john keels eka melco ekka partnership gahuwe 2024 wala neda bn? npp ekata kalin idan wadak.ශ්‍රී ලංකා රජයෙන් වසර 20ක කැසිනෝ බලපත්‍රයක්…
මේ අතර, ඉකුත් අප්‍රේල් මාසයේදී මෙල්කෝ (Melco) ශ්‍රී ලංකා රජයෙන් වසර 20 ක කැසිනෝ බලපත්‍රයක් දිනා ගත් බව නිවේදනය කර තිබිණි.
ඒ අනුව, ජෝන් කීල්ස් සමාගම හා අත්වැල් බැඳගෙන මෙහි සූදු ප්‍රදේශය සංවර්ධනයට ඇමරිකානු ඩොලර් මිලියන 125 ක් ආයෝජනය කරන බවද එම සමාගම අවධාරණය කර තිබිණි.
මේ කැසිනෝව වසරකට ඩොලර් මිලියන 250 ක දළ ක්‍රීඩා ආදායමක් (GGR) උපයා ගනු ඇතැයි හොංකොං හි උපන් කැනේඩියනු ව්‍යාපාරිකයකු හා මෙල්කෝ (Melco) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ පවසයි.
මේ අතර, ජෝන් කීල්ස් හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර සිහින නගරය “දකුණු ආසියාවේ පරිවර්තනීය සංවර්ධනයක් විය හැකි අතර සංචාරක ඉල්ලුම, ශ්‍රී ලංකාව සඳහා විදේශ විනිමය ඉපැයීම් සහ රැකියා උත්පාදනය සඳහා උත්ප්‍රේරකයක් විය හැකි” “සංකේතාත්මක සංවර්ධනයක්” ලෙස හඳුන්වයි.
සිංගප්පූරුවේ මරීනා බේ සැන්ඩ්ස් සහ රිසෝර්ට්ස් වර්ල්ඩ් සෙන්ටෝසාට ඇති කළ ධනාත්මක බලපෑමම කොළඹට ද ඇති කරනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.
මෛත්‍රී තහනම් කළ කැසිනෝවට කවුද ලයිසන් දුන්නේ..
මේ අතර, 2015 යහපාලන ආණ්ඩු සමයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම හෝටල් පරිශ්‍රය තුළ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් ඒකමතිකව සම්මත කර තිබියදී එම පරිශ්‍රය තුළම මහාපරිමාණ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීමට බලපත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන්ද විශාල ආන්දෝලනයක් මතුව තිබේ.
යහපාලන ආණ්ඩු සමයේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය මගින් වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස්, ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස්, ක්වීන්ස්බරි ලෙෂර් ලිමිටඩ් යන සමාගම් සඳහා විශේෂ බදු සහන යටතේ කැසිනෝ ශාලා ආරම්භ කිරීමට අවසර ලබාදී තිබුණු අතර, 2015.01.31 දිනැති කැබිනට් පත්‍රිකාව මගින් එම අවසරය ඒකමතිකව අහෝසි කිරීමට හිටපු ජනාධිපති සිරිසේන මහතා පියවර ගෙන තිබිණි.
එසේ විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් කැසිනෝ ශාලා ආරම්භ කිරීම තහනම් කොට තිබියදී ජෝන් කීල්ස් ආයතනය එම පරිශ්‍රයේම කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම අවසර ලබාගත්තේ කෙසේද යන ප්‍රශ්නය මේ වනවිට මතුව ඇතැයි පැවසේ.
මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පසු ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ජනාධිපති ධුරයේ කටයුතු කළ අතර, වර්තමානයේ අනුර කුමාර දිසානායක මහතා එම ධුරයේ කටයුතු කරනු ලබයි.
එසේ නම් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීම තහනම් කරමින් සම්මත කර තිබූ කැබිනට් පත්‍රිකාව අවලංගු කොට කැසිනෝ හල් ආරම්භ කිරීම සඳහා අවසර ලබාදෙමින් නව කැබිනට් පත්‍රිකාවක් සම්මත කළ යුතුව තිබේ.
එවැන්නක් සම්මත කළා නම් එම කැබිනට් පත්‍රිකාව කොහිද, එය සම්මත කරනු ලැබුවේ කුමන ජනාධිපතිවරයකු යටතේද, ඒ කවදාද සම්මත නීතිය අනුව අදාළ කැසිනෝ ශාලා සඳහා උපයන විට ආදායමෙන් 45%ක බදු පැනවීමක් සිදුකරනවාද යන්න පිළිබඳ මේ වනවිට බරපතළ ගැටලුවක් මතුව ඇති බවද පැවසේ.
ඒ අනුව ඉදිරියේදී බොහෝ පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් නීති මාර්ගයට යොමුවීමේ සූදානමින් සිටින බවද මේ අතර මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබේ.
https://sinhala.srilankamirror.com/news/ලංකාවට-නෑවිත්-ශාරුක්-නිව/
btw; meka ranil neme mahindaya kalath realy good work.
https://ir.melco-resorts.com/news-r...rtnership-sri-lankas-john-keells-holdings-and

