🔴දරුවා මගේ නෙවෙයි Htto… පීතෘභාවය පිළිගන්න බැහැ’ චාමික කරුණාරත්න අධිකරණයට කියයි..!

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,077
    2,265
    113
    🚨 NEWS ALERT 🚨

    ' දරුවා මගේ නෙවෙයි… පීතෘභාවය පිළිගන්න බැහැ’
    චාමික කරුණාරත්න අධිකරණයට කියයි..!

    හිටපු ගුවන් නියමුවරියක බව කියන තැනැත්තියක සිය දරුවාගේ පීතෘත්වය භාර ගැනීම ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ප්‍රතික්ෂේප කරන බවට කළ පැමිණිල්ලට අදාළව පැවති නඩු කැඳවීමකදී ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

    හිටපු ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දි සේනාරත්න නමැත්තිය ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.

    පැමිණිලිකාරිය චෝදනා කරන්නේ, වගඋත්තරකාර චාමික කරුණාරත්න තමන් සමග ලිංගික සම්බන්ධතාවක් පැවැත්වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු උපන් බවත් ය.

    එම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පැමිණිලිකාරිය සඳහන් කළා ය.

    DNA පරීක්ෂණයක් ඉල්ලයි

    ඒ අනුව, දරුවාගේ පිතෘභාවය සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසත්, ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිකාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    මෙම පෞද්ගලික පැමිණිල්ල අද (දෙසැ: 08) කොළඹ මහේස්ත්‍රාත් කසුන් දිසානායක ඉදිරියේ කැඳවනු ලැබිණි.

    එහිදී පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජෙරුෂා තම්බයියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකරු තම සේවාදායිකාව සමග පැවැත්වූ ලිංගික සම්බන්ධතාවකින් අනතුරුව දරුවෙකු උපන් බව සඳහන් කළා ය.

    එම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, ඒ අනුව දරුවාගේ පීතෘභාවය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

    අභියාචනාධිකරණය මීට පෙර දී තිබෙන නඩු තීන්දුවක පූර්වාදර්ශයට අනුව එවැනි DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙන බවත් නීතිඥවරිය සඳහන් කර සිටියා ය.

    ‘DNA පරීක්ෂණ නියෝගයකට විරෝධය’

    එම ඉල්ලීමට වගඋත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව තරයේ විරෝධය පළ කළේ ය.

    නීතිඥවරයා සඳහන් කළේ, සිය සේවාදායකයා අදාළ දරුවාගේ පීතෘභාවය ප්‍රතික්ෂේප කරන බව ය.

    අදාළ දරුවා ලැබුණු බව කියන කාල වකවානුවේ මෙම පැමිණිලිකාරිය ඉන්දීය ජාතික තරුණයෙකු සමග සම්බන්ධතාවක් පවත්වා ඇති බව කී චාමික කරුණාරත්නගේ නීතිඥවරයා, ඒ බව තහවුරු කෙරෙන ඡායාරූපයක් ද අධිකරණයට ඉදිරිපත් කළේ ය.

    සිය සේවාදායකයා පැමිණිලිකාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර, DNA පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් නීතිඥවරයා පැවසීය.

    පැමිණිලිකාරිය සිය සේවාදායකයාට චෝදනා එල්ල කරන්නේ නම් එය ඔප්පු කරනු ලැබිය යුත්තේ ඇය විසින් ම බවත් නීතිඥ අසේල රැකව වැඩිදුරටත් සඳහන් කළේ ය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකාර චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපයක් මත මුදා හැරීමට නියම කළේ ය.

    ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 30 වන දා කැඳවන ලෙස නියෝග කෙරිණි.

    බීබීසී සිංහල
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,808
    13,443
    113
    Ithin Indian ekaage DNA test karala eka match wenne naha kiyala usaviyata oppu karoth Chamika nemei da remaining culprit ?
    Mokada uu kiyala thiyenne Indian ekath ekka hitapu nisa lamaya Indian wenna ona kiyala neh. Indian possibility eka eliminate kare nam hari neh.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,223
    113
    මාලඹේ
    Ithin Indian ekaage DNA test karala eka match wenne naha kiyala usaviyata oppu karoth Chamika nemei da remaining culprit ?
    Mokada uu kiyala thiyenne Indian ekath ekka hitapu nisa lamaya Indian wenna ona kiyala neh. Indian possibility eka eliminate kare nam hari neh.
    Indian eka hoyana ekane wede😂
     
    • Haha
    Reactions: Sam Walton

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,990
    3,754
    113
    A Court above this court may issue mandatory order to him for a DNA test. In a case related to a child, High court will be very serious on matter of children support. District court is acting as a guardian to the child.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,848
    6,263
    113
    East Blue (Goa Kingdom)
    A Court above this court may issue mandatory order to him for a DNA test. In a case related to a child, High court will be very serious on matter of children support. District court is acting as a guardian to the child.
    ලංකාවේ law එකක් තියෙනවද ?


    එහෙම DNA test එක mandatory වෙන්න

    මොකද බැඳපු කෙනෙක්ට නම් පුළුවන් wife ට හම්බ උන ළමයා තමන්ගේ නෙමේ කියල DNA test ඉල්ලන්න .

    ලංකාවේ නීතියෙන් දැන් පුලුවන්ද එහෙම බැඳපු නැති අයගෙන් වන්දි ගන්න .

    තනුජක ඉස්සර thread එකක් දාල තිබ්බ . එකෙක් හොර කසාදයක් කරගෙන , දෙවැනි විවාහය invalid වෙලා , වන්දි දෙන්න ඕන කියල නීතියක් නැති කතාවක් ,

    supreme court ගියොත්

    e thread eka hoya ganna baha dan
    කෙල්ලෙක්ට ළමයෙක් ලැබෙන්න ඉද්දි විවාහක නැත්නම් ළමයාගේ තාත්තට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද නීතිමය පැත්තෙන්? ළමයා කාගේද කියලත් ඔප්පු කරන්න වෙන්නේ ලැබුනමනේ. මේක ගැන දැනගන්න ඕන.

    ඒ වගේම කෙල්ල (අවිවාහක) ඒ දරුවා තමන්ගේ තනි කැමැත්තට නැති කරොත් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවද නීතිමය පැත්තෙන්?
    අම්ම තාත්ත විවාහක නැත්තං ඒ අම්මට උපදින දරුවා සුජාත දරුවෙක් නෙමෙයි.
    අවජාතක දරුවෙක් බිහිකලා කියලා අම්මට ඇත්ත වශයෙන්ම පියාට එරෙහිව කරන්න දෙයක් නෑ.
    නඩුවක් දාල උසාවි ගියොත්
    සානුකම්පිත දීමනාවක් නියම කරනව මහේස්ත්‍රාත් එක ගන්න පුලුවන් ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ අම්මට.

    ප්‍රැක්ටිකලි ඇබෝශන් අල්ලන්න හරි අමාරුයි.
    ඒවා කරන වෛද්‍යවරු පැයක් වගේ කාලයක් ඇතුලත් ඉතාම රහසිගත ආකාරයට ඒව කරල ඉවර කරනවා.
    දොස්තරගේ රස්සාවත් ඉවරයි මාට්ටු උනොත්.
    ඒ නිසා ඒව හරි සියුම්ව එයාල කරනවා.
    අහු උනොත් ගෑනු කෙනාට වසර 10 සිර දඩුවමක් උනත් නියම කරන්න පුළුවන්.


    thread eka https://elakiri.com/threads/අද-උසාවියේදී-වෙච්ච-හදියක්.1630372/
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    aefe3r.jpg
     
    • Haha
    Reactions: Sam Walton

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    788
    425
    63
    Homagama
    ගීතා කුමාරසිංහගෙ දුවත් (Tharika Führer) ක්‍රිස්ගේ නෙවෙයි මම හිතන්නේ.
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,522
    113
    මාළඹේ
    නීත්‍යානුකූල විවාහයක් නම් බිරිඳට හෝ සැමියාට නඩත්තු ගෙවන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. බිරිඳට සැමියාගෙන්, සැමියාට බිරිඳගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්.

    විවාහ වෙලා නැතිනම්, තමන්ගෙන් දරුවෙක් ඉන්නවා නම්, දරුවා වෙනුවෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්.

    DNA කරන්න බැහැ කියනවා නම් දරුවට නඩත්තු ගෙවන්න ඕනේ නැත්තෙ ඇයි කියලා පියා නඩුව විමසීමේ අවස්ථාවෙදි ඔප්පු කරන්න ඕනේ.

    මේ සිද්ධියේදි චාමික කරුණාරත්න තමයි ඉන්දියානු ජාතිකයා පියා කියලා නඩුව විමසීමේ අවස්ථාවෙදි ඔප්පු කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha