නවසීලන්තෙ පාදක කරගෙන ස්ථාපනේ වුණු 'Manta5' කියන සමාගමෙන් තමයි ජලය මත පදින්න පුළුවන් මේ "hydrofoil bike" ගනයෙ සයිකල් එක නිෂ්පාදනය කරන්නෙ. ඇලුමිනියම් සැකිල්ලකින් (Frame) සමන්විත වෙන මේ "hydrofoil bike" එක කාබන් ෆයිබර්වලින් නිර්මාණය කරපු 'propeller' එකකින් සහ 'hydrofoils' ද්විත්වයකිනුත් සමන්විත වෙනවා. ලිතියම් අයන් බැටරියකින් ක්‍රියාත්මක වෙන විදුලි මෝටරයක් මගින් තමයි බයිසිකලය පදින පුද්ගලයට ජලය මත බයිසිකලය පදින්න අවශ්‍ය කරන pedalling power දෙන්න උදව් කරගන්නෙ. මේ සයිකල් එකේ බර කිලොග්‍රෑම් 20 ක පමණ වෙන අතරම කිලොග්‍රෑම් 70 - 100 ත් අතර බරකින් යුක්ත වෙන පුද්ගලයෙක් ජලය මත දරා ගැනීමේ හැකියාවකිනුත් සමන්විත වෙනවා. කරදියෙයි (මුහුදෙ), මිරිදියෙයි (ගංගා) කිසිම බාධාවක් නැතුව පදින්න පුළුවන් මේ බයිසිකලය පැයට කිලෝමීටර 15 - 20 ත් අතර අගයක් දක්වා වෙන උපරිම වේගයකින් පැදීමේ හැකියාවකින් ද යුක්ත වෙනවා. 

'Manta5' සමාගමේ නිල වෙබ් අඩ්විය
නිල 'YouTube' චැනලය

