🚢⚓ අඩි 1100 කටත් වඩා වැඩි දිගකින් යුක්ත වූ "MV Stellar Banner" නම් දැවැන්ත "යපස් ප්‍රවාහන නෞකාව" සාගරයේ ගිලී ගිය අයුරු 🚢🌊

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,039
    153,148
    113
    2020 අවුරුද්දෙ පෙබරවාරි මාසයේ වෙච්ච සිද්ධියක් මේක. දකුණු කොරියාවෙ "Polaris Shipping" කියන සමාගමට අයත් "MV Stellar Banner" නමින් හදුන්වපු 'යපස්' (iron ore) ප්‍රවාහන කරපු "Bulk carrier" (Bulker), Very large ore carrier (VLOC) ගනයන්ට අයත් දැවැන්ත වෙළද ප්‍රවාහන නෞකාවක් තමයි මේ විදිහට සාගරයේ ගිලී යන්නේ. නොගැඹුරු මුහුදු කලාපයක් හරහා ගමන් කිරීමේදී නැවේ ජලයට යටින් තිබෙන බද කොටස (Hull) මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් තමයි මේ විදිහට නැව ගිලී යන තරමේ හානියක් කරන්න හේතුවෙලා තියෙන්නෙ. උතුරුදිග බ්‍රසීලයට ආසන්නයෙන්, අත්ලාන්තික් සාගරයට අයත්ව පිහිටලා තිබෙන "Baía de São Marcos" කියන මුහුදු බොක්කෙදි (Bay) මේ අනතුර සිදුවෙද්දි "MV Stellar Banner" නෞකාවෙ යපස් මෙට්‍රික් ටොන් 290 000 කටත් වඩා අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් ඉදලා තියෙනවා. මේ අනතුරෙන් නෞකාවට සිදුවුණු හානිය පිළිසකර කරලා යථා තත්ත්වයට ගන්න තරම් මට්ටමක නොපැවතුණ නිසා නැව නෞකාංගනයක් දක්වා ටග් බෝට්ටුවලින් ඇදන් ගිහින් කැබළි කරන්න (Scrap) තමයි නෞකාවෙ තත්ත්වය පිළිබදව විශේෂඥ විසින් කරපු පරීක්ෂාකිරීම්වලට පස්සෙ සැලසුම් කරේ. ඊට කලින් නෞකාවෙ තිබ්බ මුළු යපස් ප්‍රමාණය ආරක්ෂිතව නෞකාවෙන් ඉවත් කරීම සිදු කරත් නෞකාව ගිලී යන්න කලින් ඉවත් කරගන්න පුළුවන් වුණේ මුළු යපස් ප්‍රමාණයෙන් භාගයක් වගේ ප්‍රමාණයකුයි. මේ "MV Stellar Banner" නෞකාවෙ දිග මීටර 340 (අඩි 1116) ක් වෙද්දි නෞකාවෙ බර (භාණ්ඩ නොමැතිව) මෙට්‍රික් ටොන් 151 596 අගයක් ගත්තා. මේ අගය ප්‍රසිද්ධ 'ටයිටැනික්' නෞකාවට සාපේක්ෂව ගත්තොත් "MV Stellar Banner" නෞකාවෙ දිග ටයිටැනික් නෞකාවට වඩා මීටර 71 කුත්, බරින් ටොන් 105267 කිනුයි වැඩි අගයක් තමයි ගනු ලැබුවෙ.

    ✍️ සටහන: @Stimulus mind ✍️








    "MV Stellar Banner" නෞකාව සහ එය මුහුණදුන් අනතුර පිළිබදව වැඩිදුර තොරතුරු



    bf55d153b606ed4e5d4e9311ab2f282b




    stellar-banner-2.jpeg


    stellar_banner_debunkering_2.jpg


    Stellar-Banner-4.jpg


    e7fb8447ddc875fddd6c23c26d0a5273
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    නැවක් යන්තම්වත් ගොඩ බිම ගෑවුනොත් මොකක් කරලාවත් ඇද ගන්න බෑ නේද? ඒක නිසා නේද පොඩි කණුවල උනත් නැවක් ගැටගහලා තියෙන්න පුලුවන්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,148
    113
    නැවක් යන්තම්වත් ගොඩ බිම ගෑවුනොත් මොකක් කරලාවත් ඇද ගන්න බෑ නේද? ඒක නිසා නේද පොඩි කණුවල උනත් නැවක් ගැටගහලා තියෙන්න පුලුවන්.
    නැව් සම්බන්ධ දේවල් ගැන දැන ගන්න කැමති නම් මේ චැනල් එක බලන්න. පට්ටම චැනල් එකක්. :yes: :love:

    Oceanliner Designs