ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    මම කලින් එළකිරි එකේ පොස්ට් එකක කිව්වා අපි ගෙදර කෑමට අවශ්‍ය වෙන පොල් තෙල් ගෙදරීම හදාගන්නේ කියලා. ඉතින් මේ සිංහල අවුරුදු කාලේ පොල් තෙල් ටිකක් හදා ගත්තා ගෙදරදීම.

    මේ තියෙන්නේ එකේ ෆොටෝස් කීපයක්.

    මුලින්ම පැහිලා තියෙන පොල් ටිකක් කඩා ගන්න ඕනි. පොල් ගෙඩිය වේලිලා වගේ තියෙනවා නං පොල් තෙල් වලට හොදයි. ඒ නිසා අලුතින් කඩා ගත්තු පොල් සති දෙක තුනක් තියලා ගත්තත් කමක් නැහැ.

    1.jpg

    2.jpg

    පොල් කඩන කෙනා පොල් ගස් වල තියෙන වෙළුණු අතු අයින් කරනවා. මෙහෙම පෝල් ගස් වල තියෙන වියලි කොළ, නටු ආදිය ඉවත් කරාම ඵලදාවත් හොදයි.

    3.jpg

    ඊට පස්සේ පොල් ගෙඩිවල ලෙල්ල ඉවත් කර ගන්න ඕනි. අපේ නං පොල් කඩන්න එන කෙනාම පොල් කඩලා, ගිය වතාවේ කඩපු පොල් ගබඩාවේ තියෙනවා නං ඒවා අරගෙන ලෙල්ල ඉවත් කරලා, අලුත් ගෙඩි ගබඩාවට දාලා යනවා.

    පොල් කඩන්න එක ගහකට ගන්නේ පොල් ගෙඩියක වර්ථමාන මිල. ඒ කියන්නේ දැන් පොල් ගෙඩියක් රුපියල් 250 ක් වෙන නිසා ගහකට ඒ ගාන දෙනවා. ඊට අමතරව ගස් කීපයක පොල් කැඩුවම පොල් ගෙඩියක් දෙකක් ගෙනියන්න දෙනවා. ඉවත් කරන පොල් ලෙලි, පොල් අතු ආදිය එයාම අරගෙන යනවා ගින්දර අවුළුවා ගැනීම පිණිස.

    අපේ නං එක පාර පොල් ගස් 3 - 4 ක වගේ තමයි පොල් කඩන්නේ. ඒ ටික අපිට එක වතාවකට කෑමට ඇති. මේ සැරේ ගස් 5 ක පොල් ගෙඩි 100 ක් වගේ තිබුනා. පොල් කඩලා, අවශ්‍ය ප්‍රමාණයට ලෙල්ල ඉවත් කරලා, ඉතිරිය පිළිවෙලකට අහුරලා දීලා ගියා. ඉතින් රුපියල් 1,700 ක් සහ පොල් ගෙඩි දෙකක් දුන්නා.

    4.jpg

    සමහර පොල් කඩන අය පොල් ටික කැඩුවා ගියා යන්න. අපි ඒවා එකතු කරගන්න ඕනි. ඊට වඩා මේක ලේසි.

    ඊට පස්සේ හොදට පායන දවසක පොල් ගෙඩි ටික බිඳගෙන අව්වේ වේලාගන්න ඕනි. හොදට අව්ව තියෙනවා නං ඒ දවසක් වෙළුනාම මේවයේ පොල් කට්ට නිකන්ම ගැලවිලා යනවා.

    5.jpg

    මේ තියෙන්නේ කට්ට ඉවත් කරගත් පොල් ගෙඩියේ මදය.

    6.jpg

    ඊට පස්සේ මේක පොඩි කෑලි වලට කපා ගන්න ඕනි. ඊට පස්සේ ආයේ අව්වේ වෙලා ගන්න ඕනි දවසක් දෙකක්. හොදට දුඹුරු පාටට හුරු වෙන්න වේලාගන්න ඕනි. මම නං පොල් කෑලි බ්ලෙන්ඩර් කරලා ගන්නවා පොඩියට එන්න. එතකොට ඉක්මනට වේලෙනවා.

    7.jpg

    8.jpg

    ඊට පස්සේ තෙල් හිදින මෝලකට අරගෙන ගිහින් තෙල් හිඳගෙන එන්න තියෙන්නේ. තෙල් හිඳින්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. අපේ නං පොල් ගෙඩි විසිපහක තෙල් හිදින්න විනාඩි 10 ක් වගේ ගියේ.

    තෙල් හිඳින මැෂින් එකක්. ජයාරුපය අන්තර්ජාලයෙනි.

    9.jpg

    මේ තියෙන්නේ අපේ තෙල් ටික මම බෝතලයකට දාගෙන ආව. මෙතන පොල්ගෙඩි විසිපහක තෙල්. බෝතල් 5 ක්.

    10.jpg

    ඊට පස්සේ මේ බෝතලය දවසක් දෙකක් හෙලවෙන්නේ නැතිව තියන්න ඕනි. එතකොට තෙල් මන්ඩ් ටික අඩියේ තැන්පත් වෙනවා. ඊට පස්සේ මේ ටික පෙරාගෙන බෝතල් වලට දාගෙන අවශ්‍ය වෙලේට කෑම හදාගන්න ගන්න තියෙන්නේ.

    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ ඒ තෙල්. මේවා සුදු පාටයි. ෆොටෝ එකට ටිකක් ලා කොළ වගේ වැදිලා තියෙන්නේ. බෝතලේ අඩියේ තෙල් මන්ඩ් තැන්පත් වෙලා තියෙනවා දකින්න පුළුවන්.

    11.jpg

    මේ පහල ෆොටෝ එකේ තියෙන්නේ ගෙදර හින්දපු පොල් තෙල් බෝතලයක් සහ කඩෙන් ගත්තු තෙල් බෝතලයක්. වම් පැත්තේ එක ගෙදර හින්දපු එක. දකුණු පැත්තේ තියෙන්නේ කඩෙන් ගෙනාපු එක. කඩෙන් ගත්තු තෙල් එක දුඹුරු පාටයි. රුපියල් 650 යි.

    12.jpg

    මේකෙදි වියදම ගැන කියනවා නං පොල් ගෙඩි පහකින් එක තෙල් බෝතලයක් තමයි එන්නේ. ඒ කියන්නේ අපේ නං ඒක තමයි සාමාන්‍ය. මම තෙල් හිදින්න ගන්නේ පොඩි පොල් ගෙඩි. ඒවා කඩේ රුපියල් 150-200 වගේ අතර වෙනවා. ලොකු පොල් ගෙඩි තමයි රුපියල් 250 ක් වෙන්නේ.

    ඉතින් පොඩි පොල්ගෙඩි 5 ක් කියන්නේ රුපියල් 1,000 ක වගේ වියදමක් යනවා පොල් වලට. ඊට අමතරව තෙල් හිඳින්න එක බෝතලයකට රුපියල් 60 ක් යනවා. ඊළගට පොල් කඩන්න යන වියදම, මහන්සිය එහෙම බලද්දී පොල්තෙල් බෝතලයක මිල රුපියල් 1,300 ක් වගේ වෙනවා.

    සුපර්මාර්කට් වල පිරිසිදු සුදු පොල්තෙල් බෝතලයක් කීයද දැන්? මම හරියටම මිල දන්නේ නැහැ. කවලම් ෆාම් තෙල් බෝතලයක් නං රුපියල් 650 යි.

    ඉතින් මෙහෙම හදාගන්න පොල්තෙල් සමහර අය නං රත් කරලාලු බෝතල් වලට දාලා තියාගන්නේ. මොකද මේවා අමු පොල්තෙල් කියලා කියන්නේ. අපි නං එහෙම කරන්නේ නැහැ. මේවා ඉතින් මාස කීපයක් තියාගන්න පුළුවන් වතුර අහුනොවී තියාගන්නවා නං.

    හොද සුවදක්, කෑම උයද්දී හොද රසක් තියෙනව. අපේ දේශීය කෑම හදනවා නං මෙහෙම ගෙදර හින්දපු තෙල් හොදයි. හැබැයි ප්‍රයිඩ් රයිස් වගේ දේවල් වලට නං එච්චරම හරි යන්නේ නැහැ. ඒවායේ බැදුම් වලට බැදුම් තෙල් වර්ගයක් තමයි හරි යන්නේ.
     
    Last edited:

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,303
    1,152

    m.jpg

    ape daddy loku pol gediyak vikunanne 135ta
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,540
    9,557
    113
    පොල් කෑලි ඇඟිලි පුරුකක් ප්‍රමාණයට තමයි අපි කපන්නෙ. පොඩිවට කැපුවම ඉක්මනට වේලෙනවා, තෙල් අඩුයි කියල කියන නිසා අර ප්‍රමාණයට කපන්නෙ. වේලිලාද බලන්නෙ කෑල්ලක් කඩනකොට රබර් ගතිය වගේ නැතුව කැඩෙනවනම්.
    ඔය අපේ විදිය.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    UP

    Tip - ගොඩාක් වේලිච්ච/ පොල් ලෙල්ල හයිය, ලෙලි ගහන්න අමාරු පොල් තියෙනවනම්, ටිකක් වහින වෙලාවක එලියෙ තෙමෙන්න දාල තියන්න. එතකොට ලෙලි ගහන්න ලේසියි.

    කට්ටෙන් ලාවට ගැලවීගෙන එද්දි සම්පූර්නෙන් ගලවල, පොඩි කෑලි වලට කපන්න. ඒ කාලෙ තමයි පොල් කපන්න ලේසි. ඊට පස්සෙ පොල් මදේ තද වෙනවා. එතකොට කපන්න අමාරුයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    ape daddy loku pol gediyak vikunanne 135ta
    තොග මිල ඒ වගේ තමයි නේද. සිල්ලර වෙළඳපොලේ 200 පැනලා.

    පොල් කෑලි ඇඟිලි පුරුකක් ප්‍රමාණයට තමයි අපි කපන්නෙ. පොඩිවට කැපුවම ඉක්මනට වේලෙනවා, තෙල් අඩුයි කියල කියන නිසා අර ප්‍රමාණයට කපන්නෙ. වේලිලාද බලන්නෙ කෑල්ලක් කඩනකොට රබර් ගතිය වගේ නැතුව කැඩෙනවනම්.
    ඔය අපේ විදිය.
    එහෙම තමයි ඉස්සර කරේ. එතකොට ටිකක් දවසක් යනවා වේලාගන්න. මේ දවස් වල හවසට එක සැරේ වැස්ස එන නිසා බ්ලෙන්ඩර් කරේ.

    එතකොට එක දවසක් වේලුනත් ඇති. තෙල් නං ටිකක් අඩුයි කියලා කියනවා එතකොට. ගෙදර භාවිතයට නිසා ඒක කමක් නෑ.

    UP

    Tip - ගොඩාක් වේලිච්ච/ පොල් ලෙල්ල හයිය, ලෙලි ගහන්න අමාරු පොල් තියෙනවනම්, ටිකක් වහින වෙලාවක එලියෙ තෙමෙන්න දාල තියන්න. එතකොට ලෙලි ගහන්න ලේසියි.

    කට්ටෙන් ලාවට ගැලවීගෙන එද්දි සම්පූර්නෙන් ගලවල, පොඩි කෑලි වලට කපන්න. ඒ කාලෙ තමයි පොල් කපන්න ලේසි. ඊට පස්සෙ පොල් මදේ තද වෙනවා. එතකොට කපන්න අමාරුයි.
    ඔව්. එහෙම හයි වෙනවා නේද
    හැබැයි හරියට වේලෙන්නේ නැතිව පොල් කටුව ගැල්ලුව්වොත් තෙල් මුඩු වෙනවා ටික දවසක් යද්දී. කල් තියාගන්න බෑ මාස කීපයක්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    මම තාම හන්දියට වෙලා බලං ඉන්නවා මරික්කාර්. ස්පා එකටත් නොයා හිටියෙ ඌරුමස් ගේනවා කියපු නිසා

    බෙහෙත් නොගහා හදපු සිංහල හාල් තියෙනවා ගෙදර හදපු. කනව නම් කුරියර් කරන්නම්

    සුවදැල්, කුරුලු තුඩ මසුරන් රතු එක
    ------ Post added on Apr 6, 2025 at 8:00 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    ජෝනා වැඩ කාරයානේ එළකිරි
    Thank you bro
    red rum navy seal bump
    Ekenma
    අපේ ගහකට 300ක් ගන්නවා . අපි පොල් එකතු කරලා , ගොඩ ගහලා ලෙලි ගැහ්ගන්නත් ඕනේ
    දැන් ඒ ගාන ගන්නවාලු සමහර අය.
    මම තාම හන්දියට වෙලා බලං ඉන්නවා මරික්කාර්. ස්පා එකටත් නොයා හිටියෙ ඌරුමස් ගේනවා කියපු නිසා
    මොහොමඩ් ගෙදර හදමුද සුදුවා ටිකක්

    මම තාම හන්දියට වෙලා බලං ඉන්නවා මරික්කාර්. ස්පා එකටත් නොයා හිටියෙ ඌරුමස් ගේනවා කියපු නිසා

    බෙහෙත් නොගහා හදපු සිංහල හාල් තියෙනවා ගෙදර හදපු. කනව නම් කුරියර් කරන්නම්

    සුවදැල්, කුරුලු තුඩ මසුරන් රතු එක
    රතු හාල් අපිත් වගා කරනවනේ. රතු කැකුළු තමයි කන්නේ. නිවුඩ්ඩ අයින් නොකරපු.
    ------ Post added on Apr 6, 2025 at 8:02 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,120
    113
    වීදුරු බෝතලේ තියෙන තෙල් එකේ වතුර කලවම් වෙලා තියෙන පාටයි. ඕක ලිපේ තියලා ටිකක් රත් කරොත් වතුර ටික යවාගන්න පුලුවන්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    වීදුරු බෝතලේ තියෙන තෙල් එකේ වතුර කලවම් වෙලා තියෙන පාටයි. ඕක ලිපේ තියලා ටිකක් රත් කරොත් වතුර ටික යවාගන්න පුලුවන්
    සමහර අය රත් කරන්නේ ඒ නිසා වෙන්න ඇති එහෙනං
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113
    මම තාම හන්දියට වෙලා බලං ඉන්නවා මරික්කාර්. ස්පා එකටත් නොයා හිටියෙ ඌරුමස් ගේනවා කියපු නිසා

    බෙහෙත් නොගහා හදපු සිංහල හාල් තියෙනවා ගෙදර හදපු. කනව නම් කුරියර් කරන්නම්

    සුවදැල්, කුරුලු තුඩ මසුරන් රතු එක
    ------ Post added on Apr 6, 2025 at 8:00 PM
    ඇත්තටම හාල් විකුණනවද ?

    මිල ගණන් කොහොමද ?

    කෝච්චියෙන් එවන්න පුලුවන්ද ? (කෝච්චිය තමයි දැනට ලාභම ප්‍රවාහන ක්‍රමය)

    ගොඩක් ගන්න නෙමෙයි හොඳේ
     
    • Like
    Reactions: Janatha Jhon

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    අපිත් හදනවා තෙල් ගෙදර. හැබැයි අපි ගන්නෙ මාස 2,3 පරන පොල්. ඒවාගෙ ගොඩක් වෙලාවට වතුර නෑ. උබේ ෆොටො එකෙ වගේ පොල් වේලනකොට කහ පාට වෙන්නෙ නෑ( වරදකට කිව්ව නෙවෙයි bro) එතකොට හිදපුවාම එන තෙල් එක සුදු පාටයි. අපිනම් දවස්7-10 වගෙ තද අව්වෙ වේලනවා තහඩුවක දාලා.