කමෙන්ට් එක දිග වැඩි නිසා දෙකට කඩනවා.
1. News flash එකක් : ඕක විතරක් නෙවෙයි බං, අපි කිසිම දෙයක් "දන්නෙ" නැහැ. මොකද විද්‍යාව කියන්නෙම මොකක් හරි දේකට දැනට තියෙන හොඳම පැහැදිලි කිරීම විතරයි. උඹ හිතාගෙන ඉන්නෙ පරමාණු, ඉලෙක්ට්‍රෝන වලා, කොටින්ම කාලය කියල දෙයක් වුණත් තියෙනවා කියලද? පිස්සුද බං, කොහෙත්ම නෑ. ඔය හැම දේකදීම දකින දේවල් පැහැදිලි කරනන දෙන්න හොඳම පැහැදිලි කිරීම විතරයි එ්. අපි කියන විදිහට ඉලෙක්ට්‍රෝන වලා, පරමාණු තියෙනවා නම් අපි දන්න පදාර්ථය නිර්මාණය වීම පැහැදිලි කරන්න පුළුවන්, එච්චරයි. එහෙම නැතිව එ් යථාර්ථය නෙවෙයි. අනිවාර්යයෙන්ම වඩා හොඳ පැහැදිලි කිරීමක් ලැබුණාම එ්ක වෙනස් වෙන්න පුළුවන්. එ්කට තමයි විද්‍යාව කියන්නෙ.
2. ඔයා මේක තේරුම් අරන් තියෙන්නෙ හරිම ප්‍රාථමික විදිහට වගේ. ChatGPT එකට කියල සරල කරගෙනවත් බැලුවද? Red zone කියල මගුලක් නෑ. සරලම කතාව විශ්වයේ නිත්‍ය වශයෙන් සිද්ධ වෙන, මොහොතින් මොහොත වෙනස් වන ප්‍රසාරණය නිසා දුරින් තියෙන හැම දෙයක්ම රතු පැත්තට shift වීමක් වෙනවා. එච්චරයි. හබල්ගෙ ගණනය කිරීම්වලින් මේ ප්‍රසාරණය වන අගය බොහෝම සාධාරණ සීමාවක් අැතුළට ගන්න අපි සමත් වෙලා තියෙනවා. හරියටම ඉලක්කම හොයාගෙන නම් නෑ තමයි. හැබැයි දැනට කරල තියෙන හැම නිරීක්ෂණයකින්ම එ් සීමාව තුළ අගයක් බව sigma 6 මට්ටමේ confidence එකකින් තහවුරු වෙලා තියෙනවා. එ් එක්ක අරන් කරපු reverse engineering එකක් වගේ දේකින් තමයි වර්තමාන විශ්වයේ වයස අවුරුදු බිලියන 13.7-13.9 අතර කියල හොයාගෙන තියෙන්නෙ. එ්ක එක පැත්තක් විතරක් බලලා නෙවෙයි, හැම අතින්ම ගත්ත දත්ත විශාල ප්‍රමාණයක් අැසුරෙන් තහවුරු කරගත්ත දෙයක්. (හැබැයි අැත්තටම ගාණ එ්කද කියල දන් නෑ තමයි. එ්ත් මිලියන 200 කට වඩා එ් අගය වෙනස් වෙන්න බෑ කියල තමයි දැනට තියෙන සාක්ෂිවලින් පෙන්නන්නෙ.)
3. මේක නම් මෝඩම කතාවක් බං. ගුරුත්වාකර්ෂණය කියල ඉලව්වක් අැත්තෙවත් නැහැ. තියෙන්නෙ ශක්තිය නිසා අවකාශය සහ කාලය වක්‍ර වීම විතරමයි. ගුරුත්වාකර්ෂණය කියන්නෙ ශක්තියෙ එක්තරා ප්‍රභේදයක් වන, එ් වගේම ශක්තිය රැස් වෙන්න අපි දන්න හොඳම ක්‍රමය වන පදාර්ථයේ ස්කන්ධය නිසා අර සිද්ධ වෙන වක්‍ර වීම නිසා පිටින් ඉඳල බැලුවාම පේන pseudo බලයක් විතරයි. ගුරුත්වය කියන්නෙ එ් වක්‍ර අවකාශ කාලය හරහා ඍජුව යන්න හදන දේකට එන බලපෑමෙ පරාමිතියක් විතරයි. සරලව හිතුවොත් ඔයා කොරහකට ජිල් බෝලයක් දාලා ජිල් බෝලෙ කෙළින් යවන්න හැදුවාම කොරස් බිත්තියෙන් එන කේන්ද්‍රභිසාරී බලය වගේ දෙයක්. කොරහ හදල තියෙන්නෙම එහෙමයි, එ්ක එ් නිසා සිදුවන දෙයක්. නැතිව කොරහෙ මැද්දෙ ඉඳල මොකෙක්වත් ජිල් බෝලෙ අැදල ගන් නෑ.
අඳුරු ශක්ති, අඳුරු පදාර්ථ කියල දේකුත් කොහෙවත් නෑ. අඳුරු ශක්තිය කියන්නෙ විශ්වය ප්‍රසාරණය වීම දිගටම වේගවත් වීම පැහැදිලි කරන්න සහ, අඳුරු පදාර්ථය කියන්නෙ මන්දාකිණි වගේ දේවල් එ්වායෙ ස්කන්ධයෙන් සිදුවන වක්‍ර වීමෙන් විතරක් එකට පැවතීම පැහැදිලි කරන්න බැරි නිසා කරපු අපෝහන දෙකක් විතරයි. ගුරුත්වය උප පරමාණුකව බිහි වෙනවා කියල හිතන එකම විහිළුවක් කියලයි මම නම් හිතන්නෙ. අාලෝකය නැවැත්තුවාම එතන photon නෑ වගේම එක මට්ටමකින් එහාට කැටි නොවී තියෙන ස්කන්ධයක plank සීමාවන් ඉක්මවන ගුරුත්වයක් හට ගන්නෙත් නෑ. Plank සීමාව විශ්වීය යථාර්ථයක් බං. Plank කාලයට වඩා කුඩා කාලයක් තියෙන්න බෑ වගේම ගුරුත්වයටත් ක්‍රියා කරන්න පුළුවන් plank සීමාවකට එපිට විතරයි. සාමාන්‍ය තත්වයේ තියෙන උප පරමාණුක අංශුවලට කිසිසේත්ම ඊට එහා ස්කන්ධයක් නෑ.
4. එහෙම දවසක් එයි කියල හිතන්න අමාරුයි. මගෙ නම් පුද්ගලික මතය කට්ටිය ඔය දෙකේ බලපෑම පටලගෙන ඉන්නෙ. විශ්වයේ පරිමාණය ගැන පැහැදිලි යථාර්ථයක් තියෙනවා බං. දුර්වල සහ ප්‍රබල න්‍යෂ්ටික බලය තියෙන්නෙ පරමාණුවක න්‍යෂ්ටිය කියන අතිශය චූටි පරිමාණය තුළ විතරයි. විද්‍යුත් චුම්බක බලය තියෙන්නෙ පරමාණුවෙ පිටත පරිමාව වගේ ඉඳලා සාමාන්‍යයෙන් අපිට පේන දුර ප්‍රමාණ (මීටර් කිලෝමීටර්) ගණන් දක්වා විතරයි. ගුරුත්වය වුණත් එ් විදිහටම බලපාන ස්කන්ධය පරිමාණයක් තියෙනවා. අායෙත් 3 දි කිව්ව plank ප්‍රමාණ ඉක්මවා යාමේ අවශ්‍යතාව ගැන හිතන්න ඕන. කෙනෙක්ට හිතෙන්න පුළුවන් වෙන වෙනම ගත්ත කුඩා ස්කන්ධ දෙකක ගුරුත්ව නැති වෙලා, හැබැයි දෙක එකට තිබ්බාම එ් දෙකෙන් ගුරුත්වයක් එන්නෙ කොහොමද කියලා. එ් තමයි යථාර්ථය. Plank cut off එක පැන්නම විතරයි එ් දේ හට ගන්නෙ.
එතනින්ම එහාට ගියොත් දැනට අපෝහනය කරන අඳුරු පදාර්ථයේ කතාවත් එ්කයි. අඳුරු පදාර්ථය අවම වශයෙන් අාලෝක වර්ෂ දුසිම් ගාණක වගේ පරිමාණයක ඉඳලා අාලෝක වර්ෂ මිලියන 10 ක් වගේ පරිමාණයක විතරයි ක්‍රියාත්මක වෙන්නෙ. අායෙත් plank ට ගියොත් අඳුරු පදාර්ථය කියල එකක් තිබ්බත් ඊට වඩා පොඩි, අපි දන්න මේ අාලෝක පැය කීපයක වගේ දුර පරාස අැතුළෙ එ්කෙ බලපෑමක් ගැන හිතන එකත් විහිළුවක්.
අඳුරු ශක්තිය කියල ගන්න අපෝහනය ඊටත් වඩා අතිශය විශාලයි. ඔයාම 1 කොටසෙ කිව්ව red shift එකේ ගැනිය හැකි අගයක් (අායෙත් plank) ගන්න තියෙන දුර ප්‍රමාණ බැලුවාම එ්ක අැත්තටම ක්‍රියාත්මක වෙන්නෙ අලෝක වර්ශ මිලියන සිය ගාණකට එහා පරිමාණයක විතරයි කියල තේරෙන්න එපැයි. එ් සිදුවන ප්රසාරණයෙ බලපෑමට වඩා අපි දන්න පොඩි දුර ප්රමාණවලදි සාමාන්‍ය පදාර්ථයෙන් අවකාශ කාලය වක්‍ර වීම අති ප්‍රබලයි.
ඔන්න ඕකයි කතාව. Plank සීමාවල් නිසා විශ්වය පරිමාණ කීපයකට කැඩෙනවා. එකකදි වෙන එ්වා අනිත්වාට අදාළ නෑ.