❓😔 හොලිවුඩයේ නොවිසදුණු අභිරහස් - ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පිණී "Natalie Wood" ගේ අභිරහස් මරණය 🕵️‍♂️❓

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    හොලිවුඩයට සම්බන්ධ විශේෂ සිදුවීම් අතරෙ තියෙන තවමත් නොවිසදුණු, අභිරහස් සිද්ධියක් විදිහට හොලිවුඩයෙ හිටපු අතිශය ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිණියක් වුණු "Natalie Wood" ගෙ අභිරහස් මරණය විශේෂයෙන් සදහන් කරන්න පුළුවන්. "Happy Land (1943)" කියන චිත්‍රපටියෙ චරිතයකට (Credited role) රංගනයෙන් දායක වෙමින් ළමා නිළියක් විදිහට හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයට එකතු වුණු "Natalie Wood", Miracle on 34th Street (1947), Rebel Without a Cause (1955), The Searchers (1956), West Side Story (1961), Gypsy (1962), Splendor in the Grass (1961), Love with the Proper Stranger (1963), Sex and the Single Girl (1964), The Great Race (1965), Inside Daisy Clover (1965), This Property Is Condemned (1966), Bob & Carol & Ted & Alice (1969) වගේ ජනප්‍රිය චිත්‍රපට ගණනාවකටම රංගනයෙන් දායක වුණා. හොලිවුඩ් සිනමාවෙ හිටපු රංගන ශිල්පිනියන් අතරින් අවුරුදු 25 සපිරෙන්න ඉස්සෙල්ලා වැඩිම වාරයක් ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ ලබාගත්තු රංගන ශිල්පිනියට හිමි වාර්තාව සමකරන්න සමත් වුණු "Natalie Wood" (පස්සෙ කාලෙක මේ වාර්තාව Jennifer Lawrance යි, Saoirse Ronan යි හිමි කර ගත්තා) හොදම රංගන ශිල්පිනියට පිදෙන ඔස්කාර් සම්මානය සදහා 2 වාරයකුත්, හොදම සහය රංගන ශිල්පිනියට පිදෙන ඔස්කාර් සම්මානය සදහා එක් වරකුත් නිර්දේශ ලබා ගත්තා.

    "Natalie Wood"

    139633607_natalie-wood-zoom.jpg
    45%2BColor%2BVintage%2BPhotos%2Bof%2BNatalie%2BWood%2Bfrom%2Bthe%2Blate%2B1950s%2Bto%2B1960s%2B%252832%2529.jpg




    "Natalie Wood" 43 වැනි වියේ පසුවෙද්දි අභිරහස් විදිහට දියේ ගිලිලා මිය යන්නේ 1981 වසරේ නොවැම්බර් 29 වෙනිදා. ඒ ඇයට සහ ඇයගෙ ඒ වෙනකොට සැමියව හිටපු තවත් හොලිවුඩ් රංගන ශිල්පියෙක් වුණු "Robert Wagner" ට (Austin Powers ෆිල්ම් සීරීස් එකේ "Number 2" ගෙ කැරැක්ටර් එක කරපු නළුවා) අයිතිව තිබුණු 'Splendour' කියන 'yacht' එකේ කැලිෆෝර්නියාවට අයිති "Santa Catalina" කියන දූපතට බෝට්ටු සවාරියක් ගිහින් හිටපු අතරතුරයි. වැසි දිනයක් වුණු සිද්ධිය වුණු දිනයදා රාත්‍රියෙදි 'yacht' එකෙන් වැටිලා "Natalie Wood" අභිරහස් විදිහට දියේ ගිලිලා මිය යනවා. මේ බෝට්ටු සවාරියට "Natalie Wood" සහ ඇගේ සැමියට අමතරව ඇය ඒ වෙනකොට රූපගත කිරීම්වලට දායක වෙමින් හිටපු 'Brainstorm' කියන චිත්‍රපටයෙ ඇය සමග ප්‍රධාන චරිතවලට පණ පොවපු ප්‍රවීණ රංගන ශිල්පියෙක් වුණු "Christopher Walken" නුත්, බෝට්ටුවෙ කපිතාන්වරයා විදිහට කටයුතු කරපු "Dennis Davern" ත් සහභාගි වුණා. මේ මරණෙ හදිසි අනතුරක් විදිහට පෙන්නන්න උත්සාහ කළාට හුගක් අය විශ්වාස කරන්නෙ "Natalie Wood" ගෙ සැමියා වුණු "Robert Wagner" විසින් ඇය හිතාමතාම දියට තල්ලු කරලා සිදු කරපු මිනීමැරුමක් විදිහට. මීට අමතරව පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධව මේ වෙනකම් සිද්ධ කරලා තියෙන පරීක්ෂණවලින් ලැබුණු තොරතුරුවලට අනුව මේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකාරයා විදිහට නම් කෙරුවෙත් ඇගේ සැමියා වුණු "Robert Wagner" මයි. ඒත් හරිහමන් සාක්ෂි නැති නිසා "Robert Wagner" ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමක් සිද්ධ වුණේ නෑ. මරණෙට සම්බන්ධ කමක් නොතිබුණත් "Natalie Wood" ට එදා රෑ ඇත්තටම වුණේ මොකද්ද කියන එක "Christopher Walken" ත් හොදින් දන්නවා කියලයි හුගක් අය විශ්වාස කරන්නෙ.

    "Natalie Wood" තම සැමියා වූ රංගන ශිල්පී "Robert Wagner" සමග

    gettyimages-166979517.jpg
    robert-wagner-natalie-wood-inline-today-161117-04.jpg


    _99850342_hi044472417.jpg


    සිද්ධිය සිදු වූ 'Splendour' නම් 'yacht' එක

    splendour-the-boat-owned-by-robert-wagner-docked-off-news-photo-874136510-1542747999.jpg

    "Natalie wood", "Christopher Walken" සමග

    qswxfaeeqsn61.jpg




    "Natalie Wood" පොඩි කාලෙ ඉදලම වතුරට හුගක් බයක් දක්වපු පුද්ගලයෙක් කියලා කියනවා. ඒ වගේම "Natalie Wood" ගෙ මළසිරුරෙ තැලීම් තුවාල වගේම, කම්මුලේ කැපුම් තුවාලෙකුත් තිබිලා තියෙනවා කියලා මරණ පරීක්ෂණේදී හෙළිවුණා. ඔන්න ඔය හේතු නිසයි "Natalie Wood" ගෙ මරණය හුදෙක්ම අහම්බෙන් දියේ ගිලිලා සිද්ධ වුණු දෙයක් කියලා හුගක් අය පිළිගන්න එක හෙළාම අකමැති. "Natalie Wood" ගෙ මේ අභිරහස් මරණෙට අමතරව ඇයට අවුරුදු 16 ක් වෙන කාලෙදි හොලිවුඩයේ හිටපු ප්‍රකට නළුවෙක් ඇයව දරුණු විදිහට ලිංගික අතවරේට පත් කරලා තියෙනවා කියලත් මීට අවුරුදු කීපෙකට කලින් හෙළි වුණා. මේ අපරාධය කරලා තියෙන්නෙ වෙනින් කවුරුවත් නෙවේ හොලිවුඩයෙ හිටපු ප්‍රකටම නළුවෙක් වුණු "
    Kirk Douglas" විසිනුයි. හරියටම කිව්වොත් හොලිවුඩේ මේ වෙනකොට ඉන්න ප්‍රවීණම නළුවෙක් වුණු "Michael Douglas" ගෙ තාත්තා අතින්. 1955 අවුරුද්දෙ මේ සිද්ධිය වෙනකොට "Natalie Wood" 16 වැනි වියේත්, "Kirk Douglas" 38 වැනි වියේත් තමයි පසුවුණේ. ඒත් මේ වගේ අපරාධයක් කරලත් "Kirk Douglas" ට විරුද්ධව කවදාවත් නීතිමය ක්‍රියාමාර්ගයක් කිසිම කෙනෙක් විසින් අරන් තිබුණෙ නෑ.


    kirk-douglas-gettyimages-57633079.jpg
    douglas-getty.jpg




    "Natalie Wood" රගපාපු බලන්න මග ඇරුණු ෆිල්ම්ස් වගයක් පහුගිය දවස්වල බලන්න ගත්ත නිසායි මේ සිද්ධිය ගැන මතක් වෙලා ත්‍රෙඩ් එකක් දාන්න හිතුණෙ. ඔය වගේ අවාසනාවන්ත සිද්ධිවලට මුහුණ දීපු දක්ෂ වගේම ලස්සන නිළියක් අන්තිමේ අවාසනාවන්ත විදිහටම අකාලයෙ නැති වුණා. :( මේ සිද්ධිය සම්බන්ධ ව 'BuzzFeed' ලා මීට අවුරුදු කීපෙකට කලින් කරපු වීඩියෝ එකක්.




    මේ "48 Hours" කියන "True crime" වැඩසටහන් මාලාවෙන් "Natalie Wood" ගෙ මරණය සම්බන්ධව කරපු 'documentary' එකක්.




    මේ සිද්ධිය වුණු වෙලාවෙ බෝට්ටුවෙ කපිතාන්වරයා විදිහට වැඩ කරපු "Dennis Davern" එක්ක "Dr. Phil" කරපු වැඩසටහනක්. මේ කපිතානුත් කියන්නෙ "Natalie' ව මැරුවෙ එයාගෙ සැමියා වුණු "Robert Wagner" කියලයි.





    මේ "Natalie Wood" ගෙ මරණෙන් මාස කීපෙකට පස්සෙ "Christopher Walken" එක්ක කරපු interview එකක්. වීඩියෝ එක බලපු හුගක් අය කියන්නෙ "Christopher Walken" ගෙ "Body language" එක අනුව සිද්ධිය සම්බන්ධ ඇත්ත විස්තරේ හංගන බවක් හොදටම පේනවා කියලා.


     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113

    "Natalie Wood" ප්‍රධාන චරිත වෙනුවෙන් දායක වූ ප්‍රකට චිත්‍රපට කීපයක්

    "Miracle on 34th Street (1947)" චිත්‍රපටය

    Edmund-Gwenn-Natalie-Wood-Miracle-on-34th.jpg


    MV5BOTZkZGM2NzUtNGQ3OS00NTc5LTllNzgtMWZmY2YzYjEwMWM5XkEyXkFqcGc@._V1_.jpg

    "Rebel Without a Cause (1955)" චිත්‍රපටයේ "James Dean" සමග

    MV5BOTAzMWNmMGItODQ0MC00YTIyLWE2YmQtYWYzOTk4NTU3YzgwXkEyXkFqcGc@._V1_.jpg


    13b669_9b00ff0e274b428da9d1d9dd72a430bd~mv2.png


    wood-dean-rebel.jpeg


    "The Searchers (1956)" චිත්‍රපටයේ "John Wayne" සහ "Jeffrey Hunter" සමග

    MV5BNzYyMTQzYzYtZjlhZi00MWRkLWJhYjYtOGYxMTliMWM0MzVmXkEyXkFqcGc@._V1_.jpg


    MV5BNzdiOTMyNDItODIwYi00NWFlLTk1ZWUtMmM2ZjkyYmQyYjhiXkEyXkFqcGc@._V1_.jpg


    PX-Gn7a18gi7facWWBXpOkWPxFZBzuGLWJOK5f3OX8Qk7C33QDjnogjR88zHEEkQMrDbnSZADOIzE_r22RmAvFVv0pqtGIHLmjUyhldXt4KxB97gMjY-Xmufi7gukvE


    kwgc8d7vdg611.jpg



    "Splendor in the Grass (1961)" චිත්‍රපටයේ "Warren Beatty" සමග ("Warren Beatty" ගෙ පළවෙනි සිනමා රංගනයත් මෙයයි)

    q9rYoYD7ckkBrmc2RtRlCOWpPXi.jpg


    c9fbe-splendor11.jpg


    image2.png


    MV5BMTg0MzA5NDc0MV5BMl5BanBnXkFtZTcwODIxOTExNA@@._V1_.jpg



    "West Side Story (1961)" චිත්‍රපටයේ

    B2VVRGUU7QI6HKUXQVJXBVNIXU.jpg


    191014-west-side-story-natalie-wood-richard-beymer-se-542p.jpg


    West-Side-Story-1.jpg


    "Love with the Proper Stranger (1963)" චිත්‍රපටයේ "Steve McQueen" සමග

    MV5BMTQxOTY5Mjc5Nl5BMl5BanBnXkFtZTgwMzQ0NjIxMzE@._V1_.jpg


    love-with-the-proper-stranger_p1soGg.jpg


    3b78f4b4727da4c16b5a79316e2b01a0.jpg


    "This Property Is Condemned (1966)" චිත්‍රපටයේ "Robert Redford" සමග

    1200x675.jpg


    screen-shot-2019-02-19-at-8.53.34-am.png


    MV5BNzhkMGRiMzYtY2YxZS00NzdkLWJkN2YtNjkwYTAxOWQxZjdkXkEyXkFqcGc@._V1_.jpg


    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    Sharon Tate එකට Polonsky ව සැකකරේ නැද්ද?
    Manson family එක ඒක කරා කියලා සාක්ෂි එක්කම ඔප්පු වුණා මං දන්න විදිහට නම්. පොලන්ස්කි අහුවුණේ වෙන කේස් එකකට. ඒ කේස් එක මොකද්ද කියලා දන්නවා නේද? හොලිවුඩ්වල ඈයො පොලන්ස්කිව හිරේ නොයා බේරගන්න පෙත්සම් හිටන් අත්සන් කළා ඒ දවස්වල. හොලිවුඩ් නළු නිළියො, ඩිරෙක්ටර්ස්ලා හෙන ලොට් එකක් ඔය පෙත්සමට අත්සන් කළා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,292
    113
    Manson family එක ඒක කරා කියලා සාක්ෂි එක්කම ඔප්පු වුණා මං දන්න විදිහට නම්. පොලන්ස්කි අහුවුණේ වෙන කේස් එකකට. ඒ කේස් එක මොකද්ද කියලා දන්නවා නේද? හොලිවුඩ්වල ඈයො පොලන්ස්කිව හිරේ නොයා බේරගන්න පෙත්සම් හිටන් අත්සන් කළා ඒ දවස්වල. හොලිවුඩ් නළු නිළියො, ඩිරෙක්ටර්ස්ලා හෙන ලොට් එකක් ඔය පෙත්සමට අත්සන් කළා.
    U baala seen ekak karalaa
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    "Splendor in the Grass (1961)" යි, "Love with the Proper Stranger (1963)" යි, "This Property Is Condemned (1966)" යි බලලා නැත්නම් අනිවා බලන්න. ලස්සන ෆිල්ම් 3 ක්. "Love with the Proper Stranger (1963)" නම් මගේ 'favourite' ම ෆිල්ම්ස් වලින් එකක්. :yes: ලස්සන 'Soundtrack' එකකුත් තියෙනවා. :)





     

    Similar threads