සුනිල් හඳුන්නෙත්තිට දස දෙසින් පැසසුම්... ඔබත් සුබ පතන්න

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    කැරියගේ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇදල හොම්බට දෙකක් අනින්න හිතෙනවා බන්. 👊🏻
     
    • Haha
    Reactions: Cypress

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම පොස්ට් එකක් දැම්මා. @Kalegana
    මුන් මිනිස්සු එකතු කරපු බදු අන්තිමට මුන් එකතු කරා වගේ හෙන ගේමක් ගහල. දැන් නොන්ඩි ... මේ වගේ වෙලාවක මේවා කරනවද බන්.

    මෙන්න විස්තර..
    මාතර කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා සුපුරුදු පරිදි ආධාර එකතු කළා. ඒ අතරේ රාහුලේ ඕල්ඩ් බෝයිස්ලා කිහිපදෙනෙකුත් හිටියා.


    මේ වෙද්දිත් මාතරින් ලොරි සියයක් විතර කොළඹ ගිහින් තිබුණේ.


    එම නිසා ඔවුන් තීරණය කළා මේ ආධාර රට මැදට ගෙනියමු කියලා. ඔවුන් මේ ආධාර බදුල්ලට ගෙනියන්න තීරණය කළා. ලොරි කිහිපයක ඔවුන් ආධාර එකතු කර තිබුණා.


    වැඩේ අවසන් මොහොතේ මාතර, වැලිගම NPP මන්ත්‍රී අර්කම් ඉල්ලියාස් (අනාගතයේ හොඳ වි*බීජයක් වෙන්න ඉන්න ඩයල් එකක්) ඩෙනිමකුයි, ෂර්ට් එකකුයි දාගෙන වැඩේට සෙට් වුණා.


    කොල්ලෙක් නිසා ආධාර එකතු කරපු මිනිස්සු ඔහුට වැඩේට එකතු වෙන්න ඉඩ දුන්නා. ඔවුන්ට මෙතන දේශපාලනයක් තිබුණේ නැහැ.


    අර්කම් ඉල්ලියාස් ආවෙත් ඔලුව විතරක් දාගන්න ඉල්ලපු ඔටුවා එන විදියට හිනා වෙලා, ඔලුව නවාගෙන.
    ටිකකින් පොලිස් නිළධාරියො කිහිපදෙනෙක් සහ තව දෙතුන් දෙනෙක් ඇවිත් වැඩේට හවුල් වුණා.


    අතරමග දී අර්කම් ඉල්ලියාස් දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තා.


    බදුල්ලේ ආධාර භාර ගන්න තැන ඔක්කොම සුදානම් කියලා කිව්වා.


    බදුල්ලට ගියාමයි කට්ටියට වැඩේ තේරුණේ. සමන්ත විද්‍යාරත්න ස්ටේජ් එකකුත් ගහලා, පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් වටකරන් ඉන්නවා.


    ආධාර එකතු කරපු, ආධාර දීපු, වාහන වලට තෙල් පවා ගහපු කොල්ලො ටික පස්සට වුණා. අර්කම් ඉල්ලියාස් ඉස්සරහට ආවා.


    සමන්ත විද්‍යාරත්න එක්ක ෆොටො ගත්තා.


    මෙන්න යකො අර කොල්ලො උන්වත් නොදැන රතු තරුව වෙලා. මේ වැඩේ මාධ්‍යයට දුන්නේ මාතරින් රතු තරුව බලකාය ආවා කියලා.


    මේවා මහ ලැජ්ජ නැති වැඩ.


    තමන්ට වැඩ බැරි නම්, තමන් ලෝභයො නම් පාඩුවේ පැත්තකට වෙලා හරි ඉදපල්ලා.

    මේ වගේ තුච්ච වැඩ කළාම වෙන්නේ අර කොල්ලො කලකිරිලා, මේ වගේ වැඩ නොකර ඉන්න එක. උන් යූස් වෙන්න කැමති මිනිස්සු නෙවෙයි.


    දැන් තවදුරටත් මේ රටේ රතු තරුව එකතු කරන්න බැහැ.


    ජවිපෙ නායකයන්ගේ වත්කම් හෙළි වූ දවසේ ඉදන් පක්ෂ කාඩරය කළකිරුණා.

    උන් දැන් නායකයන්ට ලකුණු දාගන්න කටු කන්න එන්නැහැ.


    දැන් රතු තරුව නැත්තේ ඒකයි. ඉතින් මුන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ව්‍යාපෘති මැදට පැනලා, ෆොටො ගහලා රතු තරුවේ වැඩ වගේ මාකට් කරනවා.

    ලැජ්ජයි අයිසේ!

    592216976-25770082895923256-3533292493979845459-n.jpg


     
    • Like
    Reactions: Cypress and monson

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    තව එකක්


    මේකනම් ෆේක් එකකින් ගහන මඩක්,ශෝ එකට හරි මොකටහරි මේ හාමුදුරුවෝ ඕක එන්න ඕන තැන් කිය කිය ලයිව් දි දී මුල ඉඳන්ම ආධාර එකතු කලා.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,111
    113
    tracing Geo-location.. ... ...
    මේකනම් ෆේක් එකකින් ගහන මඩක්,ශෝ එකට හරි මොකටහරි මේ හාමුදුරුවෝ ඕක එන්න ඕන තැන් කිය කිය ලයිව් දි දී මුල ඉඳන්ම ආධාර එකතු කලා.

    ehema sure nam ain karamu. mama confirm karagaththa ekak newei meka.
     
    • Like
    Reactions: Mad Weera