ජෙප්පො තෙත් කරන්න හදන මෝඩ වීඩියෝ.

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,284
    2,062
    113


    මේ වීඩියෝ එක බලන ඩෝබිලා නම් තෙත් වෙනවා ඇති උන්ගේ ගොන්කමට. හැබැ‍යි ඇත්ත කතාව සප්ලයර්ස්ලා වැඩි වෙන තරමට සප්ලයි එක වැඩි වෙලා මිළ අඩු වෙනවා. අනික අයි.ඕ.සී. / සයිනෝපෙක් කියන ව්‍යාපාර ලංකාවේ තෙල් විකුණලා හම්බ කරන්නේ රුපියල් මිසක් ඩොලර් නෙවෙයි. හැබැ‍යි උන් තෙල් ආනයනය කරන්න වියදම් කරන්න ඕනේ ඩොලර්. ඒ ඩොලර් ටික හොයා ගන්න නම් උන් එක්කො ලංකාවේ බැංකු පද්ධතියට අර රුපියල් ටික දීලා ඩොලර් ඉල්ල ගන්න ඕනේ. නැත්තං රුපියල් ටික තමුන්ගේ මවු රටට යවලා ඩොලර් ටික එතනින් අරගෙන තෙල් නැව් ලංකාවට ගෙන්න ගන්න ඕනේ. එහෙම බැළුවාම ලංකාවට ඩොලර් හොයන්න තියෙන අපහසුතාවයට සුලු සහනයක් ඒක.

    ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පය ඉල්ලුමට සැපයුම නැත්තන් මිළ ඉහළ යනවා. ඒ වගේම සැපයුමට ඉල්ලුම නැත්තන් මිළ පහල යනවා. සැපයුම් කරුවෝ වැඩි උනාම සැපයුම වැඩි වෙනවා. මිළ අඩු වෙනවා.

    එහෙනම් ඇ‍යි මේ පාර මිළ අඩු නොවී මිළ වැඩි වෙන්නේ?

    ඔය මොනතරම් ලිබරල් ආර්ථිකේකට යන්න හැදුවත් ජෙප්පෝ ඇතුලු මෝඩ මාක්ස්වාදය සහ කොමියුනිස්ට් වාදය කර පින්න ගත්ත ගොන් හරක් ටික වෙළඳ පොළ මත මිළ තීරණය වෙන්න නොදී උපරිම මිළක් තීරණය කරන්න හදනවා පාරිභෝගික සුභ සාධනය සදහා කියලා. ඔය ගොං වැඩේ නිසා මිළ වැඩි වීමේ පාලනය කෙසේ වෙතත් මිළ අඩු වෙන්නේ නම් නෑ. හැමෝම හදන්නේ උපරිම මිළට තෙල් ටික විකුණ ගන්න.

    අනික තමා රජයට මූලික අවශ්‍යය තාවයක් හෝ හැකියාවක් නෑ ව්‍යාපාර කරන්න. සිපෙට්කෝ එකට දැක්මක් තියෙන්න ඕනේ ලංකාවේ තෙල් සැපයීමේ ප්‍රමුඛයා වෙන්න. ඒක තමුන්ගේ වෙබ් සයිට් එකේ කියලා වැඩක් නෑ ලංකාවේ තෙල් සැපයීමේ ප්‍රමුඛයා කියලා. අඩුම ගානේ තියෙන ශෙඩ් වලින් 75%ක් තමන් සතු කරගන්න, මාසික තෙල් විකිණුම් වලින් 80%ක් වත් සිපෙට්කෝ ශෙඩ් වලින් විකුණන්න, වගේ දේවල් තමන්ගේ අරමුණු අතර තියෙන්න ඕනේ. තමන්ට අඩු මිළට තෙල් විකුණන්න පුළුවන්නම් එහෙම කරලා අනෙකුත් සැපයුම් කරුවන් තරඟයෙන් ඉවත් කරන්න හරි අසාර්ථක කරන්න හරි පුළුවන් නම් ඒක කරන්න ඕනේ. හැබැ‍යි රජයේ මාද්‍ය ප්‍රකාශක උද්දච්ච දණහිස්ස (නලින්ද ජයතිස්ස ) කියන්නේ රජයට විතරක් තෙල් සැපයීම කරන්න බෑ. සමාගම් වලටත් තෙල් සපයන්න අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ නිසා උපරිම තෙල් මිළ වැඩි කරන්න ඕනේ කියලයි. ඒ කියන්නේ රජයට තෙල් ව්‍යාපාරය හරියට කරන්න බෑ. ඉතින් සමාගම් කියන විදියට රජය සහ රජයේ තෙල් සංස්ථාව නටනවා.

    ඉතින් තෙල් මිළ වැඩි උනේ රජයේ නොහැකියාව නිසා මිසක් ආර්ථික විද්‍යාවේ සහ ව්‍යාපාර කළමණාකරනය කියන විශයන් වල දුර්වලතාවයන් නිසා නෙවෙයි.

    උඩින් දාලා තියෙන මෝඩ වීඩියෝ එක හැදුවේ කවුද දන් නෑ. හැබැ‍යි ඔයිට වඩා දෙයක් ඉගෙන ගෙන අඩුම ගානේ ඕ/ලෙවල් වත් හොදට ඉගෙන ගෙන හිටියා නම් ඔය වගේ වීඩියෝස් හදන් නෑ. අනෙක් අතට හදන්නත් පුළුවන්. මොකද මූලික අවශ්‍යතාවය වෙන්නේ ඇත්ත කියන එක නෙවෙයි. ජෙප්පො තෙත් කරන එක නිසා.
     
    • Like
    Reactions: CohenLenstra

    Sen-lu

    Well-known member
  • නැත්තං රුපියල් ටික තමුන්ගේ මවු රටට යවලා ඩොලර් ටික එතනින් අරගෙන
    🤔 උන් රුපියල් වලින් මොනව කරන්නද බං.
    Yah that video is dumb AF, also there are many technical errors in this article too.
     
    • Like
    Reactions: CohenLenstra

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,284
    2,062
    113
    🤔 උන් රුපියල් වලින් මොනව කරන්නද බං.
    Yah that video is dumb AF, also there are many technical errors in this article too.
    Such as? Appreciate if you could point them out. I'm not perfect but if I miss something I could learn.