කම්මැලි සිංහලුන්ගේ fitness 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,247
    8,379
    113



    ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2023 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් තෝරා ගෙන ඇති අතර එහි පළමු කණ්ඩායම 2023 වසරේ දෙසැම්බර් මාසයේ ඊශ්‍රායලය වෙත පිටත්කර යවා තිබේ.

    එමෙන්ම දෙවන පිරිස 2024 වසරේ ජනවාරි මාසයේ පිටත්කර යවා ඇත.

    මේ ආකාරයෙන් තෝරාගත් තවත් 2,400ක පමණ වූ පිරිසක් සඳහා කාර්යාංශය විසින් උමන්දාව ඇතුළු ස්ථාන කිහිපයකදී ක්ෂේත්‍ර පුහුණුවක් ද ලබා දී ඇති අතර ඒ අතරින් 118 දෙනෙකු මේ වනවිටත් කාර්යාංශයට මුදල් ගෙවා ඊශ්‍රායල් රාජ්‍ය සමග ගිවිසුම්ද අත්සන් කර අවසන් බව සඳහන් වේ.

    එම පිරිසට මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබී ඇත්තේ ඉකුත් 06 වනදාය.

    නමුත් තවමත් එම පිරිසට මෙරටින් පිටත්ව යාමට නොහැකි වී ඇත්තේ කාර්යාංශය ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුනොකිරීම හේතුවෙන් බවට අදාළ පිරස චෝදනා කරයි.

    එමනේම ඉහත සඳහන් 2,400 ක පිරිස ද සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දී, අදාළ පුහුණුවීම නිමකර, වෛද්‍ය පරීක්ෂණ සඳහා ද යොමු කර අවසන්ව බව ඔවුන් පවසයි.

    ඊට අමතරව සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දුන් තවත් 3,000 ක පමණ පිරිසක් ද සිටින බව අගතියට පත් වූ පිරිස සඳහන් කළේය.

    මෙවැනි තත්ත්වයක් පවතින අතරවාරයේ පසුගිය 06 වනදා ඉහත සඳහන් 2,400ක් වූ පිරිස වෙත කාර්යාංශය විසින් කෙටි පණිවිඩයක් මගින් දැනුම් දී ඇත්තේ ඔවුන්ට ශාරීරික පරීක්ෂණයක් සඳහා ද මුහුණ දීමට නියමිතව ඇති බවටය. (physical Test)

    ඒ අනුව ඊයේ (08) ඒ අතුරින් 500 දෙනෙකුගේ පිරිසක් ඒ සඳහා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය වෙත කැඳවා තිබුණි.

    එහිදී, මෙම පරීක්ෂණය ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් විසින් සිදුකර ඇති අතර, එම පිරිසට කිලෝමීටර 2.4ක දුරක් විනාඩි 10ක් තුල දිව අවසන් කිරීමට නියමිතව ඇත.

    ඒ බව ඔවුන්ට යොමු කළ කෙටි පණිවිඩයේ ද සටහන්ව තිබේ.

    එසේම කිලෝ 50ක බරක් රැගෙන තවත් මීටර 100ක් යාමට ද ලබාදී ඇත.

    පසුව මේ සම්බන්ධයෙන් ඊයේ සහභාගී වූ පිරිස කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු පිරිස වෙත ගොස් එම දුර දිවීම සඳහා ලබා දී ඇති කාලය දිර්ඝ කරදෙන ලෙස ඉල්ලා තිබේ.

    නමුත් ඔවුන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර ශාරිරික පරීක්ෂණය ඒ ආකාරයෙන්ම පවත්වා ඇත.

    එහිදී කිහිපදෙනෙකුම ක්ලාන්ත වී වැටී ඇති අතර සුවසැරිය ගිල්න් රථ ගෙන්වා ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගත් බව අගතියට පත් පිරිස වැඩිදුරටත් පැවසීය.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    ෆේල් කරවන්නම බලාගෙන කරන ටෙස්ට් වගේ. නැත්තන් කෘශි කියල යුද්ධෙට යවනවා ඇති. ඔච්චර බරපතල එව්ව කරවන්න ඕනෙයි නැත්තන්.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මුන් Israel යවන්වා කියලා Ukraine-Russia යුද්දෙට යවන්න ද Fitness Test කරලා තියෙන්නේ

    Israel උන් agriculture scene එකට බරටම දැන් බැහැලා ඉන්නේ. උන්ගේ මාර technology එකක් use කරන්නේ. හිස් ඉඩම් ඔක්කොම වගේ වගා සීන් එකෙන් පුරවයි
     
    • Like
    Reactions: War Fighter

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,907
    2,506
    113
    colombo
    අරන් ගිහින් හිස්බුල්ල එක්ක යුද්දෙට යවයි. ඊශ්‍රායෙල් දුවනවානෙ අරුන් ගහනකොට
     
    • Haha
    Reactions: Jihadi john

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    කම්මැලි සිංහලයෝ යකෝ මෙහෙ 2.4 Km දුවා ගන්ඩ බැරුව උන් එහෙ ගිහින් කාන්තාරෙ මොනව කරන්ඩ හිතන් ඉන්නවද දන් නෑ.මුන් හිතන් ඉන්නවද දන් නෑ එහෙ ගිහින් ටික්ටොක් පාරක් කරන් ඕමි අතක් ගහන් ඉන්ඩ.

    අනිවාර්යයෙන්ම මුන්ව ගන්නෙ උන්ගෙ machine වලින් කරන්ඩ බැරි බර වැඩ ටික කරව ගන්ඩ .නැතුව AC කාමර වල කැරකෙන පුටු වල වාඩි වෙලා ඉන්ඩ නෙවේ. ඒකට ගැලපෙන කට්ටක් කාල ගේමක් ගහගන්ඩ පුලුවන් උන්ව තෝරනකොට මෙලෝ අල බෝලයක් බැරි පියරු බබා ල කෑ ගහනව අපිට අසාධාරණයක් උනා කියල.

    මුන් fitness බලන් නැතුව යවන්ඩ කියල අන්තිමට ගිහින් සති දෙක යද්දී ආයෙ අඩනව මරව මරව වැඩ ගන්නව අපිව ආයෙ ලංකාවට ගෙන්න ගනියෝ කියල. අන්තිමට මුන්ව යවන්ඩයි ගේන්ඩයි මිනිසුන්ගේ බදු සල්ලි බර ගානක් නිකන් වියදන් වෙලා රජයට.
     
    • Like
    Reactions: Jihadi john

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    kalin ehe giyapu un tika wada amarui kiyala ain wela wena job walata gihin..
    enisa lankawata aye job denne naha kiyala israel walin, enisa me paara wadar la withralu yawanne..
     
    Last edited: