සමන්ත භද්‍ර හිමි,බිරිඳට හා දරුවාට, නඩත්තු මුදල් ගෙවා නෑ.
Source :- https://www.facebook.com/share/p/1MMyxz39GT/
ගංවතුර,නායයෑම් සහ සුළි කුණාටුව,හේතු කොට ගෙන, පීඩාවට පත් ජනතාවට, සහන සැලසීම සඳහා ,ආණ්ඩුව මඟින් ආරම්භ කරන ලද ,බැංකු ගිණුමට මුදල් බැර නොකරන ලෙස, ජනතාවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන, පැපිලියාන සිරි සදහම් ආශ්රමයේ විහාරාධිපති පූජ්‍ය සමන්ත භද්‍ර හිමි ,බිරිඳට සහ දරුවාට නඩත්තු මුදල් ,නොගැවීම සම්බන්ධයෙන් ,බරපතළ කතා බහක්, මේ වනවිට සමාජය තුළ ඉස්මතු වී ඇත.
සමන්ත භද්‍ර හිමිගේ බිරිඳ වන්නේ ,හෝමාගම කිරිවත්තුඩුව, පුංචි ඉරිදා පොළ , අංක 50 A, දරණ ස්ථානයේ පදිංචිව සිටි ,නිරන්ජලා ශාමලී ග්රෝසස්ය.දරුවාගේ නම,චලක්ෂා නිම්සරණීය.
ප්‍රථමයෙන්ම,සමන්ත භද්‍ර හිමි, නිරන්ජලා ශාමලී ග්රෝසස් සමග ප්‍රේම සබඳතාවයක් ඇති කර ගෙන ඇත්තේ,2007 අගෝස්තු මාසයේදී පමණය. ඒ කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදීය.
එනම්,සමන්ත භද්‍ර හිමි යනු,දැඩි ලෙස කාන්තා ඇසුරට ළොල් වී ,රාත්‍රී සමාජ ශාලාවල, සැරි සරණ චරිතයකි.නිරංජලා ශාමලී ග්රෝසස්ද රාත්‍රී සමාජ ශාලාවක සේවය කළ, තැනැත්තියකි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, නෙරංජලා ශාමලී සේවය කළ, කොළඹ රාත්‍රී සමාජ ශාලාවට, නිතර දෙවේලේ ,රාත්‍රියට සමන්ත භද්‍ර හිමි සිවිල් ඇඳුමෙන් සැරසී එහි,යෑම නිසා දෙදෙනා හඳුනා ගෙන, කතා බහ කර අවසානයේ පෙම්වතුන් බවට පත්වී තිබේ.
එහිදී සමන්ත භද්‍ර හිමි, ඇය ඉදිරියේ පෙනී සිට ඇත්තේ , " සන්දිප " යන කෙටි සිවිල් නමිනි. ඒ වනවිට නිරන්ජලා ශාමලී පදිංචිව සිට ඇත්තේ, නුගේගොඩ,නාවල, විජයබා මාවතේ පිහිටි තාවකාලික නවාතැන් පොළකය.
ඉතාමත් සුරූපී තරුණියක් වන නිරන්ජලා ශාමලී, සමග ප්‍රේම සබඳතාවයක් ඇති කරගත් පසු,සමන්ත භද්‍ර හිමි, නිතරම ඇය පදිංචි වී සිටි, නුගේගොඩ, නාවල,විජයබා මාවතේ පිහිටි නිවසට,හොර රහසේ යෑමට පටන් ගෙන ඇත.
සමන්ත භද්‍ර හිමි ඇයව විවාහ කර ගැනීමේ පොරොන්දුව මත,මෙම සබඳතාවය පවත්වා ඇති අතර, දෙදෙනා නිරතුරුව ලිංගික වශයෙන්, හැසිරීම හේතු කොට ගෙන,ඇයගේ කුසට දරුවෙක්ද පිළිසිඳ ගෙන තිබේ.
ඇය ගැබිණියක් බව දැනගත් සැණින්, සමන්ත භද්‍ර හිමි භීතියට පත්වී,ඇයව මග හැරීමට පටන් ගෙන ඈත. එපමණක් නොව, දරු ගැබ " ගබ්සා " කරන ලෙස සමන්ත භද්‍ර හිමි, ඇයට දිගින් දිගටම බලපෑම් එල්ල කර තිබේ.
එයට ඇය අකමැති වූ විට, ඇයව මරා දමන බවටද සමන්ත භද්‍ර හිමි තර්ජනය කර ඇත. එපමණක් නොව,පාතාල ලෝකයේ දරුණු අපරාධකරුවෙක් ලෙස ප්‍රචලිතව සිටි, නාවල නිහාල් ඇතුළු මැර කල්ලි යොදවා ඇයට තර්ජනය කර ඇත.
මෙය මොන තරම් බරපතළ තත්ත්වයට උස්සන්න වූවාද, කිවහොත්, සමන්ත භද්‍ර හිමි,නාවල නිහාල් ප්රමුඛ පාතාල අපරාධකරුවන් කිහිප දෙනෙක්ව අවස්ථා කිහිපයකදීම යොදවා, ඇය පදිංචි නිවස තුළ, ගිනි අවි පෙන්වා,මරණ බවට තර්ජනය කරමින්, ඔවුන් ලවා ඇයව දූෂණයට ලක් කර ඇත.
මේ තුළ ඇය දැඩි අසරණ තත්ත්වයට පත්වී තිබේ. පොලීසි වලට ලිඛිත සහ වාචික පැමිණිලි කරලද, කිසිදු පල ප්‍රයෝජනයක් අත්වී නැත.
මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමති මර්වින් සිල්වා, යන අයගේ දේශපාලන හිතවත්කම් මත සියලු පරීක්ෂණ යටපත් කර ගැනීමට සමන්ත භද්‍ර හිමි පියවර ගෙන ඇත.
තමන්ට ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව, නිරංජලා ශාමලී ,2009.05.29.වැනි දින පොලිසියට පැමිණිලි කර ඇත. එහි පැමිණිලි අංකය.C.I.B.126 / 194 ලෙස සඳහන්වේ. නමුත් පලක් වී නැත.
මේ අතරතුර තවත් අපූරු දෙයක් සිදුවී ඇත. එනම්, දිනක් පැපිලියාන සිරි සදහම් ආශ්‍රම ශාලාව තුළ, ගැබිණි මව්වරුන් කීපදෙනෙක් ගෙන්වා, සමන්ත භද්‍ර හිමි,ඹවූන්ට ධර්ම දේශනයක් පවත්වා ඇත.
එම ගැබිණි මව්වරුන්ද, සමන්ත භද්‍ර හිමි ගෙන්, අනාථ භාවයට පත් වූ අය ලෙස සැක කෙරේ.
කෙසේ වෙතත්, සමන්ත භද්‍ර හිමි අතින්, ගැබ්බරව සිටි,නිරන්ජලා ශාමලී, පැපිලියාන සිරි සදහම් ආශ්රමයට පැමිණ, එම මව්වරුන්ගේ දේශනයට සම්බන්ධ වෙමින්, තමන්ටත්,තම දරුවාටත් නඩත්තුවීම සඳහා උපකාර කරන ලෙස ඉල්ලීමක් කර ඇත.
දිගින් දිගටම තමාවත්, දරුවාවත්, මගහරිමින් කටයුතු කිරීම පිළිබඳව,සමන්ත භද්‍ර හිමිව දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කර ඇති ඇය, නඩත්තු මුදල් නොගෙවන්නේ නම්, නඩු පවරන බවට ප්‍රකාශ කර තිබේ.
අනෙක් සෙසු මව්වරුන් ඉදිරියේ දැඩි ලෙස භීතියට සහ කලබලයට පත්,සමන්ත භද්‍ර හිමි, " මේ ගෑණී පිස්සු ගෑණියෙක්.බුදුන්ගේ කාළෙත්, චිංචිමාණිකාවෝ ඇවිත්, මේ ආකාරය බුදුන්ට අපහාස කරා. මටත් මේ ගෑණී කරන්නේ, ඒ වගේ දෙයක්. " යනුවෙන් ඇයට දෝෂාරෝපණය කරමින්, එම ස්ථානයට පොලිසිය ගෙන්වා ඇත.
ඉන් අනතුරුව සිදුවී ඇත්තේ, ඊටත් වඩා භයානක, ඉතාමත් තිරිසන් ක්‍රියාවලියකි. එනම්, සමන්ත භද්‍ර හිමි ,පොලිසිය ලවා ඇයට හෙරොයින් කුඩු පැකට් එකක් දමා, මත්ද්‍රව්‍ය සන්තකයේ තිබූ බවට චෝදනා කරමින්,ඇයව රිමාන්ඩ් භාරයට පත් කර ඇත.
නිදහස් වී පැමිණ ටික දිනකට පසු,එනම්, 2009.09.08. වන දින ,ඇයගේ දරුවා පිළිසිඳ ගෙන ඇත. පසුව නීති සහන කොමිසමේ නීතිඥ තිස්ස විජේරත්නගේ,මැදිහත්වීම මත,
නූගේගොඩ,ගංගොඩවිල, අධිකරණය තුළ සමන්ත භද්‍ර හිමිට එරෙහිව නඩත්තු නඩුවක් ඇය පවරා ඇත.
එහි නඩු අංකය.12244 / 2009 ලෙස සඳහන්වේ. එම නඩුව විභාග කර ඇත්තේ එවකට එහි විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කළ,වසන්ත ජිනදාසය. නඩුවේ යතුරු ලේඛන කටයුතු සිදුකර ඇත්තේ සරෝජනී පනාගොඩය.
සමන්ත භද්‍ර හිමි වෙනුවෙන් පෙනී සිට ඇත්තේ ජනාධිපති නීතිඥ,හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂය.
මෙම නඩුව විභාගයේදී, විජයදාස රාජපක්ෂ විසින්, සමන්ත භද්‍ර හිමිට, නිරන්ජලා ශාමලී ග්රෝසස් විසින් එල්ල කර ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
ඇය සමඟ සමන්ත භද්‍ර හිමි,කිසිදු ප්‍රේම සබඳතාවයක් නොතිබුණු බවත්, ඇයව අඳුනන්නේ නැති බවත්, දරුවා සමන්ත භද්‍ර හිමිගේ නොවන බවත්, ප්‍රකාශ කර ඇත.
නමුත්, නිරංජලා ශාමලී,එයට එරෙහිව අධිකරණයේ කරුණු දක්වමින්,තමා සහ සමන්ත භද්‍ර හිමි අතර ප්‍රේම සබඳතාවයක් තිබූ බවත්, විවාහ ගිවිස ගැනීමට පොරොන්දු වී තිබූ බවත්, නිරතුරුව ලිංගික ඇසුරක් පැවැත් වූ බවත්, දරුවාගේ පියා සමන්ත භද්‍ර හිමි බවත්, ඇය ප්‍රකාශ කර තිබේ.
එපමණක් නොව,මෙම දරුවාගේ පියා සමන්ත භද්‍ර හිමිගේ බවට හඳුනා ගැනීමට ඇති හොඳම සාධකය," D.N.A. " පරීක්ෂණයක් කිරීම බවත්, ඒ නිසා එවැනි පරීක්ෂණයක් සිදු කරන ලෙසද, ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත.
නමුත් එයට සමන්ත භද්‍ර හිමි කිසිසේත්ම කැමති වී නැත. ඔහු එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. සමන්ත භද්‍ර හිමි වෙනුවෙන්, නුගේගොඩ,ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂද ,එවැනි දෙයකට ඉඩදිය නොහැකි බවට ප්‍රකාශ කර ඇත.
මේ තත්ත්වය තුළ එය ව්‍යාර්ථ වී ගොස් ඇත. සමන්ත භද්‍ර හිමි," D.N.A. " පරීක්ෂණයකට අකමැති වූයේ ඇයි.? එයට බිය වූයේ ඇයි.? ප්‍රතික්ෂේප කළේ ඇයි.? එය බලවත් ප්රශ්නයකි.
එම දරුවා තමන්ගේ නොවේ නම්, කිසිදු බියකින්,සැකයකින් තොරව, එම පරීක්ෂණයට මුහුණ දී, තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමේ හැකියාවක් සමන්ත භද්‍ර හිමිට තිබිණි.
එසේ නොකර, මේ ආකාරයට " D.N.A." පරීක්ෂණය ප්‍රතික්ෂේප කරමින්,එය මගහැර යෑම තුළ, අපට ගම්‍ය වන්නේ, එවැනි පරීක්ෂණයක් කළා නම්, නිරන්ජලා ශාමලීට උපන් දරුවා, සමන්ත භද්‍ර හිමිගේ බවට සනාථ වන බවය.
සමන්ත භද්‍ර හිමි,මෙම සිද්ධියෙන් ඇග බේරා ගත්තේ මේ ආකාරයටය. එපමණක් නොව, මෙම සිදුවීමෙන් පසු,සමන්ත භද්‍ර හිමි, තමන්ගේ භික්ෂු නම ද වෙනස් කර ගත්තාය.
එනම් , පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමි යනුවෙන්, සමාජය තුළ පෙනී සිටි, ඔහු දැන් පෙනී සිටින්නේ, පූජ්‍ය සමන්ත භද්‍ර හිමි ලෙසය. නමුත් " කැළේ මාරු උනාට, කොටියාගේ පුල්ලි මාරු වී නැති බව " බව අපි අමතක නොකළ යුතුය.
සමන්ත භද්‍ර හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමිගේ, ශිෂ්‍ය ගෝලයෙකි. මෙම කාන්තා ප්රශ්නය මතු වූ පසු උන්වහන්සේ, සමන්ත භද්‍ර හිමිව තම ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීමටද පියවර ගත්හ.
සමන්ත භද්‍ර හිමිගේ අනිසි ක්‍රියාකාරකම් සහ හිරිහැර හේතු කොටගෙන,2010 ජූනී මස ගල්කිස්ස අධිකරණයේද ,ඔහුට එරෙහිව තවත් නඩුවක් පැවැත්විණි. එහි නඩු අංකය :- 2595 / 10 ලෙස සඳහන්වේ.
දෙහිවල,බෙල්ලන් විහාර , පටුමගේ ,අංක 41, දරණ ස්ථානයේ පදිංචි, රෝහිණී පුෂ්පලතා, දෙහිවල, විහාර,පටුමගේ ,අංක 20 ,දරණ ස්ථානයේ පදිංචි විශාකා ප්‍රනාන්දු ඇතුළු කිහිප දෙනෙක් එම නඩුව පැවරුණි.
රටට,ජනතාවට,සමාජයට, ලෝකයට මොන ආකාරයේ බණ දේශනා සිදුකළද, තම දෙමව්පියන් දෙදෙනාටවත් හරියට, සමන්ත භද්‍ර හිමි සලකන්නේ නැති බව මෙහිදී දැනගන්නට ලැබුණු දෙයකි.
එපමණක් නොව,පැපිලියාන සිරි සදහම් ආශ්‍රමය අවට ගම්මානයේ අති බහුතරයක් දෙනා, සමන්ත භද්‍ර හිමි සමඟ අමනාපය. නිතර ඔවුන් සමඟ ගැටුම්, රණ්ඩු සරුවල් ඇතිකර ගනිමින් , සමන්ත භද්‍ර හිමි ගම්වැසියන්ට " තෝ ,බල්ලා, බූරුවා යන වචන වලින් පමණක් නොව, පරුෂ වචනයෙන්ද බැණ වදිනූ ඇත.
උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ධර්මය විකෘති කරමින්, විවිධ වූ ධර්ම දේශනා පැවැත්වීම පිළිබඳව,සමන්ත භද්‍ර හිමිව අවස්ථා දෙකකදී පමණ, මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමි පූජ්‍ය තිබ්බුටුවාවේ සුමංගල නායක ස්වාමීන් වහන්සේ විසින්, සමන්ත භද්‍ර හිමිව දළදා මාලිගාවට ගෙන්වා දැඩි දෝශ දර්ශනයටද ලක් කරනු ලැබූහ.
තවදුරටත් ධර්මය විකෘති නොකරන බවට වැඳ සමාව ගත්තද , සමන්ත භද්‍ර හිමි එම ක්‍රියාව තවමත් නතර කර ඇති බවක් නම් පෙනෙන්නට නැත. සිවුරක් දමාගෙන, භික්ෂුවක් ලෙස හැසිරෙන සමන්ත භද්‍රගේ ක්‍රියා කලාපය මුළු බුද්ධ ශාසනයටම බලවත් ප්රශ්නයකි.
ඔහු භික්ෂුවක් නොව, මුදල් හම්බ කරන ව්‍යාපාරිකයෙකි. මෙම අවස්ථාවේ, ගංවතුර, නායයෑම් සහ සුළි කුණාටු තත්ත්වය හේතු කොට ගෙන ලංකාවේ ජනතාව දැඩි අසරණ තත්ත්වයට පත්වී ඇති මොහොතක ඔවුන්ට ආධාර උපකාර කිරීම කාගෙත් යුතුකම සහ වගකීම වනු ඇත.
ඔවුන්ට ආධාර කිරීමට ආණ්ඩුව බැංකු ගිණුමක් ආරම්භ කරමින්, ආධාර මුදල් ලබා ගැනීමට උත්සාහ කරන විට එයට අවහිර බාධක පමුණුවමින්, එම ගිණුමට මුදල් නොදමන ලෙසත්, තමන්ගේ ගිණුමට එම මුදල් බැර කරන ලෙසත්, සමන්ත භද්‍ර හිමි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම මොනතරම් නින්දිත තත්ත්වයක් ද යන්න මින් පැහැදිලි වනු ඇත.
සටහන :- ශ්‍රී ලාල් ප්‍රියන්ත.