හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Update -
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ හා දියණිය ව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා ඒ අද (18) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී.
අයථා වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනාවකට මෙලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. 2024 මාර්තු 14 වැනි දින අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද හිටපු අමාත්‍යවරුන්ගේ වත්කම් බැරකම් විගණනය කර ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළ ව මෙම අත් අඩංගුවට ගැනීම සිදු ව තිබුණා.
එම වත්කම් බැරකම් විගණනය කළ යුතු බවට පැමිණිලි කෙරුණු ලැයිස්තුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඒ.එච්.එම්. ෆවුසි, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, මෛත්‍රීපාල සිරිසේන, පවිත්‍රා වන්නිආරච්චි හා චන්න ජයසුමන යන අය ද නම් කර තිබුණා.
Update -
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට!!
Last edited:

