බැලුනයකට අසූචි පුරවා එහි කට හොදින් වසා පිරිසිදු කොට විසිතුරු චිත්‍ර වලින් පිට විසිතුරු කල අවස්ථාවක් සිතන්න. බැලුමේ පෘෂ්ඨය මෘදුය. එය පිටත විසිතුරුය. එහි ඇතුලත ඇති දේ නොදන්නා තාක් එය ස්පර්ශයට ප්‍රියය. අප අතර සුන්දර කාන්තාවන් සිටී. කඩවසම් පුරුෂයන් සිටී. ඇත්ත තත්වය නම් කෙතරම් සුන්දර වුවත් කෙතරම් කඩවසම් වුවත් ඔවුන්ද ඉතා සිනිදු පටලකින් වැසුණු අසූචි පිරවූ බැලුම් බෝල වැනිය. පිටත සුන්දරය. සේවනයට ප්‍රියය. නමුත් මිලිමීටරයක් ගැඹුරින් ඇත්තේ ලේ වැහැරෙන මස් වැදලිය. අසූචි වලටත් අන්ත පිලිකුල් ස්වභාවයන්ය. අප පැවසූ උදාහරණයේ අසූචි වැගිරෙන්නේ එක් දොරකින් පමනී. එහෙත් මනුෂ්‍ය ශරීරය තුල නව දොරකින් අසූචි වැගිරේ. සිතන්න අප කෙතරම් මුලාවී ඇත් ද?
යමක් නිසා සිතෙහි ඇතිවන සිතුවිලි තමාගේ ප්‍රඥාව අනුව වෙනස් වේ. වෙනත් ආකාරයකට පැවසුවහොත් තමාගේ සිතට අරමුණුවන වස්තුව ගැන ඇති දැනුම අවබෝධය මත වෙනස් වේ . අසූචි බැලුමේ උදාහරණය දෙස බලන්න. විසිතුරු බලුමෙහි ඇතුලත ඇති දේ කිසිවක් නොදත් අයෙක් ඒ බැලුමට අසාවෙන් පසුවේ. ඒ බැලුම ඇත්තේ අන් අයගේ ග්‍රහණයේ නම් "අමේ මටත් මේ වගේ ලස්සන බැලුමක් තිබුණා නම්" වැනි රාග සිත් පහල කරයි. බැලුමේ පිට ඔපයට රැවටේ. නෙත ගැටෙන වාරයක් වාරයක් පාසා ඒ කෙරෙහි අසාවක් ඇති වේ. යම්දෙයක් භාවිතා කර බහුලීකරණය කළ විට එය ධාරණය වී ප්‍රබල සිතක් බවට පත්වේ. මෙය භාවනාවට පමණක් නොව් රාග ද්වේෂ සිතුවිලි වලටත් එක සේ සත්‍යය වේ. මෙසේ සිත වැඩූ පුද්ගලයා තමාට නැති මෙ විසිතුරු දේ ලබා ගැනීමට නොයෙක් දේ කර විඩාවට පත්වේ.
තවත් අයෙක් මේ බැලුම තුල පුරවා ඇති අසූචි පියවි ඇස් දෙකෙන් දැක්කා යයි සිතන්න. ඔහු ඇත්ත ඇති සැටියෙන් දකී. ඔහුට මේ බැලුනය දැකීමෙන් ඇති වන්නේ ඉමහත් පිලිකුලකි. අවිද්‍යාව ක්‍රියාත්මක වන ආකාරයත්, ඇත්ත ඇති සැටියෙන් දන්නා ප්‍රඥාවන්තයාගේ සිත ක්‍රියාත්මක වන අකාරයත් මෙ සුලු උදාහරණයෙන් දකින්න.
ඇත්ත ඇති සැටි නොදත් අයෙක් අසූචි බැලුනයට ඇලුනේ යම් සේ ද, බාහිරින් සුන්දර සිත්‍රින්ට පුරුෂයන්ට අඥාණ පුද්ගලය ඇලේ. එය නැවත නැවත අනුවණ මනසිකාරයෙන් සේවණය කරයිද ඒ තරමට ඔහු ඒ ඇලෙන රූපය ප්‍රබලකර ගනි. අවසානයෙ එය ලබා ගැනීමට දඩු මුගුරු දරයි . අසූචි බැලුනය යමෙකුට එපා වූයේ යම් සේ ද කුණු කය ගැන නිවැරදි මනසිකාර පැවැත්වු යෝගාවචරයා කෙතරම් සුන්දර ස්ත්‍රියක්, පුරුෂයෙක් දකින්නේද අසුබ සංඥවෙනි .
ඔබ අපමණ කුඩා වැසිකිලි කැසිකිලි දැක ඇත. මෙම වැසිකිලි අසලින් ගමන් කරද්දී අප තුල පිලිකුල් සංඥාව පහල වේ. ඒවා තුළින් එතරම් ගදක් වහනය නොවූවත් මෙවන් තැනක් ළගින් ගමන් කිරීමෙදී ඉබේම අපගේ හිත වෙනස් වේ. ඇතැම් විට නාසය හැකිලේ. පය ඉක්මන් කෙරේ. එවන් දර්ශනයක් ඇස ගැටුණු සැණින් ඔබ ඉබේ ක්‍රියාත්මක වන ආකාරය මතකයට නගන්න. මෙසේ වන්නේ එම ස්ථාන ගැන අප සිතේ පිලිකුල් සංඥාවක් වැඩී ඇති නිසාය. ඉහත උදාහරණ හොදින් විමසන්න. අප ශරීර ඇතුලාන්තයේ නිතර මල මූත්‍රා පවතින්නේය. ඊට අමතරව සෙම්, සොටු, දහදිය, කෙල, පිත, වමණය වැනි මොනතරම් නම් අසුභ, පිලිකුල් සහගත දේ අප මේ ශරිර කූඩුව තුල දරා සිටින්නේ ද? මොහොතක් සිතන්න අප ජංගම වැසිකිලිවලටත් වඩා අන්තය. ඇත්තෙන්ම අප වැසිකිලියක් අසලින් යනවිට යම්සේ පිලිකුල පහල කරයිද එසේ දෙතුන් ගුණයකින් ප්‍රබල පිලිකුල් සිත් කාන්තාවන්, පුරුෂයන් හා අනෙත් සත්වයන් දැකීමෙන් ඇතිවිය යුතුය. එය එසේ වන්නේද නැත. අපි අවිද්‍යාවෙන් වැසීගිය දරුණු කාම සැඩ පහරට හසූවී ගසාගෙන යන්නවුන්ය. ඔවුනට අසූචි වල වගක් නැත. සෙම් සොටු වල වගක් නැත. කාමයෙන් නන්දි රාගයෙන් මත්වී සිහි විකල් වී මෙවන් අසූචි කදු සේවණයෙන් සතුටුවේ. ඒවාට වශීවේ. තමන්ගේ කර ගැනීමට වෙහෙසේ. ඉහත උදාහරණ මනසෙන් විමසන්න. ඔබට හැකි අයුරින් අවබෝධ කරගෙන මෙම මනුෂ්‍ය කයේ අති අසුභ බව නිරර්ථක බව වටහාගන්න උත්සාහ කරන්න. එදිනෙදා ජීවිතයේ පර්යන්ක භාවනාවක් නොකරන අවස්ථාවන් වලදි මෙවැනි මනසිකාර පැවත්වීම සිදුකල යුතුය. පිලිකුල් භාවනාව කරිමට යන ඔබට මෙවන් කරුණු කරණා ගැන ඉතා තියුණු අවබෝධයක් තිබීම වැදගත්වේ.
ප්‍රථමයෙන් පිළිකුල් භාවනාවට හිදගත් ඔබ, සිත හිස මුදුනේ සිට දෙපතුල දක්වාත්, නැවත දෙපතුල සිට හිස මුදුන දක්වාත් රැගෙන යන්න. යම් අවස්ථාවකදී සිරුරේ කොටස් ඉතා පහැදිලිව සිත තුල දර්ශණය වීමක් සිදුවේ නම් එයට ඉඩදී සිදු කල කර්තව්‍යයෙම නියැලෙන්න. මෙසේ දෙතුන් වතාවක් කිරීමෙදී තම ශරීරය අවට තම සිත තබා ගැනීමේ ශක්තියක් ඇතිවනු ඇත. දැන් කෙමෙන් සිරුර අභ්‍යන්තරයට කෙමෙන් ගමන් කරන්න. කෙස්, ලොම්, නිය ,දත්, සම, මස් පිඩු, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව ,දළඹුව, බඩදිව, පෙනහලු, අකුනුව ඇටිය, ඇකුනුබහන්, නොපැසුනු ආහාර, පැසුනු ආහර, හිසි මොළ, පිත, සෙම්, සැරව , ලෙය, දහදිය, මේදය, කදුළු, වුරුනුතෙල්, කෙල, සොටු, සදමිදුළු, මූත්‍ර, පිලිවෙලින් පහත සදහන් දෙතිස් කුණුපය මනසින් මෙනෙහි කරන්න. එවා පිලිකුල් සංඥාවෙන් දකින්න. මේ එක් එක් පදයක් සිතට නැගෙද්දී හුදෙක් එය වචනයකට පදයකට සීමා නොකරන්න. එවා ගැඹුරින් සිතින් ස්පර්ශ කරන්න. ඒවා සිතෙහි මවාගන්න උත්සාහ කරන්න. මේ එක් එක් පදයට අදාල අසුභ කොටස සිහිකරනවාත් සමගම මනසේ දිස්වේ නම් එය බොහෝ පැසසුමට ලක් කල යුතුවේ. එසේ නොවුණා කියා පසුබට නොවන්න. සෑම යෝගාවචරයකුටම එය එසේ නොවන බව මතක තබා ගන්න.
පිලිවෙලින් මුල සිට අගටත් , අග සිට මුලටත් මෙම දෙතිස් කුණප කොටස් සිහියට නගන්න. ටික වේලාවකින් අයාසයකින් තොරව චිත්‍රපටයක් සේ මේ දෙතිස් කුණපය හිතේ ඇදී යද්දී එයට ඉඩදී ඔබ පසෙකට වී ඒ දෙස බලන් ඉන්න. සිත තුළින් එම දර්ශන තුනිවී තුනීවී ගොස් සිත හිස් වූ ස්වභාවයක් පැමිණියහොත් එයට ඉඩදී කිසිවක් නොසිතා සිතට ඉන්නට ඉඩ හරින්න. සිත නිබ්බිදාව ප්‍රකට වී මුළු ලොවකින් පළා යන්නට වැනි පාලු හැඟීමක් සිතට ඇතැම්විට දැනෙන්නට පුළුවන. ඒ නිබ්බිදාවෙන් මුළු ලොවම වසන්න. සියලු දේ එපාවී කාමයන් එපාවී ඇති සිතක් ඇති වුවහොත් එ නිබ්බිදා සිත දසත පතුරවන්න. මෙසේ ක්‍රියාකරන ඔබට නොබෝ කලකින් අසුභ සංඥාව අයාසයකින් තොරව සිත තුල වැඩෙනු ඇත. මෙසේ අසුභය භාවිතා කොට බහුලීකරණය කරන ඔබ ඇස ගැටෙන සුඛ අරුමුණක් අරමුණක් පාසා අසුහය වැඩීමට දක්ෂයකු වනු ඇත. පර්යංක භාවනාවේ දී පමණක් නොව එදීනෙදා ජීවිතය තුලදීත් මෙවැනී සිත් පැතීරවීමට දක්ෂයකු වනු ඇත. පෙර තිබූ රාග අධික සිත් තුනීවී ඇතී බව අත්දැකිය හැක. මෙය අසුභ භාවනාව වඩන එක් ක්‍රමයකි. මෙසේ ආධුනිකව, තනිව පුරුදු වුණ අත්මාරක්ෂක සටන් ශිල්පය සතුරු සේනාවක් ඉදිරියට විත් නොභියව ප්‍රහාර එල්ල කිරීමට තරම් දක්ෂ සටන් කරුවකු බවට ඔබව පත්කර ඇති බව ඔබට වැටහෙනු අත. එහි රහස අන් කවරක් වත් නොව භාවිතාව හා බහුලීකරණය බව පසක් වනු ඇත.
උපුටාගැනීම
~~~අමා සුව~~~