ඝාතකයන් හයක් එල්ලා මරයි:හතක් දිවි ඇති තෙක් හිරේ

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,346
    3,653
    113
    මොනර තැන්න
    485009965_1193294116134597_8109085475920986666_n.jpg

    පාකිස්තානු ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ශ්‍රී ලංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා මිලේච්ඡ ආකාරයෙන් මහමඟ ඇඳගෙන ගොස් පහරදී ගිනි තබා මරාදැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාකිස්තානු ජාතිකයින් 06 දෙනකුට මරණ දඬුවම් නියම කළ පාකිස්තානයේ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය එම චෝදනාවන්ටම වරදකරුවන් වු තවත් පාකිස්තානු ජාතිකයින් 07 දෙනකුට ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිනි.
    ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ බවට නඩු විභාගයේදී අනාවරණය වු තවත් පාකිස්තානු ජාතිකයින් 76 දෙනකුට දෙවසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය නියම කෙරිනි”
    විත්තිකරුවන් 89 දෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිනිල්ල විසින් ඔප්පු කොට ඇති බව තීරණය කරමින් ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කෙරිනි.
    2021 වසරේ දෙසැම්බර් මාසයේදී පාකිස්තානයේ සියල්කෝට් නුවරදී එහි ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ප්‍රියන්ත කුමාර මහතාට ඉස්ලාම් ආගමට අපහාස කරන ලදැයි කියමින් පහරදී මහමඟ ඇඳගෙන ගොස් ගිනි තබා මරාදැමීමේ චෝදනා යටතේ පාකිස්තානු ජාතිකයින් 900 කට එරෙහිව පාකිස්තානු පොලිසිය විසින් ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණයේ නඩු පවරා තිබිනි.
    සිද්ධිය වී මාස කිහිපයක් අතුලත පාකිස්තානු පොලිසිය විසින් සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් අනතුරුව මාස කිහිපයක් තුළ විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කළ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය නඩු විභාගයේදී සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් ඇතුලු 43 දෙනෙකුගේ සාක්කි විමසන ලදී.
    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන් 900 දෙනාගෙන් විත්තිකරුවන් 89 දෙනකුට එරෙහි චෝදනා පැමිනිලි පාර්ශවය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති බව තීරණය කළ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය මෙම අපරාධයට ඝෘජුවම සම්බන්ධ වු පාකිස්තානු ජාතිකයින් 06 දෙනකුට මරණ දඬුවම්ද තවත් පාකිස්තානු ජාතිකයින් 07 දෙනකුට ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම්ද නියම කෙරිනි.
    මෙම ඝාතන සිද්ධියේ සිදුවු සිද්ධීන් වලට සම්බන්ධ බවට සාක්කි ඉදිරිපත් වු තවත් පාකිස්තානු ජාතිකයින් 76 දෙනකුට දෙවසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අධිකරණය විසින් වැඩිදුරටත් නියම කෙරිනි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,031
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න රටවල්.... එහෙ ඇප නෑ.... ලෝයර් ලා දුසිම් ගණන් දුවගෙන එන්නේ නැහැ වගේ.
    ලොයර්ලා දුවගෙන ආවම නීතිය වෙනස් වෙන්නෙ නෑ.

    දේසපාලුවෝ කළුවොන්ගේ මොලේ හෝදලා තියෙන්නෙ ලොයර්ල ඉන්නවා නම් වැරදිකාරයින්ට නිදහස් වෙන්න පුළුවන් කියල.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,816
    10,316
    113
    ලංකාවේ මේ වගේ අසාධාරණයක් උනාම මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරන්න රටේ නීතිය විසඳන ආයතන සක්‍රීයව කවුරුවත් මැදිහත් වෙන්නේ නෑ

    එහෙම නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තත් ඒක පැමිණිලි කරන මිනිස්සුන්ට අධික ලෙස පීඩාකාරී වන විදියට තමයි සිද්ධවෙන්නේ සහ අඩුමගානේ ඒ ප්‍රශ්නයක් විසඳන්න අවුරුදු 5ක නඩුවක් යනවා

    ඉතින් මේ දුර්වලතා නිසා රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ ප්‍රශ්න එවෙලේම විසඳගන්න

    ඒක නිසා තමයි පාරේදී ඇක්සිඩන්ට් එකක් උනාම ඩ්‍රයිවර්ට ඇට කුඩු වෙන්න ගහන්නේ වගේ සිද්ධි වෙන්නේ

    මම නඩුවක විස්තරයක් දැක්කා , අවුරුදු 17 දී නුවරඑළියේ ගැනුලමයෙක් දුෂණය කරපු සිද්ධියේ නඩුව, දැන් ඒ කාන්තාවගේ වයස අවුරුදු 42යි තවමත් නඩුව යනවා , හිතපන්කෝ මොනතරම් කාලයක් ද කියලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,111
    25,233
    113
    ලොයර්ලා දුවගෙන ආවම නීතිය වෙනස් වෙන්නෙ නෑ.

    දේසපාලුවෝ කළුවොන්ගේ මොලේ හෝදලා තියෙන්නෙ ලොයර්ල ඉන්නවා නම් වැරදිකාරයින්ට නිදහස් වෙන්න පුළුවන් කියල.
    කව්ද කියන්නේ, අපේ ගමේ හිටියා .... ඉරිදට කසිප්පු කාරයෝ එනවා, අපෙන් තමයි පාරවල් අහන්නේ.... නඩු කාරයාගේ ගෑණි නැත්නම් ළඟ වැඩ කරන උන්ගේ වත්කම් බලපන්.
    ලොකු ගණන් ගන්න ලෝයර් ලා profit share කරන්නේ නෑ....

    පලයන් බං, උඹ හීන දකින ලෝකේ මේ පොලවේ නෑ.

    හඬගම චිත්‍පාටියකුත් හැදුවේ ගුරිවරයෙක් ගැනද? අබෘ ගේ වැඩකාරි ළමයා මැරුණා නේද? රන්ජන් එක්ක බිව්වේ උසාවියේ පියන් ද? අලි හොරකම් කලේ කව්ද? මහින්දගෙන් දුවගේ වෙඩිමට බෙන්ස් එකක් ගත්තු චෝරි කව්ද?
     
    • Like
    Reactions: War Fighter

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,885
    6,299
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ මේ වගේ අසාධාරණයක් උනාම මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරන්න රටේ නීතිය විසඳන ආයතන සක්‍රීයව කවුරුවත් මැදිහත් වෙන්නේ නෑ

    එහෙම නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තත් ඒක පැමිණිලි කරන මිනිස්සුන්ට අධික ලෙස පීඩාකාරී වන විදියට තමයි සිද්ධවෙන්නේ සහ අඩුමගානේ ඒ ප්‍රශ්නයක් විසඳන්න අවුරුදු 5ක නඩුවක් යනවා

    ඉතින් මේ දුර්වලතා නිසා රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ ප්‍රශ්න එවෙලේම විසඳගන්න

    ඒක නිසා තමයි පාරේදී ඇක්සිඩන්ට් එකක් උනාම ඩ්‍රයිවර්ට ඇට කුඩු වෙන්න ගහන්නේ වගේ සිද්ධි වෙන්නේ

    මම නඩුවක විස්තරයක් දැක්කා , අවුරුදු 17 දී නුවරඑළියේ ගැනුලමයෙක් දුෂණය කරපු සිද්ධියේ නඩුව, දැන් ඒ කාන්තාවගේ වයස අවුරුදු 42යි තවමත් නඩුව යනවා , හිතපන්කෝ මොනතරම් කාලයක් ද කියලා
    ඔය වගේම case එකක නඩුවක් කියල අයින් කරවල තිබ්බ එක්ක තිබ්බ ,

    ගෑනු ළමය දූෂණ ය උන
    අවුරුදු ගානක් ගිහින් බැඳලා ළමයි නුත් ඉන්නවා දැන් ,btw කරපු එකා එළියේ .

    ගෑනු ළමයට රට යන්න බැහැ නඩුව නිසා , රජයෙන් කතා කරන නඩුවක් වගේ මොකද්ද case එකක් , case එක වෙද්දී 18 වෙලා නැති නිසා .

    අවුරුදු 15 කට වැඩි නඩුව .

    කොහොම හරි නඩුව අයින් කරවල තිබ්බ රට යන්න ඕන නිසා .

    ලොකුම අවුල මේවට media වල , දැන් කාලෙ නම් social media වල කතා කරන්න බැරි එක නිදහසේ , වචනයක් වරද්දුන ගමන් ප්‍රජා අයිතියත් නැතුව හිරේ යන්න වෙන්නේ ,

    රන්ජන් , sb වගේ උන්ට අවුලක් නැහැ ජනාදිපති සමාව හම්බ වෙනවා නිකං මිනිස්සුන්ට හිරේ ඉන්න වෙන්නේ full time එක එලියට ඇවිල්ලත් ප්‍රජා අයිතියත් නැතුව .

    යන නඩු , දීපු තීන්දු , නඩු පරක්කු වෙන ඕන දෙයක් ගැන විවේචනය කරනන් පුළුවන් වෙන්න ,
    අධිකරණයට අපහාස කිරීම කියන චෝදනාව එල්ල කරන්න බැරි වෙන්න සේරම නීති හරි parliament එකක් ආපු දවසක මාරු කරනකන් කාට වත් ඕව ගැන media වල කතා කරන්න ලේසි නැහැ

    කට වැරැද්ද ගත්තොත් කතා කරද්දී හිරේ ප්‍රජා අයිතියත් නැහැ .

    අවුරුදු 70 ගානක් තිස්සේ අපු උන් ගෙන් වෙනස් උන් ටිකකකට මිනිස්සු ඡන්ද දුන්නොත් ඔය නීති මාරු කරයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,031
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කව්ද කියන්නේ, අපේ ගමේ හිටියා .... ඉරිදට කසිප්පු කාරයෝ එනවා, අපෙන් තමයි පාරවල් අහන්නේ.... නඩු කාරයාගේ ගෑණි නැත්නම් ළඟ වැඩ කරන උන්ගේ වත්කම් බලපන්.
    ලොකු ගණන් ගන්න ලෝයර් ලා profit share කරන්නේ නෑ....

    පලයන් බං, උඹ හීන දකින ලෝකේ මේ පොලවේ නෑ.

    හඬගම චිත්‍පාටියකුත් හැදුවේ ගුරිවරයෙක් ගැනද? අබෘ ගේ වැඩකාරි ළමයා මැරුණා නේද? රන්ජන් එක්ක බිව්වේ උසාවියේ පියන් ද? අලි හොරකම් කලේ කව්ද? මහින්දගෙන් දුවගේ වෙඩිමට බෙන්ස් එකක් ගත්තු චෝරි කව්ද?
    ඔය එකක්වත් චුදිතයා වෙනුවෙන් පෙනී හිටින ලෝයර්ලගේ වැරදි නෙවෙයි. මම මීට කලිනුත් කිව්වෙ ඒක. ඌට ලොයර්ලා 100ක් හිටියත් චෝදනාව ඔප්පු කරන්න ඕන ආණ්ඩුවේ පොලිසිය එකතු කරපු සාක්ෂි පදනම් කරගෙන.

    චෝදනාව ඔප්පු කරගන්න බැරි රජයේ නීතිඥයන්ට උන්ගෙයි පොලිසියෙයි තියෙන දුර්වල කම නිසා.

    වැරදිකාරයා වෙනුවෙන් නීතිඥයන් පෙනී හිටින්න එපා කියල නඩු දිනන්න ආසද ?