සුළු සැත්කමක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවෙකු සිහිය නොලබා මියයයි 💉

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    12/24/2024 11:00:00 AM

    japura-hospital-incident

    ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවෙකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මියයාම රෝහලේ කාර්ය මණ්ඩලය වගකිවයුතු බව සඳහන් කරමින් ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

    මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට , හල්තොට ,පෙතිගමුව අංක 264/ ඒ ලිපිනයේ පදිංචිව සිටි හොරණ අශෝක විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලැබූ ධනුජ වික්‍රම ආරච්චි දරුවායි.


    මියගිය දරුවාගේ මුත්‍රා මාර්ගයේ ඇතිවූ රෝගී තත්ත්වයකට ඔහුගේ දෙමව්පියන් විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්ත වෛද්‍යවරයකු පිළියන්දල වෛද්‍ය මධ්‍යස්ථානයකදී චැනල් කර පෙන්වීමෙන් අනතුරුව වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 17 වෙනි දින ඔහු සේවය කරන ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබූ බව පොලිසිය කියයි

    පසුදින (18) දහවල් 01.30 ට පමණ අදාළ ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කර ශල්‍යකර්මයට භාජනය කර ඇති අතර , එම ශල්‍යකර්ම අවසන් වුවද දරුවාට පියවී සිහිය ලැබී නැත.

    අනතුරුව දෙමව්පියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත රෝහල් බලධාරීන් විසින් එම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයට එදින සවස 6.45 ට පමණක් ඇතුළු කර ඇති අතර සිව් දිනකට පසු (22) පෙරේදා සවස 4.30 ට පමණ දරුවා මියගොස් ඇතැයි ඥාතීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.


    ඥාතීන් විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලේ උද්‍රිත පිටපත් දරුවාගේ මරණය බොරැල්ල පොලිස් වසමේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවී ඇති බැවින්බොරැල්ල පොලිසිය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    දරුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

    මියගිය දරුවාගේ පියාගේ සහෝදරයා වන ඉන්ද්‍රජිත් වික්‍රම ආරච්චි මහතා හැඬූ කඳුළින් මෙසේ පැවසීය

    මගේ මල්ලිගේ දරුවා තමයි නැති වෙලා තියෙන්නේ. එයා ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වය කරන්න ඉන්නේ.

    ඉස්කෝලේ නිවාඩු හින්දයි. මේ සර්ජරිය කරන්න එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ ප්‍රයිවට් දොස්තර කෙනෙක් චැනල් කරලා එයා කියලා තියෙනවා විනාඩි පහක සුළු දෙයක් කියලා.


    සිහි නැති කරලා කරන්න තියෙන දෙයක් කියලා තියෙන්නේ, සිහි නැති කරලා තමයි ළමයාව සර්ජරි එකට අරන් තියෙන්නේ. පස්සෙ දරුවට සිහිය ඇවිල්ලා නැහැ.

    නිර්වින්දනය කරන දොස්තරලගේ හැමෝමගේ අතේ වරද,ළමයා ගැන නොසලකා හැරියා.

    ඊට පස්සේ කළේ ළමයව තියාගෙන බිල් හදනකම් හදනකම් පරක්කු කරලා. ළමයව යවනකොට ළමයා උපරිම අසාධ්‍ය තත්ත්වයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට ගේනකොට ළමයා දවස් හතරක් විතර මැෂින් එකේ ඉඳලා ඊට පස්සේ 22 වෙනිදා 4.30 ට විතර නැති වුණා.

    අපි ඉල්ලනවා මේ වගේ දෙයක් මේ රටේ දරුවන්ට වෙන්නේ නැතුව , අපි විශ්වාස කරන්නේ රටේ වෛද්‍යවරු සැබෑම මිනිස්සු හැටියට දෙවිවරු හැටියට ,නමුත් බලාගෙන ගියාම සල්ලි වලට ඉන්න සත්තු ජාතියක් කියල තේරුනා.

    මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) කොළඹ ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි

    බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

    (බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ )
    aHR0cHM6Ly9ibWtsdHNseTEzdmIuY29tcGF0Lm9iamVjdHN0b3JhZ2UuYXAtbXVtYmFpLTEub3JhY2xlY2xvdWQuY29tL2Nkbi5hZGEubGsvYXNzZXRzL3VwbG9hZHMvaW1hZ2VfZDAzZmE1NzgwZi5qcGc.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඔය සීන් එක හෙනම අවුල් සීන් එකක් බං. සිහි නැති කරන්නෙ වෙන ඩොකෙක්. හරි ම්‍රාතාව දෙන්න ඕනි. සිහිය ආපහු ගන්න විදිහ දැක්කම හික් ගෑවෙනවා. හෙන කුතුහලයක් එන්නෙ. හැබැයි ඔහොම සීන් වලින් මැරෙන ඒවා අඩුයි ගොඩක්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය සීන් එක හෙනම අවුල් සීන් එකක් බං. සිහි නැති කරන්නෙ වෙන ඩොකෙක්. හරි ම්‍රාතාව දෙන්න ඕනි. සිහිය ආපහු ගන්න විදිහ දැක්කම හික් ගෑවෙනවා. හෙන කුතුහලයක් එන්නෙ. හැබැයි ඔහොම සීන් වලින් මැරෙන ඒවා අඩුයි ගොඩක්.

    නෑ කෙනෙක් දතක් ගලවන්න ගිහින් මැරුණා. කෙහෙළියගේ කාලේ. දැන් නම් හිතෙනවා බෙහෙතෙ අවුලක් තිබුනද කියලා. එයාට වෙන අසනීපත් තිබුන නිසා යට ගියා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,393
    45,482
    113
    ඔය හොස්පිටල් එකට ඒ කාලේ ඉදන්ම කියන්නේ උන්න මළා හොස්පිටල් එක කියලා..අපරාදේ කළුබෝවිල නැත්නම් හෝමාගම හොස්පිටල් එකට හරි ගෙනියන්න තිබ්බා..:-(
     
    • Haha
    Reactions: KAZPER

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    නෑ කෙනෙක් දතක් ගලවන්න ගිහින් මැරුණා. කෙහෙළියගේ කාලේ. දැන් නම් හිතෙනවා බෙහෙතෙ අවුලක් තිබුනද කියලා. එයාට වෙන අසනීපත් තිබුන නිසා යට ගියා.
    මේ ලමයට මීමැස්මොරේ සහ සීනි වලට අමතරව තියෙන අනිත් ලෙඩ ටික මරණ පරීක්ෂක වාර්ථාවෙන් එලියට දායි.
     
    • Like
    Reactions: Any.key

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ ලමයට මීමැස්මොරේ සහ සීනි වලට අමතරව තියෙන අනිත් ලෙඩ ටික මරණ පරීක්ෂක වාර්ථාවෙන් එලියට දායි.

    වකුගඩු දෙක ගලවපු කේස් එකකටත් වෙච්ච දෙයක් නෑ
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    ඉතින් parentsලා sign කරලනේ surgery එකට ගන්නේ

    අපේ මල්ලිගේ එකටත් කිව්වා අපි වගකීම ගන්න ඕන කියලා
    අවුලක් ගියේ නැහැ, හොදම neurologist කෙනෙක් කරේ

    කරන්න කලින් හෙන වෙලාවක් ඒකේ risk එක ගැන කියනවා
    කවුරු හරි වැරදි වුණත් ඩොකාලා නිදහස් ඕකෙන් :baffled:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    ඔය හොස්පිටල් එකට ඒ කාලේ ඉදන්ම කියන්නේ උන්න මළා හොස්පිටල් එක කියලා..අපරාදේ කළුබෝවිල නැත්නම් හෝමාගම හොස්පිටල් එකට හරි ගෙනියන්න තිබ්බා..:-(
    හෝමාගම ගියානම් ඔයිට කලින් මැරිලා