පහුගිය දවස්වල බලන්න ලැබුණු හොද 'Romance' ෆිල්ම්ස් කීපයක් ගැන පොඩි ත්‍රෙඩ් එකක් දාන්න හිතුණා කිරියෙ මේ ෆිල්ම්ස් ටික නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඒ අයට දැනගන්නත් එක්ක.
Two Lovers (2008)
"Two Lovers" කියන 2008 දි රිලීස් කරපු "romantic drama" ගනයට අයිති වෙන මේ චිත්‍රපටිය "James Gray" කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් තමයි අධ්‍යක්ෂණය කළේ. ඒ ඔහුත්, "Richard Menello" විසින් රචනා කරපු තිර රචනයක් ඇසුරෙන්. Joaquin Phoenix, Gwyneth Paltrow, සහ Vinessa Shaw කියන නළු නිළියො තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතවලට පණ පොවන්නෙ. ජීවිතේ අත්විදින්න වුණු කණගාටුදායක සිද්ධියක් නිසා සිත් තැවුලට පත්වෙලා මානසිකව ඇද වැටිලා ඉන්න තරුණයෙකුයි, තරුණියන් දෙදෙනෙකුයි අතරෙ ඇතිවෙන තුන්කොන් ප්‍රේමයක් මේ චිත්‍රපටියෙ කතා තේමාවට පසුබිම් වෙලා තියෙනවා.
වර්තමානෙ ඉන්න හොලිවුඩ් නළුවො අතරෙන් "Tragic backstory" එකක් තියෙන "Mentally unstable" චරිත කරන්න හැකියාවක් තියෙන හොදම නළුවන්ගෙන් කෙනෙක් කියලා ඔප්පු කරන තවත් විශිෂ්ට රගපෑමක් මේ චිත්‍රපටියෙදිත් "Joaquin Phoenix" ගෙන් බලාගන්න පුළුවන්. හරිනම් මේ චිත්‍රපටියෙ කරපු චරිතෙ වෙනුවෙන් "Joaquin Phoenix" ට අඩුම තරමෙ ඔස්කාර් නොමිනේෂන් එකක්වත් ලැබෙන්න තිබ්බා කියලා තමයි මගේ මතේ නම්. ආදරේ නාමයෙන් හැගීම්වලට වහල් වෙලා අපේ ජීවිතේට ළං කරගන්න උත්සාහ කරන පුද්ගලයො ඇත්තටම අපේ ජීවිතේට කොච්චර ගැලපෙනව ද කියලා අයෙ සැරයක් හිතන්න අපිව යොමු කරන කතාවක් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්නන්නෙ. දුක හිතෙන කතාවක් වගේම, අපිට හිතන්න යමක් ඉතුරු කරන අවසානයක් තියෙන චිත්‍රපටියක්. ඒ නිසා සංකීර්ණ කතා තේමාවක් තියෙන "romance films" බලන්න කැමති අයට ඉහළින් ම 'recommend' කරනවා මේ චිත්‍රපටිය.

Say Anything... (1989)
මේක නම් "Romance/Comedy" ගනයෙ චිත්‍රපටියක්. "Cameron Crowe" විසින් තිර රචනය වගේම අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතවලට පණ පොවන්නෙ "John Cusack" සහ "Ione Skye" කියන නළු නිළි දෙපළයි. සැහැල්ලුවෙන් බලන්න පුළුවන් "Feel-Good" ටයිප් එකේ ලස්සන චිත්‍රපටියක්. මේ ෆිල්ම් එකේ තියෙන "Boombox scene" එක නම් සෑහෙන 'iconic' එකක්.
Once (2007)
"John Carney" විසින් තිර රචනය සහ අධ්‍යක්ෂණය කරපු "Musical/Romance" ගනයෙ චිත්‍රපටියක් මේක. "Glen Hansard" සහ "Markéta Irglová" කියන සැබෑ ජීවිතයෙදිත් 'musicians' ලා දෙන්නෙක් වෙන නළු නිළි දෙපළ තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතවලට පණ පොවන්නෙ. ලස්සන 'sountrack' එකක් තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙදි මේ නළු නිළි දෙපළ ගායනා කරන "Falling Slowly" කියන සිංදුව 2008 අවුරුද්දෙ පැවැත්වුණු 80 වැනි ඔස්කාර් සම්මාන උළලෙදි වසරේ හොදම සිනමා ගීතයට පිරිනැමෙන සම්මානයත් දිනාගන්න සමත් වුණා.