍ාදරණීයයෙක් අපි නොහිතපු විදිහේ තෝරා ගැනීමක් කරාම හැසිරෙන්න ඕන විදිහෙන් උදාහරණයක්.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,624
    1
    15,319
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. ඔව් ටිකක් දිගයි.

    මේ මම අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත් වීමෙන් පස්සෙ ලියන දෙවැනි ලියමන. මොකද "අපි දින්නා අපිට හරි සතුටුයි - ඔන්න බලපන් අපි කරන හැටි" සහ "අපි පැරදුණා අපිට දුකයි - තොපි කරයි ලබ්බක්" වර්ගයේ කතා ගොඩක් මම දැක්කා. එ‍්වා මැද්දෙ මේ වගේ viewpoint එකකුත් එළියට දාන එක වැදගත් කියල මම හිතනවා.

    අනුර කුමාර දිසානායක මහතාට මතවාදී වශයෙන් විරුද්ධ, හැබැයි ඔහුට නිකරුණේ වෙෙර නොකරන කාට වුණත්, දැන් අපි කැමති වුණ‍ත් අකමැති වුණත් අනුර දැන් අපි කාගෙත් ජනාධිපතිවරයා නිසා අවංකව, හෘද සාක්ෂියට එකඟව අවස්ථාවක් දෙන්න ඕන අ‍ැයි කියලයි මේ කියන්නෙ. එ‍්ක තේරුම් ගන්න මම ඩොලර් එක ගැන, inflation ගැන එ‍් කාලෙ දාපු thread වගේම උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්න හිතුණා. එ‍් තමයි අපේ අ‍ාදරණීයයෙක් අපි නොහිතපු තෝරා ගැනීමක් කරාම අපි හැසිරෙන්න ඕන කොහොමද කියල හිතල බලන එක.

    තවත් ටිකක් විස්තර කරොත් හිතන්න අපේ දරුවෙක්, සොයුරෙක් හෝ සොයුරියක්, කිට්ටුම යාලුවෙක්, දෙමව්පියෙක් ගැන. මට පුද්ගලිකව මගේ දුව හෝ නංගි කියන දෙක වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන් කියල හිතෙනවා. එ‍් නිසා එ‍් උදාහරණය ගන්නම්, හැබැයි තමන්ට ගැළපෙන වෙනත් අ‍ාදරණීයයෙක් තුළින් වුණත් මේ වගේ හිතන්න පුළුවන්.

    ඉතින් හිතන්න තමන්ගේ දුව හෝ නංගි අපි හිතපු හෝ බලාපොරොත්තු වුණු විදිහෙන් සම්පූර්ණයෙන්ම වෙනස් විදිහේ පිරිමි කෙනෙක් එක්ක ස්ථිර සම්බන්ධයක් පටන් ගත්තා කියලා. එ‍්ක දැන් සිදු වෙලා ඉවරයි, ස්ථිර සම්බන්ධයක් කියන්නෙ ලේසියෙන් කඩන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් අපි එ‍් වගේ වෙලාවක කටයුතු කරන්න ඕන කොහොමද? මේ වගේ දේකට බොහෝ දෙනා මුහුණ දෙන විධි දෙකක් තියෙනවා.


    අංක 1 : කෑ ගහලා බැනලා බඩු පොළොවෙ ගහලා "තෝ වගේ එකෙක්ට කීයටවත් මගේ දුව / නංගි දෙන් නෑ යකෝ" ක්‍රමය. පුද්ගලයාට අකමැති නිසා ඔහුට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙලා, අකුල් හෙළලා, අපහසුතාවට පත් කරලා, එපාම කරන ක්‍රමවේදය.

    වනචාරීව ජීවත් වෙන කාලෙ ඉඳන් අපි අරන් අ‍ාපු, තාමත් අපේ තුළ යන්තම් හරි තියෙන අ‍ාවේගයන්ට නතු වන ක්‍රමය යටතේ ගොඩක් අය එකපාරටම ප්‍රතික්‍රියා දක්වන්නෙ මේ ක්‍රමයට තමයි. එතන බලාපොරොත්තුව තමන්ගෙ කෙනාට හොඳක් වෙනවා දැකීම වෙන්න පුළුවන්. හැබැයි ස්ථිර සම්බන්ධයක් බලෙන් කඩලා දුක් වෙන්න අරින එක අ‍ැත්තටම හොඳක්ද කියල හිතන්න වටිනවා.

    තමන්ගෙ දුව / නංගි එහෙම එකෙක්ට දෙනවාට වඩා මරලා දාන එක හොඳයි කියල හිතෙන එක මේ ක්‍රමයේ ලක්ෂණයක්. තමන්ගෙ දුවට / නංගිට කොච්චර හිත් වේදනාවක්, බලාපොරොත්තු සුන් වීමක් වුණත් කමක් නෑ, හොඳින් හරි නරකින් හරි මේ සම්බන්ධය කඩන එක තමයි වැදගත්ම දේ කියල හිතනවා. එහෙම කරන්නෙ එයාව සතුටින් තියන්න, එහෙම කරල තමන්ට ඕන විදිහෙ කෙනෙක්ට දෙන එකයි වෙන්න ඕන කියල හිතනවා.

    උගෙ මූණ බලන් නෑ, කතා කරන් නෑ, පුළුවන් හැම වෙලාවකම බනිනවා, තරහ පිට කරගන්නවා, ගෙදර හතර මායිමකට එන්න දෙන් නෑ, එහෙම එකෙක් එක්ක යාලු වුණාට තමන්ගෙ දරුවට / නංගිට කුණු බැනුම් බනිනවා වගේ ලක්ෂණ මේ ක්‍රමයේ තියෙනවා.


    අංක 2 : අපි හිතපු විදිහෙ කෙනෙක් නැතිව වෙනම විදිහක කෙනෙක් තෝරා ගන්න යම් හේතුවක් අ‍ැති කියල තේරුම් අරන්, අපේ අකමැත්තට වඩා දුවට / නංගිට හොඳක් වෙන එක, සතුටක් ලැබෙන එක වඩා වැදගත් කියල තේරුම් අරන් අවංකව අවස්ථාවක් දෙන ක්‍රමය.

    අපි හරිම අ‍ාසයි තව කෙනෙක්ට අ‍ැත්තටම ඕනෙ මොකක්ද කියල අපි හරියටම දන්නවා කියලා හිතන්න. හැබැයි යථාර්ථය ගත්තොත් එහෙම නෑ. අපේ කිට්ටුම, අපි ගොඩක්ම අ‍ාදරේ කරන අයගෙ පවා අවශ්‍යතා, උවමනා අපි හිතනවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. එහෙම දෙයක් තහවුරු වන අවස්ථාවක් තමයි අපි නොහිතපු විදිහේ කෙනෙක් එක්ක පටන් ගන්න ස්ථිර, ශක්තිමත් සම්බන්ධයක්.

    ඉතින් එහෙම දෙයක් වුණාම අවුරුදු ලක්ෂ 2 කට වැඩි වනචාරී ගති පැවතුම් වෙනුවට අවුරුදු 10,000 ක විතර ශිෂ්ටාචාරගත මානසිකත්වය ඉස්සරහට අරගෙන, බුද්ධිමත්ව හිතලා, වඩා වැදගත් තමන්ගෙ දුව / නංගි සතුටින් ඉන්න එක බව තේරුම් අරන් අර මනුස්සයාට අවංකව අවස්ථාවක් දීලා බලන එක.

    තමන් පුද්ගලිකව කොච්චර අකමැති කෙනෙක් වුණත් එ‍් තමන්ගෙ දුවගෙ / නංගිගෙ තෝරා ගැනීම බව ඔලුවට අරගෙන, දුව / නංගි සතුටින් ඉන්නෙ එයා එක්ක කියල තේරුම් අරගෙන එ‍්කට අනවශ්‍ය බාධා නොකර, අපහසුතාවට ලක් නොකර, එපා නොකර අවංකව එ‍් මනුස්සයාට අවස්ථාවක් දීලා බලන එක.

    එ‍් අවස්ථාව අවභාවිත කරොත්, දුවට / නංගිට කරදරයක් කරොත් පියවරක් ගන්න එක වෙනම කතාවක්. හැබැයි අවංකව, බාධා නොකර, අවස්ථාවක් දීලා නොබලා එයා අ‍ැත්‍තටම කොහොමද කියල තේරුම් ගන්න බැහැ කියල හිතන ක්‍රමය.


    මේක ලියලා තියෙන විදිහෙන්ම මම කැමති කොයි ක්‍රමයටද කියලා කියවන කාට වුණත් තේරෙන්න අ‍ැති. අනුර කුමාර දිසානායක මහතා අපි කැමති වුණත් අකමැති වුණත් දැන් මේ රටේ කාගෙත් ජනාධිපතිවරයා. අර කිව්වා වගේ තමන්ගෙ කෙනා එක්ක ස්ථිර සම්බන්ධයක් දැනටමත් හැදිලා ඉවරයි.

    එ‍් වගේ වෙලාවක උඩ කියපු පළවෙනි ක්‍රමයේ බොහෝ දේවල් කියවෙනවා දැක්කා. හැබැයි මම දකින්නෙ එ‍් ක්‍රමයෙන් ලැබෙන දෙයක් නෑ. මේක දෙවිදියකට කැරකෙන්න පුළුවන්.

    1. එක්කො අපේ තාඩන පීඩන සේරම දරාගෙන දුව/නංගි තෝරා ගත්ත කෙනා අ‍ැයව හොඳින් බලා ගනීවි. අන්තිමේ හොයන්නෙ බලන්නෙ නැතිව කරපු කියපු දේවල් ගැන අපිටම ලැජ්ජාවක්, පසු තැවීමක් අ‍ැති වේවි. කවදා හරි දුව/නංගි අපේ මතයට දෙන බර සෑහෙන්න හෑල්ලු වේවි.

    2. එ‍්වා දරාගන්න බැරි වෙලා, එපා වෙලා සම්බන්ධය කැඩේවි. හැබැයි අවස්ථාවක්වත් නොදුන්න නිසා අ‍ැත්තටම එහෙම හොඳක් වෙන්න ඉඩක් තිබ්බද නැත්ද කියලවත් අපිට හරියටම තහවුරු ගන්න බැරි වේවි. අපි එහෙම නෑ කියල හිතාගෙන ඉඳීවි, දුව/නංගි එහෙමයි කියල හිතාගෙන ඉඳීවි. (සමහර විට එ‍් නිසාම එයා ඊටත් වඩා "නරක" තීරණයක් ගනීවි)


    හැබැයි ඔය දෙකෙන්ම හැමෝටම සුබවාදී, සතුටුදායක යමක් සිදු වෙන් නෑ. එ‍් වෙනුවට කලින් කොටසෙ අංක 2 න් කියපු ක්‍රමය තෝරා ගත්තා කියල නිකමට හිතමු. එතකොටත් මේක දෙවිදියකට කැරකෙන්න පුළුවන්.

    1. දුව/නංගි තමන් කරපු තෝරා ගැනීම අපේ බාධාවක්, අකුල් හෙලීමක් නැතිව අත්විඳලා බලාවි. අපිට හරි නොගියත් එයාට හොඳ විදිහට ජීවත් වේවි. පුද්ගලයෙක් විදිහට අකමැති වුණත් අවංකව එයාගෙ තෝරා ගැනීමට අවස්ථාවක් දුන්න නිසා අ‍ැත්තටම හොඳක් වුණොත් හැමදාමත් දුව/නංගිට අපි ගැන යහපත් අ‍ාකල්පයක්, ගෞරවයක් ඉතිරි වේවි.

    2. දුව/නංගි තෝරා ගත්ත මනුස්සයා අ‍ැත්තටමත් කිසිම වැඩකට නැති, එයාගෙ ජීවිතේ අපායක් කරන කෙනෙක් වේවි. හැබැයි එහෙම වුණේ අපේ බාධා කිරීම්, අකුල් හෙළීම්, කරදර නිසා කියල කියන්න නිදහසට කරුණක් ඉතිරි වෙන් නෑ. අ‍ැත්තටම නරක පුද්ගලයෙක් නම් දුව/නංගි තනියම එ‍් ගැන තේරුම් අරන් පාඩමක් ඉගෙන ගනීවි. අපේ මතය එයාගෙ අ‍ාසාවට වඩා හරි කියල දුව/නංගිත් තනියම තේරුම් අරන් අපි ගැන යහපත් අ‍ාකල්පයක්, ගෞරවයක් ඉතිරි වේව්.


    ඔය දෙකෙන් වෙන්නෙ මොකක්ද කියල අපිට පැත්තකට වෙලා විශ්ලේෂණ, තර්ක විතර්ක, අනාවැකි ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි අ‍ැත්තටම වෙන්නෙ මොකක්ද කියලා දුව/නංගිට සැබෑවටම තහවුරු වෙන එකම ක්‍රමය එයාටම එ‍්ක තේරුම් ගන්න හෘද සාක්ෂියට එකඟව, අවංකවම අවස්ථාවක් දීලා බලන එකම විතරයි.

    මොකද අපි නොහිතන විදිහේ තෝරා ගැනීමක් දුව/නංගි කරේම එ‍්ක සුභවාදී වෙයි කියල තියෙන විශ්වාසය නිසා. අවසන් ප්‍රතිඵලය හොඳක් හෝ නරකක් මොකක් වුණත්, එ‍්ක අපේ බාධාවකින්, අකුල් හෙළීමකින් තොරව භුක්ති විඳින්න එයාට මේ වෙලාවෙ නිදහස දෙන්න ඕන.

    ඉතින් අපි කැමති, අපි විශ්වාස කරන ක්‍රමයකට යන් නැතිව අලුත් ක්‍රමයකින් රටේ පාලනය කරගෙන යන්න අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍ය නම්, එ‍් වෙනුවෙන් රටේ ජනතාවගෙන් දැනටමත් බොහොම පැහැදිලි වරමක් ඔහුට ලැබිලා තියෙන පසුබිමක අපිත් කරන්න ඕන දුව/නංගි අපි නොහිතපු විදිහේ කෙනෙක් එක්ක ස්ථිර සම්බන්ධයක් පටන් ගත්ත අවස්ථාවකදී වගේම, අවංකවම එ‍්කට ඉඩ දීලා බලන එක.


    මොකද එහෙම තත්ත්වයක පවා රට හොඳ අතට ගෙනියන්න අනුර කුමාර දිසානායක මහතාට බැරි වුණොත්, එ‍් කියන්නෙ එ‍් සම්පූර්ණයෙන්ම ඔහුගෙ නොහැකියාව. එහෙම වුණොත් එ‍්කට හේතුව අපි ඔහුට අකුල් හෙළීම, කරදර බාධා කිරීම නිසා කියල කියන්න ඉඩකඩ ඉතිරි නොකරන එක අපේ වගකීමක්. කලින් උදාහරණයෙන් ගත්තොත් අවසන් ප්‍රතිඵලය දුව/නංගි අසතුටෙන්. හැබැයි එ‍් අපි කරපු බාධාවක් නිසා සතුටින් ඉන්න අවස්ථාව නැති වෙලා නෙවෙයි. අ‍ැත්තටම එයාගෙ තෝරා ගැනීම වැරදි නිසා.

    හැබැයි අපි විශ්වාස නොකරන ක්‍රමයකින් හරි මේ රට සාර්ථකත්වයට ගෙනියන්න අනුර කුමාර දිසානායක මහතාට පුළුවන්කමක් අ‍ැත්තටම තියෙනවා නම්, එ‍්ක බලෙන් පැනලා කඩාකප්පල් කරලා දාලා අපිට ලැබෙන දෙයක් නෑ. එ‍්ක ලැබුණ තවත් අවස්ථාවක් නැති කරගැනීමක්ම විතරයි. කලින් උදාහරණයෙන් ගත්තොත් අවසාන ප්‍රතිඵලය දුව/නංගි අසතුටෙන්. හැබැයි එ‍්ක එයා තෝර ගත්ත පුද්ගලයාගේ වැරැද්දක් නිසා වෙනුවට අපේ බාධා, අකුල් හෙලීම් නිසා සිදු වුණ කියන අ‍ාකල්පය තමයි එයා තුළ ඉතිරි වෙන්නෙ.

    අනිත් අතට වැරදිලාවත් අනුර කුමාර දිසානායක මහතාට මේ රට සාර්ථකත්වයට ගෙනියන්න පුළුවන් කමක් ලැබුණොත් අපි එ‍්කට බාධා කරපු, එ‍්කෙ කොටස්කාරයන් නොවන, අපේ හෘද සාක්ෂියට අනුව ලැජ්ජාවක්, පසු තැවීමක් විතරක්ම ඉතිරි වුණ පිරිසක් බවට පත් වෙන්නෙ නෑ. මේ වෙලාවෙ එහෙම නොවෙනවා, රට විනාස වෙනවා කියල අපිට 100% ක් විශ්වාසයි වෙන්න පුළුවන්, හැබැයි අපේ දුව/නංගි එහෙම කෙනෙක් තෝරා නොගනීවි කියලත් අපිට විශ්වාසයක් තිබුණානෙ. එ‍් නිසා අපිට හිතෙන දේ හිතේම තියාගෙන, අ‍ැත්තටම වෙන දේට ඉඩ දීලා බලන එක වඩාත් සුදුසුයි.


    මොකද අ‍ාරම්භයටම ගිහින් හිතලා බැලුවොත් අපිට අ‍ැත්තටම ඕන දුව/නංගි සතුටින් සාර්ථකව ඉන්නවා දකින්න. අපි කැමති විදිහේ කෙනෙක් එක්ක එ‍්ක වෙනවා නම් අපිට හරිම සතුටුයි තමයි. හැබැයි අපි අකමැති විදිහේ කෙනෙක් එක්ක හරි එයා සතුටින්, සාර්ථකව ඉන්නවා නම් එ‍්ක හැම අතින්ම එයා සතුටක්, සාර්ථකත්වයක් නැතිව ඉන්නවාට වඩා හොඳයි. රට හදන එකත් අපි අ‍ාස කෙනා අතින් සිද්ධ වෙනවාට අපි කොච්චර කැමති වුණත්, දැන් රට හදන්න භාර වෙලා තියෙන්නෙ වෙනම කෙනෙක්ට නම්, අඩුම තරමෙ එයා අතින් හරි රට හොඳ තැනකට යන එක රට වැටෙනවාට වඩා හොඳයි.


    ඉතින් අන්න එ‍්කයි මම කියන්නෙ අනුර කුමාර දිසානායක මහතාටත් අවංකවම අවස්ථාවක්, ඉඩකඩක් දීලා බලමු.


    ඉන්ද්‍රජිත් ගමගේ.
     
    Last edited:

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,064
    2,941
    113
    Indrajith Maha Gamage

    Ai uba pahugiya tike kiyapu okkoma predictions waradune?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    උබලට ඕනකමක් නෑ රට හැදෙනව බලන්න.

    ඇත්තටම ඕන නං මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉඳපු දූෂිතයො ටික එළවන්න වැඩ කරලා අනුර කුමාරගෙ යටතේ එන අාණ්ඩුව විදියට NPP බහුතරය අරන් දෙන්න වැඩ කරලා ඒක පෙන්නපන්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උන් ඵහෙම හිටියද? පුළුවන්තරම් අංචි අැදපු ඵකනේ කරේ..
     

    Similar threads