ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මා සිත් ගත් පොරොන්දු කීපයක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,930
    49,248
    113
    සේදවත්ත
    ලංකා ඉතිහාසයේම ඕම තමා අයවැය පොරොන්දු මල්ල එන්නේ. ඔකෙන් 25% වෙන් නෑ උනා නම් අපි මෙතන ඉන් නෑ .
    ෆයුන්ඩේශන් එක නොහාදා ගෙදරට පැලැස්තර දමන අයවැයක් පමණයි .

    කෝ එල්ලුම් ගස
    කෝ දඩ ක්‍රමය

    ඔය දෙක නැතුව උනපුරුකේ දාලවත් මේක හදන්න බෑ සහෝදරවරුනි. අඩුම සෑම නගරයකම ටයර් සෑයක් ප්‍රදර්ශනයටවත් තියන්න ඕනේ
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    Going Crazy Losing My Mind GIF
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,146
    113
    ✔කර්මාන්ත සඳහා උපයෝගී වන සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය ආරම්භ කිරීම
    ✔දැනට පවතින හා කටයුතු අරඹා ඇති මෙගාවොට් 1500ක තාප විදුලි බලාගාර ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) බලාගාර බවට පත්කර විදුලි බිල විශාල වශයෙන් අඩුකිරීම
    ✔නැව් සඳහා සේවා සැපයීම පුළුල් කිරීම
    ✔3G වලින් ඉවත්වී 4G හා 5G තාක්ෂණය ස්ථාපනය කිරීම
    ✔පාසල්,විශ්වවිද්‍යාල,පුස්තකාල, අධ්‍යාපන ආයතන,උද්‍යාන, රාජ්‍ය කාර්යාල ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථාන වල ස්ථානපනය කර සාධාරණ මිලකට අන්තර්ජාලය වෙත ප්‍රවේශවීමට ලබාදීම
    ✔ඔන්ලයින් අධ්‍යාපනික වැඩසටහන් සඳහා සෑම පුරවැසියෙකුටම නොමිලේ ප්‍රවේශ අවස්ථාව ලබාදීම (documents,e library)
    ✔මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැලැක්වීමට නාවුක හා ගුවන් ක්ෂේත්‍ර වල නවීන උපකරණ හඳුන්වාදීම හා නිළධාරීන් පුහුණුකිරීම
    ✔විද්‍යාව ,තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා හා ගණිතය හා මානව ප්‍රාග්ධනය ප්‍රවර්ධනයට විදේශීය සහයෝගය ගැනීම
    ✔තෘතීයික අධ්‍යාපන ආයතන වල සිදුවන නවකවදය,ලිංගිකත්වය හෝ වෙනත් හිංසා වැලැක්වීමට ඒකාබද්ධ ව්‍යුහයක් පිහිටුවීම
    ✔ද්විතීයක අධ්‍යාපන ප්‍රවේශ විභාගය සමත්වන අය සඳහා වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතියක්
    ✔වයස 40ට වැඩි අය සඳහා වසරක් පාසා සෞඛ්‍ය පරීක්ෂණ
    ✔ප්‍රමිතියට අනුකූල නොවන ආහාර පාන ආනයනය,නිෂ්පාදනය, බෙදාහැරීම අලෙවිය පාලනය
    ✔රෝහල් වලට ඇතුල් වන සෑම නේවාසික රෝගියෙකුටම ඇඳක් හා අනෙකුත් පහසුකම්
    ✔බටහිර හා ආයුර්වේද සන්චාරක වෛද්‍ය සේවා සැපයීම
    ✔සෑම පුද්ගලයෙකුටම සෞඛ්‍යාරක්ෂිත නිවසක්
    ✔යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම, ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩා වල සිදුව ඇති වංචා හා දූෂණ විමර්ෂණය
    ✔ප්‍රජා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථාන 1000ක්
    ✔සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මාසිකව 5000ක දීමනාවක්
    ✔අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුරවැසියන්ට මාසිකව 10,000ක දීමනාවක්
    ✔අවශ්‍යතා හා ඉල්ලීම් මත,පදනම්ව නීති ආධාර හා උපදේශන සේවා
    ✔අවශ්‍යතා ඇති නිදන්ගත රෝග ඇති අය සඳහා මසකට 10,000ක මූල්‍යාධාර
    ✔අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මවුවරුන්ට ගැබිණි සමයේ හා දරු ප්‍රසූතියෙන් පළමු වසරේ පෝෂ්‍යදායි ආහාර පැකේජයක් සඳහා මූල්‍යාධාර
    ✔රටේ සියලුම අංශ වල පුරවැසියන් ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම(ගොවිතැන වැනි ක්ෂේත්‍රයන්ටද අදාලය )
    ✔රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් ගුරු වෘත්තියට
    ✔පෝෂ්‍යදායී ආහාර සැපයීම සමස්ථ ළමා සෞඛ්‍ය නැංවීමට ජාත්‍යන්තර හා දේශීය ආයතන වල සහය සහිත වැඩපිළිවෙලක්
    ✔විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල,පාසල්,උසස් අධ්‍යාපන ආයතන හා පුස්තකාල සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම්
    ✔මෘදුකාංග හා දුරකථන යෙදවුම් නිපදවීමට තරුණ පරපුර දිරිමත් කිරීම
    ✔අත්තනෝමතික ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීම, භාණ්ඩ හිඟයන් නිර්මාණය කිරීම වැලැක්වීම
    ✔රටේ දේශීයව නිපදවිය හැකි සියලුම ආහර රට තුළ නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය
    ✔අපනයන කෘෂි ගම්මාන 1000ක් ස්ථාපනය
    ✔2030 වන විට තොරතුරු තාක්ෂණ බලකාය ලක්ෂ 2 දක්වා ඉහළ නැංවීම
    ✔ඉල්මනයිට් මගින් ටයිටේනියම් ඩයොක් සයිඩ්, බේරුවල මොනසයිට් වලින් දුර්ලභ ඛණිජ නිෂ්පාදනය සහ සේරුවිල යපස් නිධිය මගින් තඹ සහ රත්‍රන් නිෂ්පාදනය වැනි නව විභවතාවයන් අධ්‍යයනය කොට ක්‍රියාත්මක කිරීම
    ✔වසර පහක් තුළ කෘෂි ව්‍යවසායකයින් 50,000 ක් බිහි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සහ මඟපෙන්වීම
    ✔කෘෂිකාර්මික ඉඩම් අක්කරයකින් වසරකට රුපියල් ලක්ෂ 30 ක පමණ ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ. ජාතික තේ නිෂ්පාදනය මෙ.ටො. මිලියන 400 ඉක්මවීමටත්, පොල් ගසකින් ලැබෙන වාර්ෂික අස්වැන්න ගෙඩි 80 දක්වා ඉහළ නැංවීමටත්, රබර් අස්වැන්න හෙක්ටයාරයකට වර්ෂයකට කි.ග්‍රෑම් 1300 දක්වා වැඩිකිරීමට ද අපේක්ෂා කෙරෙන අතර, හෙක්ටයාරයකින් මෙ.ටො. 06ක පමණ වී අස්වැන්නක් ලබා ගැනීම
    මේ සියල්ල යටින් ගානට කෙරීගෙන යනවා සහෝදරයා.
    ඉවසපල්ලා.... ඉවසපල්ලා.....
    අවුරුදු එක හමාරෙන් හදපු රටක් ලොවෙත් නෑ
     
    • Haha
    Reactions: snyder007