Parking අවුල

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    මට තියෙන එකම ප්‍රශ්නේ ලංකාවේ තියෙන හැම ටිකට් ගන්න පාක් එකකම අපි සල්ලිත් දීලා උන් අපේ වාහන වල ආරක්ෂාව ගැන වග කියන්නේ නැත්තේ?
    කිසිම එකක responsibility එක උන් ගන්නේ නෑ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,950
    10,494
    113
    පාක් එකක සල්ලි ගන්නවා නම් ඒ පාක් එක රක්ෂණය කරලා තියෙන්න ඕන වගේ නීතියක් තියෙනවා කියලා කතාවක් ඇහිලා තියෙනවා වගේ මතකයි ඒත් ෂුවර් නෑ , මම වැරදි වෙන්න පුළුවන් , එනිසා හොයලා බලන්න
     
    • Like
    Reactions: johnferna678

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මං නම් පාරේ නවත්තනවට වඩා කැමතියි parking එකක දාන්න. මොකක්ම හරි ආරක්ෂාවක් තියෙයිනේ. හැබැයි ඔය ගොල් ෆේස් එකේ නම් ආරක්ෂාව ගැන කතා නොකර ඉමු.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    ලංකාවේ මොනවටද බන් වගකීමක් තියෙන්නේ ?? කඩේකින් කන්න ගියාම රහ විතරයි බලන්නේ. වස/විස ටොන් ගානක් තිබ්බත් කිසිදු වගවිභාගයක් නෑ.
    බෙහෙත් ගන්න hospital ගියොත් කවදාවත් ලෙඩේ හා දෙන බෙහෙත් ගැන පැහැදිලි කිරීමක් නෑ. බෙහෙත් තුණ්ඩුව කියව ගන්න මෙලෝ යකෙක්ට බෑ, උන්ගේ වගකීමක් තියනවද ?:lol:
    ඉස්කෝලෙකට ගියොත් අනිවා උ විභාග පාස් වෙන්න නම් ටියුෂන් යන්න ඕන. එතකොට ඉස්කෝලේ උගන්වන උන්ගේ වගකීමක් තියනවද ??
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    මට තියෙන එකම ප්‍රශ්නේ ලංකාවේ තියෙන හැම ටිකට් ගන්න පාක් එකකම අපි සල්ලිත් දීලා උන් අපේ වාහන වල ආරක්ෂාව ගැන වග කියන්නේ නැත්තේ?
    කිසිම එකක responsibility එක උන් ගන්නේ නෑ
    පාර්ක් කියන්නෙ වෙනම බිස්නස් එකක් බන්, උන් හදන්නෙ පුලුවන් තරම් වාහන නවත්තලා උන්ගෙ ගාන කඩා ගන්න, සමහර වෙලාවට අපි ෆුල් ඩේ පාර්ක් කරලා වාහනේ අරන් එලියට ගෙනිච්චාම උන් ඒ ස්ලොට් එක වෙන එකක්ට ඒ වෙලාවෙ විකුනලා ගාන හොයාගන්නවා. ඒ ජාතියේ උන් ඉන්නෙ.
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,226
    15,337
    113
    පාර්ක් කියන්නෙ වෙනම බිස්නස් එකක් බන්, උන් හදන්නෙ පුලුවන් තරම් වාහන නවත්තලා උන්ගෙ ගාන කඩා ගන්න, සමහර වෙලාවට අපි ෆුල් ඩේ පාර්ක් කරලා වාහනේ අරන් එලියට ගෙනිච්චාම උන් ඒ ස්ලොට් එක වෙන එකක්ට ඒ වෙලාවෙ විකුනලා ගාන හොයාගන්නවා. ඒ ජාතියේ උන් ඉන්නෙ.

    නියම අමු තට්ට සිංහල :lol:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මට තියෙන එකම ප්‍රශ්නේ ලංකාවේ තියෙන හැම ටිකට් ගන්න පාක් එකකම අපි සල්ලිත් දීලා උන් අපේ වාහන වල ආරක්ෂාව ගැන වග කියන්නේ නැත්තේ?
    කිසිම එකක responsibility එක උන් ගන්නේ නෑ
    මේවා සම්බන්ධ නීතිය ගැන නම් දන්නේ නෑ. හරි නම් ඔයා නැති වෙන වාහන වලට parking එකේ අය වග කියන්න ඕනේ.