මා බලන්න හරිනි ආවෙ නෑ..- රනිල් රෝහලේ සිට
August 25, 2025 at 3:50 pm | lanka C news
අගමැතිනි හරිනි අමරසුරය මහත්මිය තමන්ගේ සුවදුක් බලන්නට පැමිණියේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
දැනට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ රැඳී සිටින හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් බැලීමට ගිය අයෙකු විසින් කළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍යවරිය ඊයේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සූදු බැඳීමට ගියේ යැයි වාර්තාවන් පලවූ අතර අග්‍රාමාත්‍ය කාර්යාල ද එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.
https://lankacnews.com/මා-බලන්න-හරිනි-ආවෙ-නෑ-රනිල/
-----
"අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්" මැයෙන් හිරු මාධ්‍ය ජාලය විසින් පළකොට තිබූ ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිළ වශයෙන් නිවේදනය කරන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට අග්‍රාමාත්‍ය කාර්යාලය අපේක්ෂා කරයි
Last edited: