මායි, වයිෆ් නුයිත් 2018 දී වගේ බැලුවා, බම්බා ප්ලේස් එකෙන්. අපි දෙන්නටම ලොකු විශ්වාසයක් තිබ්බේ නෑ, ඇත්තද බලන්නත් එක්ක වගේ තමයි ගියෙත්. වයිෆ ගේ එක තියෙනව කියල ඒ වෙලාවෙම බැලුව.රාමුවේ නාඩි වාක්‍ය හෑල්ල බැලුව ම මට මගේ නාඩි වාක් කතාව මතක් උනා.
මම නාඩි වාක්‍ය බලලා තියෙනවා. මගේ නම පවුලේ අයගේ නම් විස්තර හරියට ම කිව්ව. කිව්ව දේවල් වල වැරදියි කියන්න තරම් දෙයක් නෑ. අනාගතය ගැන කියපු දේවල් වලින් දැනට සිද්ධ වෙලා තියෙන දේවල් ගැන කියපු අනාවැකි හරි. තාම වෙච්ච නැති ඒවා නම් දන්නෙ නෑ.
පුදුම හිතෙන කතාව ඒක නෙමෙයි. පොදුවේ ඉතින් තියෙන්නෙ පොන්න සමාජයක් නිසා මම හිතුවේ ඕක කියනඅය මගේ අතීත කතාව ඇදලා අරන් එතන දි වට්ටි අම්මලා වගේ හැසිරේවි කියලා. ඒ උනාට කිව්වෙ මගේ හරි නම. dead name එක කියවුනේ නෑ. Tg කතාවක් කිව්වෙ වත් නෑ. දැන් ඉතින් කියන්න එපා ඕවා social media වලින් හොයාගන්න ඇති කියලා. කිසිම social media එකක මගේ ඇත්ත නම නෑ. මම linkedin එකේවත් නෑ. ඉතින් ඒවා හොයන්න විදියක් තියෙන්න විදියක් නෑ කොහෙන්වත්.
මම medically transition වෙන්න කලින් ඒක ඇහුව නම් උන් එතකොට කියන්නෙ මොකද්ද? උනාට පස්සෙ කවුරු හරි ඒක අලුත් කරාද මුකුත් හිතාගන්න බෑ. සමහර විට ලියපු ඉසිවරයා ඕවත් දන්න එකෙක්ද දන්නෙත් නෑ.
අවුරුදු ගානකට කලියෙනුත් Similar දෙයක් උනා horoscope සම්බන්ධයෙන්. අද ඊයේ නෙට්ෆ්ලික්ස් එකෙන් ඕවා දැනගෙන නන් දොඩවන උන්ට වඩා ආදිකාලේ උන්ට මේවා ගැන තේරුමක් තියෙන්න ඇති බොහෝදුරට.පැරැන්නොන්ගෙ විශයන් හාරවුස්සලා බලන්න කැමැත්තක් ආවා ඕකෙන් මේකෙන් පස්සේ. ඒත් වෙලාවක් නෑ.
3 වෙනි එකෙන් වගේ හරි එක හොයාගත්ත. (එක හොයාගන්න කල් මෙයාගේ නම, අම්මගේ නම්, සහෝදරියන් ගැන වගේ දේවල් තමයි expose උනේ)
ඊට පස්සේ කියපු ඒ දේවල් ඔක්කොම වගේ හරි, මගේ නම, මගේ ජොබ් එහෙම ඔක්කොම හරියට එක ෂොට් එකෙන්ම කිව්වා. එයාගේ තාත්තගේ නම හරිම අන්කොමන් නමක්. එකත් හරියට කිව්වා.
රට යන ඒවා එහෙම කාලෙත් එක්ක ඔක්කොම කිව්වා. ඉස්සරහට කෙරෙන දේවල් කිව්වට ඒ දවස්වල ඒවා ගැන විශ්වාසයක් තිබ්බේ නෑ.එත් මේ ලගකදී ආයෙම රේකොඩින් එක ඇහුවම බැලුවම ඒවත් හරියට වෙලා තියෙනව.
ඒ කිසිම විස්තරයක් අපිට ෂුවර් කිසිම විදියකින් එයාලට ගියේ නෑ. අඩුගානේ social media scrape කරලා ගනන්වත් බෑ සමහර ඒවා. වයිෆ් එතකොට වැඩ කරපු කම්පැනි එක ගැනත් කිව්වා, ටයිල් , බාත්රූම් වගේ බිල්ඩින් මැටිරියල් විකුණන කම්පැනි එකක මුදල් හා සම්බන්ද රැකියාවක් කරන්නේ කියල. එයා එතකොට Rocell එකේ Finance Analyst හිටියේ. LinkedIn update කරලා තිබ්බෙත් නෑ ඒක.
ඔකේ අනිවා මොකක් හරි තියෙනවා. ඕක ඉන්දියාවේ උනුත් හේනට බලනව. මම දන්නා කීප දෙනෙක්ම ඕක බලල උනුත් කියන්නේ ඔය කතාවම තමයි.
meka wenne ne machan. mama giya welawe nam une ne kiyala 200% sure.ඔක්කොම කටින් අහගෙන කියන බොරු නාඩි වාක්‍ය,
ඕව ඇත්ත නම් , උන්ටම පුළුවන්නේ උන්ගේ නාඩි වාක්‍ය බලලා හොද life එකක් ගෙනියන්න, මොකටද ඔච්චර වාත වෙන්නේ එක එකා ගේ නාඩි වාක්‍ය බලලා
------ Post added on Jan 23, 2025 at 10:31 AM
