🌊🚲 වතුරෙ බයිසිකල් පදිමු - Manta5 Hydrofoil Bike 🌊🚴

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නවසීලන්තෙ පාදක කරගෙන ස්ථාපනේ වුණු 'Manta5' කියන සමාගමෙන් තමයි ජලය මත පදින්න පුළුවන් මේ "hydrofoil bike" ගනයෙ සයිකල් එක නිෂ්පාදනය කරන්නෙ. ඇලුමිනියම් සැකිල්ලකින් (Frame) සමන්විත වෙන මේ "hydrofoil bike" එක කාබන් ෆයිබර්වලින් නිර්මාණය කරපු 'propeller' එකකින් සහ 'hydrofoils' ද්විත්වයකිනුත් සමන්විත වෙනවා. ලිතියම් අයන් බැටරියකින් ක්‍රියාත්මක වෙන විදුලි මෝටරයක් මගින් තමයි බයිසිකලය පදින පුද්ගලයට ජලය මත බයිසිකලය පදින්න අවශ්‍ය කරන pedalling power දෙන්න උදව් කරගන්නෙ. මේ සයිකල් එකේ බර කිලොග්‍රෑම් 20 ක පමණ වෙන අතරම කිලොග්‍රෑම් 70 - 100 ත් අතර බරකින් යුක්ත වෙන පුද්ගලයෙක් ජලය මත දරා ගැනීමේ හැකියාවකිනුත් සමන්විත වෙනවා. කරදියෙයි (මුහුදෙ), මිරිදියෙයි (ගංගා) කිසිම බාධාවක් නැතුව පදින්න පුළුවන් මේ බයිසිකලය පැයට කිලෝමීටර 15 - 20 ත් අතර අගයක් දක්වා වෙන උපරිම වේගයකින් පැදීමේ හැකියාවකින් ද යුක්ත වෙනවා. :)

    🌊 'Manta5' සමාගමේ නිල වෙබ් අඩ්විය 🚴

    🌊 නිල 'YouTube' චැනලය 🚴




    white-background.jpeg

    manta5-5.jpg









     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හැබැයි බයිසිකලේ චේන් එක පැන්නොත් වතුරෙ ගිලෙනවා. බල්ලො අහුවුනේ නැති වුණොත් එහෙම ඒත් එහෙමයි. :(
    පොඩි අවුලක් තියනවා ගොඩ පදින බයිසිකලේ තමයි බල්ලො අහුවෙන්නෙ
    මේක වතුර පදින නිසා මේකෙ තියෙන්නෙ සාලයො, සාලයො අහුවෙන්නෙ නැති උනොත් ගිලෙනවා