
අද මට ඉතාම සතුටු දවසක්. ඒ ඇයි කියල දැනගන්න මේ සටහන කියවන්න කියල ඉල්ලනවා.
අද විජිත හේරත් ප්‍රකාශ කරනවා , 2025 අවුරුද්දෙ ශ්‍රීලංකාවට ගෑස් ගෙනෙන ටෙන්ඩරය MSOQ සමාගමට ලබාදීමට කැබිනට් මන්ඩලය තීරණය කල බවට.
මම අවුරුදු දෙකක් කියපු දේ ඇත්ත කියල සනාථ වීම ගැන මට ඇත්තෙ පුදුම සතුටක්.
රනිල් , එහෙමත් නැත්තං අවු 60 විතර මාලිමාවන් කියන විදියට සීය , සුළුතර ජනාධිපති වෙනකොට තිබුන ලොකුම ගැටලුව තමයි ඉන්ධන සහ ගෑස් නොමැති වීම . ගෑස් පෝලිම් සැතපුම් ගනන්.භාන්ඩාගාරයේ සල්ලි නැහැ. රනිල් , මුදිත පීරිස් ව ලිට්රෝ ගෑස් සභාපති කරන කොට ලොකු විරෝධයක් ආව හැම පැත්තෙන්ම.
මට පැවරණු දෙයක් තමයි ගෑස් ප්‍රශ්ණය ගැන මුදිත ගන්න තීරන පිලිබද අවධානය යොමුකරන්න. මම දායකත්වය දරන වෙබ් අඩවියට ඒ වෙන කොටත් මුදිත ගැන විතරක් නෙමේ මුදිත ගෙ තාත්ත ගෙ දේශපාලනය ගැනත් ෆයිල් කීපයක් ලැබී තිබුනා.
මම තීරණය කරපු එකම දේ පෙර වැරදි අමතක කරල ප්‍රස්තුත කාරණය ගැන විතරක් මුදිත ගැන කියවන්න. විශ්වාසය තබන්න.
හදුන්නෙත්ති කොහෙන් හරි හොයාගෙන සමාජගත කලා හදිසි ටෙන්ඩර් කැදවීමෙදි ඩොලර් 96ට සියම් සමාගම ගෑස් දෙන්න ඉදිරිපත්වෙලා ඉන්නකොට ඕමාන් ට්‍රේඩිං සමාගමෙන් ඩොලර් 126කට [ මිල ගනන් මතකෙන් ලිව්වෙ සමහර විට සුලු වෙනස්කම් ඇති] ගෑස් මිලදී ගන්න මුදිත කැමතිවුනා කියන එක. හදුන්නෙත්තියි අනුර දිසානායකයි මේකෙ වංචාවක් වෙලා තියෙනවා කියලා කට උල් කරලා පැය ගනන් කතා කලා. මම ලිපි 10කට වඩා ලිව්වා එහෙම එකක් නෑ මෙන්න ඇත්ත කථාව කියලා . යාලුවො එක්ක පැය ගනන් තර්ක කලා ඇත්ත කියන්න. ලසන්ත අලගියවන්න , බන්දුල ගුනවර්ධන , චරිත හේරත් , එස් එම් මරික්කාර් මේක කරේ තියන් ගියා. රනිල්ට බැන බැන.
මම ලියපු ඒවාට මිනිස්සු හිනාවුනා.අපහාස කලා. මුදිතව විතරක් නෙමේ සාගලවයි කාංචනවයි හොරු කියලා පට්ට ගැහුවා. පැය 24 ගෑස් පෝලිමේ හිටපු අය ගෑස් ලොරිය ආවම ටැංකිය පුරෝගෙන රනිල් ට බැන බැන තමයි ගෙදර ගියේ.
අනුර යි හදුනුයි මිනිස්සුන්ගෙ ඔළුගෙඩි විෂබීජ පුරවල තිබුනෙ.
රුපියල් 96 ට දෙන්න කැමති උනේ සිංගප්පූරුවේ සියාම් ගෑස් කියන්නෙ අතරමැදි සමාගමක්.ඔවුන්ට කෙරවලපිටියෙ මූද මැද තියෙන ලිට්රෝ බෝයාවට සවි කරන්න පුලුවන් නැව් දෙකයි තියෙන්නෙ. ඒවත් හයර් කරන ඒවා.දවස් 3කට සැරයක් නැවක් එවන්න ඔවුන්ට කැපෑසිටි නැහැ. අනික ඔවුන් ලංකාවෙ රජයෙන් ලොකු ගැරන්ටි ඩිපොසිට් එකක් ඉල්ලුවා. භාන්ඩාගාරයට සල්ලි නැහැ ඩිපොසිට් තියන්න.
ඔය කතාව කව්රුත් විශ්වාස කලේ නැහැ.
ඕක ඇත්ත කියල කැම්පේන් කරන්න බජට් තිබුනෙත් නෑ .මම වගේ දෙතුන් දෙනෙක් විතරයි ඕක ලිව්වෙ. කතාකලේ. ඒකත් ස්වේච්ඡාවෙන්.
ඩොලර් 28-30 මිල වැඩි ඕමාන් ට්‍රේඩිං කියන්නෙ කලාපයේ ගෑස් බිස්නස් එකේ බලවතෙක්. ගාන වැඩී හැබැයි ගැරන්ටි ඉල්ලන්නෙ නෑ. ඇති තරම් නැව් තියෙනවා. රනිල්ට යන්න තිබුන ඔප්ෂන් එක ඒක විතරයි. ගෑස් නැතිව පෝලිංවල හිටපු මිනිස්සු ලොරිය ආවහම ගෑස් අරන් අනුරලගෙ බොරු අහමින් ගෙදර ගියා.
අවුරුදු දෙකකට පස්සෙ ලංකාව බංකොලොත් කියන ලේබලයෙන් ගැලවිලා. ඩොලර් සංචිත ටිකක් තියෙනවා. ලිට්රෝ මහා භාන්ඩාගාරයට දෙපාරකට ලොකු මුදලක් දීලා දෙසැම්බර් වෙනකම් ගෑස් ඕඩර් කරල සල්ලිත් ඉතුරු කරලා. රනිල් පැරදිලා පැන්ෂන් ගිහින්. මේ වැඩේ කරපු මුදිත අද ඕස්ට්‍රේලියාවට ගිහින් දරු පවුලත් එක්ක හොදින් ඉන්නවා [ මුදිත වැඩකලේ පඩි නොගෙන]. හොරකම් කලා කියපු සාගලයි කාංචනයි ජන්දෙ ඉල්ලනවා, ගෑස් හොරු කියල හැමෝටම චෝදනා කරපු හදුන් මාතරින් ජන්දෙ ඉල්ලනවා [හැබැයි මුදල් ඇමති ලැබෙන්නෙ නැති බව දන්කවා කියල ගිය සතියෙ කිව්වා].
මේ හැම එකක් ගැන කට උල් කරලා බොරු විද්ද අනුර අද ජනාධිපති වෙලා එයාගෙ පොඩි කැබිනෙට්ටුවෙන් යෝජනා කරනවා ඕමාන් ට්‍රේඩිං එකෙන්ම 2025 වසරටත් ගෑස් ගන්න. අද කැබිනට් තීරන දැනුම් දීමෙදි විජිත කියන්නෙ ඕමාන් ට්‍රේඩිං නෙමේ MAOQ කියලා. දෙකම එකයි තමා මිත්‍රවරනි.
අතිශයින් තවත් වතාවකට මට මම ගැනම සංතෝෂය.
[සියාම් සමාගමට බැරි ඇයි කියලා වීඩියෝ එකේ තියෙනවා]
2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත 2025 වර්ෂය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් තනි අදියර ද්විත්ව කවර ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා M/s OQ Trading Limited සහ M/s Siam Gas Trading Pte Ltd. යන ආයතන දෙක පමණක් ලංසු ඉදිරිපත් කර තිබේ. තාක්ෂණ ඇගයීමේදී M/s Siam Gas Trading Pte Ltd. විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ප්‍රතික්ෂේප වී ඇත. ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වශයෙන් M/s OQ Trading Limited වෙත 2025 වර්ෂය සඳහා වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12879
