එතකොට ඔය ගොඩක් එවුන් කියන බෑන්ක් ලෝන් දෙන්නේ නැති ප්‍රශ්න විසදෙයිද ?
ඒක එක ලෙවෙල් එකකට විසදෙයි... හෙන ආතල් එකේ බැංකුවට ගිය ගමන් එන්න සර් ඉඳගන්න, තේකක් බොනවාද, ණයක් ඕනද, ආ මෙන්න සර් කියලා දෙන්නේ නෑ...
දැනට ලංකාවේ හැම එකාටම එහෙමයි...
උබ හිතපං මම පොල් කටු හැඳි හදන බිස්නස් එකක් කරනවා කියලා... මට සමහර මාස වල ලොකු ගානක් එනවා, සමහර මාස වල එහෙම නෑ... හැබැයි මගේ කෑෂ් ෆ්ලො එක යන්නේ බැංකුව හරහා...
මම ගිහිං බැංකුවෙන් ඉල්ලුවොත් මගේ බිස්නස් ඒක profit, මාසෙට average මේ ගාන මම අවුරුදු මෙච්චරක් තිස්සේ හොයනවා... මගේ හැඳි වලට දැන් demand එක වැඩියි... අතින් හදලා ගොඩ දාන්න බෑ... මේ මැෂින් එක ගන්න ණයක් දුන්නොත් ආදායම වැඩි වෙනවා... එකෙන් මම මේ ණය ගෙවනවා කියනවා...
ඒත් බැංකුව මට ණය දෙන්නේ නෑ... මොකද ගිණුමේ සල්ලි ඇවිල්ලා තිබ්බට ආවේ කොහෙන්ද කියලා බැංකුවට හොයා ගන්න බෑ... මට ඔප්පු කරන්නත් බෑ ඒක ආවේ හැඳි බිස්නස් එකෙන් කියලා...
වැඩේ ගොඩ දා ගන්නවා නම් මම කරන්න ඕන ව්‍යාපාරය තනි පුද්ගල එකක් විදිහට වත් රෙජිස්ටර් කරන ඒක... ඊට පස්සේ audited accounts හදලා cash flow එක එන්නේ බිස්නස් එකෙන් කියලා පෙන්නන එක... එහෙම කරලා ඒ ටික පෙන්නලා ණය ඉල්ලුවෝත් ණය දෙන්න පොඩි chance එකක් තියනවා...
දැන් ප්‍රශ්නේ තියෙන්නේ freelance කරන උන්ට ඔය විදිහට බිස්නස් ඒක රෙජිස්ටර් කරන්න බෑ... මොකද freelancing එහෙම වෘතියක් විදිහට පිළිගන්නේ නෑ... ඔය බදු සීන් එක වෙනවා නම් ඒ පිළිගැනීම දෙන්න වෙනවා... එතකොට ඒක කරන එකාට ඔය මම කලින් කිව්ව වගේ ගේමක් ගහලා වැඩේ ගොඩ දා ගන්න පුළුවන්...
ඇත්ත කතාව ලංකාවේ බැංකු කාටවත් එහෙම proposal බලලා ණය දෙන්නේ නෑ... ඒක ප්‍රතිපත්තිමය විදිහට විසඳන්න ඕන... ඒක වෙනකම් ඔය ණය ගන්න සීන් එක වෙන්නේ නෑ...
මම මුලින්ම බිස්නස් එකට ණය ගද්දී මොන proposal දුන්නත් වැඩක් උනේ නෑ... Property එකක් තියලා, රස්සවෙන් එන ආදායම පෙන්නලා, පඩිය බැංකුවට හරවලා, කෙල උනත් පඩීයෙන් ණය පොළිය කැපෙන්න පුළුවන් විදිහට කලාම තමයි ණය දුන්නේ...
ඊළග ණය ගද්දී බිස්නස් එකේ asset morgage කරලා, බිස්නස් එකෙන් එන income එකෙන් ණය පොළිය හා වාරිකය ගෙවන්න පුළුවන් කියලා පෙන්නුවම තමයි ණය දුන්නේ...
දැන් නම් ටිකක් ටෝක් කලාම කලින් ගත්ත ණය ගානට ගෙවන් යනවා, cash flow හොදට තියනවා කියලා බලලා proposal එකකට ණය දෙන ලෙවෙල් එකක් තියනවා...
හැබැයි ඉතින් ඔය රෝල ගහද්දි ලේසි නෑ... මගේ පඩිය රුපියල්... එකට ඔය 36% යනකම් වදින බදු වදිනවා... බිස්නස් income එක 90% ම ඩොලර්... එකට 30% වදිනවා profit එකට... මම profit එකෙන් ගානක් devidence විදිහට ගත්තොත් ඒ ගන්න ගානට ආයේ 36% වෙනකම් වදිනවා...
ඉතින් profit එක ආයේ බිස්නස් එකටම දාන එක ලාබයි මේ වෙලාවේ... ඒක හින්දා ඔන්ලයින් ඔන්තර්පණුවෝ වගේ I8 බස්සන්න බෑ දැන්ම...
මම එහෙමයි කියාල I8 බස්සන උන්ට ඉරිසියා කරන්නේ නෑ...
මම කියන්නේ හැම එකේම වාසි අවාසි තියනවා... ඒ හින්දා අපි තමයි උබලට කන්න අදින්න දෙන්නේ... අපි නැත්තම් තොපිට පෝලිං වල තමයි ඉන්න වෙන්නේ... එක ඩොලරයක් ගේන්නේ නෑ ආයේ... වරෙන්කො ඩොලර් ඉල්ලගෙන වැඳගෙන... කියලා පපේ ටෝක් දෙන්නේ නැතිව...
එක්කෝ ටැක්ස් එක ගෙවාපන්, නැත්නම් වෙන රටකට පලයන්, එහෙමත් නැත්නම් වංගුවක් ගහලා ඕක නොගෙවා ඔහොමම හිටපල්ලා...