එකෝමත් එක කාලයක.. (18+)

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    එකමත් එක කාලෙක පොඩි පියාඹන්න බැරි කුරුල්ලෙක් හැමදාම ලතවුනාලු එයාටත් අර උස ගහ මුදුනට හරි ගිහින් අවට බලන්න , පියාඹන අනික් කුරුල්ලො වගේ ඈත බලන්න , ඉහලින් ඉන්න තිබ්බනං කියල...

    මේ පුංචි කුරුල්ල මේ ගැන කාලයක් හිතල හිතල, ශූර කපටි අදහසක් හොයාගන්නව තමන්ගෙ වැඩේ කරගන්න..

    එයා ඒ අනුව කැලේ වටේ ගිහින් බිම වැටුන රසවත් පළතුරු ගෙනල්ල අර ගහ කිට්ටුව බිම අතුරනව..

    ඔන්න එතකොට අවට කැලේ හිටිය ලොකු කුඩා සේරම පියාඹන කුරුල්ලො පළතුරු කන්න ඇවිත් ගහේ වහල , පළතුරු කාල, එතනම ජරා කරලත් යන්න පටං ගන්නව..
    අවුරුදු කීපයක් යනකොට අර ගහ යට පළතුරු කන්න ආ කුරුල්ලන්ගෙ කුරුලුබෙටි ගොඩ පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනව..

    ඉතාම ඉවසීමෙන් , හැමදාම ගහ අවට පළතුරු දාන කුරුල්ල මේ ඉහල නගින කුරුලුබෙටි කන්ද දිහා බල බල තවත් පළතුරු ගේනත් ගහ අවට දානව..

    මෙහෙම ගිහින් දැන් අර කුරුළුබෙටි කන්ද සෑහෙන උසයි....

    ඔන්න ඔය කන්ද ගහේ අතු කිට්ටුවටම උස උනහම අපෙ පුංචි පියාඹන්න බැරි කපටි කුරුල්ල තමන්ගෙ ගමණ යන්න තීරණය ගන්නව..

    එයා මේ බෙටි කන්ද උඩින් අඩි තියල හෙමිහිට ඉහලට ඇවිත් ගහේ උසම අත්තට නගිනව..

    මෙහෙම ඉහලටම ඇවිත් එයා ජීවිතේ මුල්වරට සැබෑ Birds Eye view එක දැකල ඉතාම සතුටින් කෑගහන්න පටං ගන්නව.





    ආංඑතකොට ඉහල අහසෙ කැරකුනු උකුස්සෙක්ට මේ ගහ උඩ ඉන්න පුංචි කුරුල්ලව පේනව , ඇහෙනව..



    උකුස්ස ඊතලයක් වගේ වේගෙන් පහතට ඇවිත් අර චූටි කුරුල්ලව මොහොතින් ඩැහැගෙන, කීතු කීතු කරල ගෙනිහිල්ල පැටවුන්ට කන්න දානව...






    .................
    ඔන්න ඕකයි පිංවතුනි අපි කියන්නෙ,
    "ගූ වැඩ කරල ඔබට ඉහලට යන්න පුලුවන් වෙයි, හැබැයි තමන්ට රැකෙන්න බැරි තැන්වල රැඳෙන්න බෑ"
    කියල.
    ............

    කොට, ලපයක් තියෙන කෙනෙක් කියල වරදවා තේරුම් ගන්න එපා.. මේ කතාවෙ සැබෑ අරුත දැනෙන ඒ පින්තූරය තවම ආවෙ නෑ , එන අවුරුද්ද දිහා එයි.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    1766681773055.jpeg
     
    • Love
    Reactions: planner123