මේවගේ 3D model එකක් හදන්න කොච්චර විතර කොස්ට් එකක් සහ කාලයක් යනවද දනන් කෙනෙක් කියහල්ලකෝ.
යූටියුබ් එකේ දැනට වේගයෙන්ම ඔය වර්ගයේ වීඩියෝ හදන්නේ AiTelly කියන චැනල් එක මන් හිතන්නේ.උන් මොකක් හරි සිද්ධියක් වෙලා පැය 24ක් යන්නත් කලින් ඒකේ ත්‍රීඩී ඇනිමේෂන් වර්ෂන් එකක් දෙනවා..
ඕක තනි එකෙක් කරන වැඩක් නෙමෙයි.ලොකු ටීම් එකක් ඇති.මේ තියෙන්නේ උන් ගේ වර්ක් ෆ්ලෝ එක කියලා පබ්ලිෂ් කරපු වීඩියෝ එකක්.. උන් 100% හොනස්ට් කියලා කියන්න බෑ.උන්ගෙත් ඇති රහස්.ට්‍රික්.ටිප්ස් එහෙම..
උන් කවර් කරන ටොපික් වලට අදාලව හොයාගන්න බැරි ත්‍රීමොඩල් උන් හදලා තියාගෙන ඇති.ඒකෙන් කාලය ඉතුරු වෙනවා මොඩලින් වලට යන.කලින් හදපු environments/characters රීයූස් කරනවා.
ඔය තියෙනවා වගේ ප්ලේන් එකක් හදන්න( ඔය තරම් ඩිටේල්ස් එක්ක හදන්න )නම් පැය 24කට වඩා යයි වෘත්තීය මට්ටමේ එකෙකුට වුනත්..(ex:
මූට මේ කැරැක්ටර් එක හදන්න පැය 15ක් ගියා කියන්නේ..මූ ආධුනිකයෙක් කියලා හිතමුකෝ..)
හුගක් එවුන් කරන්නේ ඔය වගේ ප්‍රොජෙක්ට් වලට මොඩල් එකක් පිටින් ගන්න එක,කොනක ඉදන් ඩිවෙලොප් කරන්න ගියොත් යනව කාලය වැඩියි.පිටින් අරන් ඕන විදියට වෙනස් කරන එක තමයි ලේසි.
මේ වීඩියෝ එකත් බලපන්.උබේ ප්‍රශ්නෙට 100% අදාල නැති වුනත් ප්‍රයෝජනයක් වෙයි.