කොත්මලේ සිද්දිය මොකද්ද බන්

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Yako mekeige unwa witharada hira wela inne..selfish bitch😡
    kawurut yakoo tamange pawulee un beraganna tamai try eka thota eka wadak nati wunaata. mehema post daanna onee naa hari haman anduwak tibbanm dan tiyenne paanduwak
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    කොත්මලේ අති විශාල නාය යෑමක්,
    මළසිරුරු රැසක් ඇසට පේන මට්ටමේ පවා ඇතැයි පැවසේ...
    අරණායක සාමසරකන්ද නාය යෑමට හා සමාන තරමේ විශාල නාය යෑමක් බවත් නිවාස විශාල සංඛ්‍යාවක් සමඟ මෙම නාය යෑම සිදු වූ බවත් වාර්තා වේ...

    කිසිදු සහන සේවා කණ්ඩායමක් මේ ප්‍රදේශයට තවම ගොස් නෑ....

    තොරතුරු ලබා ගැනීමට තරම් ඩේටා අප සතුව නොමැත....
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113

    කොත්මලේ රම්බඩගම නායයාමෙන් මළ සිරුරු 15 ක් හමුවේ - 17 ක් අතුරුදන්

    1 hour ago

    කොත්මලේ රම්බඩගම ප්‍රදේශයේ ආසන්නයේ සිදුවූ නායයෑම හේතුවෙන් මේ වන විට පුද්ගල මළ සිරුරු 15 ක් සොයාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. පසුගිය 27 වනදා රාත්‍රියේ සහ 28 වනදා අලුයම කාලය තුළ නුවරඑළිය සහ පූඬළුඔය මාර්ග දෙක අතර පිහිටි රම්බඩගම ගම්මානයේ මැද කොටස මෙලෙස නායයෑමට ලක්ව තිබේ.


    මෙම අනතුර හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට හෝ තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට නොහැකිව ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට මුහුණ පා සිටී. ආපදාව සිදුවූ ස්ථානයට ළඟා වීමට ඇති මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බැවින් ආපදා සහන කණ්ඩායම්වලට මෙතෙක් එම ස්ථානයට ළඟා වීමට නොහැකි වී ඇති බව ද දැනගන්නට ලැබේ.

    මේ වන විට එම ප්‍රදේශයේ විදුලිය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර සියලුම දුරකථන සංඥා ක්‍රියා විරහිත වීම හේතුවෙන් ප්‍රදේශය සමඟ සන්නිවේදන කටයුතු සිදු කිරීම ද ගැටලුවක් වී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ නායයෑම පිළිබඳ තොරතුරු ලැබී ඇතත්, සන්නිවේදන බිඳවැටීම නිසා සිද්ධිය පිළිබඳ නිශ්චිත කරුණු තහවුරු කරගැනීම දුෂ්කර වී ඇති බවයි.

    - https://www.gossiplankanews.com/202...kotmale-rambadagama-landslide-25-missing.html