සිංහලයා ගැන පැරණිම සාක්ෂි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    සිංහලයා ගැන පැරණිම සාක්ෂි

    ************************
    දෙමළ ජාතිවාදීන් නිතරම කියන දෙයක් තමයි සිංහල යන නම පැරණි මූලාශ්‍ර වල සඳහන් වුණේ නැතිය. ඒක පසුකාලීනව හැදුණු දෙයක්ය කියන කතාව. අපි බලමු ඇත්ත ඉතිහාසය!

    වර්තමාන ආන්ද්‍රා ප්‍රදේශයෙන් හමුවන වසර 2000ක් පමණ පැරණි සිංහල විහාරයක් ගැන පහුගිය දවස් වල මාධ්‍ය වල පළ වුණා නේද? ඇත්තටම මේ පුරාණ බෞද්ධ සිද්ධස්ථානය අපට සෑහෙන්න වැදගත් වෙනවා. ක්‍රි.ව. මුල් යුගයේ සිංහල යන නමින් රටක් ජනකොටසක් සිටිය බවට ලැබෙන පැරණිතම සාක්ෂියක් තමයි මේ නාගර්ජුණකොණ්ඩ විහාරයේ සෙල් ලිපිය.

    ප්‍රාකෘත භාෂාවෙන් ලියවුණු මේ සෙල්ලිපියේ මේ පින්තුරයේ තියන විහාරය හඳුන්වා ඇත්තේ “සිහල විහාරය” යන නමින්. ඒ වගේම තම්බපණ්ණි කියන නමත් මේ සෙල්ලිපියේ සඳහන් වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ විද්වතුන්ගේ මතය වුණේ ලංකාවේ පුරාණතම නම වෙන තම්බපණ්ණි යන නම භාවිතයෙන් අත්හැරීම පටන් ගන්න ඒ වගේම සිංහල යන නම ප්‍රචලිතව තිබ්බ කාලයක දී මේ විහාරය කරවා ඇති බවයි.

    මම දන්නා තරමින් තම්බපණ්ණි හා සිහළ (සිංහල) යන නම් දෙකම එකට සඳහන් එකම සෙල් ලිපිය මේකයි.

    ඇත්තෙන්ම සිංහල යන නමින් විහාරයක් නම් කිරිම පුදුමයකට කාරණයක් නෙමෙයි. ක්‍රි.ව. මුල් යුගයේ ඉඳන් ඉන්දියාවේ මිනිස්සු ලංකාව හැඳින්වූයේ සිංහල දීපය යන නමිනුයි. සිංහල යන නම සඳහන් තවත් මුල් කාලීන මූලාශ්‍රයක් ලෙස මහායාන දිව්‍යවදානයත් හඳුන්වා දෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ක්‍රි.ව. 2 වන සියවසට කාලනිර්ණය කළත් ඒ කාලනිර්ණය ඇතැම් අවස්ථා වල ප්‍රශ්න කෙරෙනවා. කොහොමින් හරි පේන්න තියෙන්නේ ක්‍රි.ව. 3 වන සියවස වගේ වෙද්දි සිංහල නම ප්‍රචලිතව තිබ්බ බවයි. ඒ නිසා තමයි නාගර්ජුණකොණ්ඩ විහාරයේ සිංහල විහාරයක් ගැන සඳහන් වෙන්නේ.

    ඊට අමතරව ක්‍රි.ව. 4 වෙනි සියවසට අයත් වෙන ගුප්ත රාජවංශයේ අලාහබාද් පුවරු ලිපියේ ද සිංහලයන් ගැන සඳහන් වෙනවා. ඒ සෛම්හල යන නමිනි. ගුප්තයන් හා සිංහල රජු අතර සබඳතා පැවැත් වුණු බව තත්කාලීන චීන මූලාශ්‍ර වලිනුත් හෙළිවී තිබෙනවා.

    පසුකාලීනව ලංකාව හඳුන්වන්නට සිංහල යන නම බහුල වශයෙන් භාවිතා වුණා. උදාහරණ ලෙස ක්‍රි.ව. 4 වන සියවසට අයත් දීපවංශය, 5 වන සියවසට අයත් සමන්තපාසාදිකා, 6 වන සියවසට අයත් මහාවංශය දෙන්න පුළුවනි.

    ඒ වගේම ක්‍රි.ව. 6 වෙනි සියවසට අයත්, ඊජිප්තු ක්‍රිස්තියානි පූජකයෙක් වෙන කොස්මස් ඉන්දිකොප්ලියස්ටස්ගේ වාර්තා වලත් තැප්‍රොබේනය (තම්බපණ්නිය) යන රට සීලදීබ යන නමින් ඉන්දියානුවන් හඳුන්වන බව සඳහන් වෙලා තිබ්බා. සීලදීබ ලෙස ලියා ඇත්තේ සිංහල දීප යන්නයි. (The Christian Topography of Cosmas, an Egyptian Monk translated from the Greek, and Edited with Notes and Introduction by J. W. McCrindle in 1897, pg 364-5)

    පැරණි සංස්කෘත සාහිත්‍යය සැළකූ විට වර්තමාන ශ්‍රී ලංකාව හඳුන්වා තියෙන්නේ ලංකා යන නමින් නොව සිංහල/ සිංහලදීප යන නමිනි. ඒ නිසා ක්‍රිස්තු වර්ෂ මුල් කාලයේ සිට 8-9 වන සියවස් දක්වා ලංකාව හඳුන්වන ජනප්‍රිය නම වෙලා තිබ්බේ සිංහල/ සිංහල දීපය යන නමයි.

    ඒ වගේම ගොඩක් අය නොදන්නා තවත් කරුණක් තියනවා. ඒ තමයි ලංකාවේ ඉපිද ඉන්දියාවට සංක්‍රමණය වෙලා ශාස්ත්‍රීය කටයුතු වල යෙදුණු සිංහලයන් අතීතයේත් ඉඳලා තියනවා. ඒ අයගේ වාර්තා වල තමන්ගේ සිංහල සම්භවය ගැන සඳහන් කරලා තියනවා. උදාහරණ විදිහට ආර්ය දේව භික්ෂුව හා රත්න ශ්‍රී ඥාණ යන අය දෙන්න පුළුවනි.

    ආර්යදේව කියන්නේ නාගර්ජුණ නම් මහායාන භික්ෂුවගේ ශිෂ්‍යයෙක් විදිහට පුහුණුව ලැබූ ඉන්දියාවේ 2-3 වෙනි සියවස් වල ජීවත් වුණු මධ්‍යම නිකායට අයත් මහායාන භික්ෂුවක්ය. මේ ආර්යදේව භික්ෂුව කටුසටහක Catuhsataka නම් මහායාන බෞද්ධ ග්‍රන්ථය රචනා කර තියනවා. ආර්යදේව තමන්ව විස්තර කරන්නේ සිංහල රජුගේ පුත්‍රයෙක් හැටියටයි. මේ නිසා ඉන්දියාවේ සිටි මහායාන භික්ෂුවක වෙන ආර්යදේව ලංකාවෙන් ගිය සිංහල රාජකුමාරයෙක් හැටියට සැළකෙනවා.

    ඉන්දියාවේ ජීවත් වෙමින් සංස්කෘත සාහිත්‍යය රචනයේ යෙදුණු රත්න ශ්‍රී ඥාණා 10 වන සියවසේ දී දන්දින්ගේ කාව්‍යදර්ශයට විචාරයක් ලිව්වා. කාව්‍යදර්ශයට සංස්කෘත භාෂාවෙන් කරපු පළවෙනි විචාරය හැටියට ඒක සැළකෙනවා. ඒ විචාරයේ අන්තිමට රත්න ශ්‍රී ඥාණා තමන්ව හඳුන්වා දෙන්නේ සිංහලයේ උපන් පුද්ගලයෙක් ලෙසයි. ඒ අනුව ලංකාවේ/ සිංහල දීපයේ ඉපිද ඉන්දියාවට ගොස් ග්‍රන්ථකරණයේ යෙදුණු පුද්ගලයන් දෙන්නෙක් විදිහට ආර්ය ‍දේව මහායාන භික්ෂුව හා රත්න ශ්‍රී ඥාණා නම් සංස්කෘත භාෂා විද්වතා දෙන්නත් පුළුවනි.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිංහල/සිංහල දීප යන නම ආරම්භය පටන් ගත්තේ කොයි කාලයේ ද කියන එක නිශ්චිත වශයෙන් කියන්න අමාරුයි. ලංකාව සම්බන්ධයෙන් සිංහල යන නම භාවිතා වුණු බවට තියන පැරණිතම ශිලා ලිපි සාක්ෂිය වෙන්නේ මේ නාගර්ජුණකොණ්ඩ සෙල්ලිපියයි. සාහිත්‍යමය සාක්ෂියක් විදිහට ක්‍රි.ව. 2 වන සියවසට අයත් දිව්‍යවදානය සළකන්න පුළුවන්. නමුත් මේකේ කාලනිර්ණය මතභේදකාරීයි.

    තවත් සාක්ෂියක් ලැබෙන්නේ ග්‍රීක මූලාශ්‍ර වලිනුයි.

    අතීතයේ සිමොන්දු යන නමින් හැඳින්වූ තැප්‍රොබේන් දූපතට වර්තමානයේ සලිකෙ Salike යන නම භාවිතා කරන බවත් සලිකෙ දූපතේ ජනයා සාලෙයි Salai ලෙසත් හඳුන්වන බව ටොලමිගේ වාර්තාවේ සඳහන් වෙනවා. ඒක සාමාන්‍යයෙන් ක්‍රි.ව. 150ට වගේ කාලනිර්ණය කරපු වාර්තාවක්. ඒ අනුව ක්‍රි.ව. 2 වන සියවසේ ඉඳන්වත් ලංකාව සිංහල යන නමින් හඳුන්වා ඇති බව පේන්න තියනවා. (Source - Ancient India as Described by Ptolemy, (ed.), John.W McCrindle, MunshiramManoharlal, (New Delhi, 2000 reprint), pp. 247)

    සිංහල යන නමින් මුල් කාලයේ දී ඇත්තටම හැඳින්වුවේ කවුද කියන එක ගැන ප්‍රශ්නයක් තිබ්බා. ඉතිහාසඥ මහාචාර්ය ජී. සී. මෙන්ඩිස්ගේ අදහස වුණේ අතීතයේ දී දිවයිනේ නම සිංහල වුණු නිසා එහි ජනයා දිව‍යිනෙන් අනන්‍යතාවය ලබා ගෙන සිංහල යන නමින් හැඳින්වුණු බවයි. ඒ අනුව සිංහල දූපතේ ජනයා සිංහල ජනයා බවට පත් වුණා.

    පසුකාලීනව ඉතිහාසඥ ලෙස්ලි ගුණවර්ධන තර්ක කළේ දූපත සිංහල යන නමින් හැඳින්වෙන්නට පෙර සිංහල යන නමින් රාජවංශයක් ජීවත්ව සිටි බවයි. තම්බපණ්ණිය පාලනය කළේ මේ සිංහල රාජවංශය විසින් බවත් මහාවංශයේ දැක්වෙන්නේ මේ සිංහල රාජවංශයේ ආරම්භය බවත් ඔහු තර්ක කළා. එයාගේ තර්කයට අනුව පසුකාලීනව රාජවංශයේ නම රාජධානියටත් පසුව එහි වැසියන්ටත් යෙදෙන්න ගත් බව එයාගේ තර්කය වුණා.

    කොහොම හරි ක්‍රි.ව. 3-4 සියවස් වෙද්දි ලංකාව හඳුන්වන්න ඉන්දියානුවන් භාවිතා කළේ සිංහල/සිංහල දීප කියන නමයි.

    පසුකාලීනව දෙමළ භාෂාව කතා කළ මුලින් ප්‍රාකෘතයෙන් සෙල් ලිපි සටහන් කළ පල්ලවයන් පවා ලංකාව හැඳින්වූයේ සිංහල යන නමින්ය. ලංකාව ගැන සඳහන් පැරණිතම දෙමළ වාර්තා වලත් ලංකාව හඳුන්වා ඇත්තේ සිංගල යන නමිනි. ඒ නිසාම තමයි පසුකාලීන දෙමළ ශබ්ද කෝෂ වල (සෙන්තාන් තිවාකරම්, පිංකලම්, සුඩාමනි නිඝණ්ඩුව) ඊළාම් යන වචනයේ තේරුම සිංගලම් නැතිනම් සිංහල රට විදිහට දිලා තියෙන්නේ.

    අරාබි මූලාශ්‍ර වල ලංකාව බොහෝ විට හඳුන්වන්නේ සෙයිලාන් හා සෙරෙන්ඩිබ් යන නම් දෙකෙනි. මේ නම් දෙකම සිංහල/සිංහලදීප යන නමෙන් බිඳී ආ නම් වශයෙන් සැළකෙනවා.

    10 වෙනි සියවසේ ජීවත් වුණු අරාබි ලේඛකයෙක් වෙන Al-Biruni ඔහුගේ වාර්තාවේ ලංකාව හඳුන්වන්නේ සිංගලදීබ් ‘Singaldib’ යන නමින්ය. අල් බිරුනි සිය වාර්තාවේ (Chapter XXI, 233) සඳහන් කර ඇත්තේ “Dip (Dvipa) is the Indian word for island. Hence the words Sangaladip (Simhaladvipa), which we call Serendib, and the Dibajat(Maldives, Laccadives).” ‍

    ඒ අවදියේම ජීවත් වෙච්ච තවත් අරාබි ලේඛකයෙක් වන ඉබ්නු ශාහ්රියර් Ibn Shahriyar තමන්ගේ Ajab-al-Hind (meaning Marvels of India) වාර්තාවේ සෙරෙන්ඩිබ් යන නමින් ලංකාව හඳුන්වනවා. ඒ වගේම එයාගේ වාර්තාවේ (CXXI, 154), එයා සඳහන් කරනවා සෙරෙන්ඩිබ් දූපතේ තමයි ප්‍රසිද්ධ සිංහල කුරුඳු වැවෙන්නේ කියලා “Its trees yield excellent cinnamon bark, the famous Singalese cinnamon” (The Book of the Marvels of India by Ibn Shahriyar, English translation by L. Marcel Devic, (London, 1928))

    රාමායණයේ සඳහන් ලංකාව යන නමින් හඳුන්වා ඇත්තේ නූතන ශ්‍රී ලංකාවය කියලා සමහරු හිතන් හිටියට ඇත්තටම රාමායණයෙත් අපේ ලංකාව හඳුන්වලා තියෙන්නේ සිංහල යන නමිනුයි. රාමායණයේ සඳහන් ලංකාව වෙන්නේ මේ සිංහල ද්විපය යන අදහස ඇති වෙලා තියෙන්නේ රාමායණය රචනා වෙලා බොහෝ කාලයකට පසුවයි. ඒ හේතුවෙන් පසුකාලීනව ලංකාවට දේශපාලනික වශයෙන් සැහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා.

    ඇත්තටම සිංහල කියන්නේ සැහෙන්න පැරණි නමක්. ඇත්තම කතාව ගත්තොත් හෙළ යන නමටත් වඩා පැරණියි. හෙළ යන නම සම්බන්ධයෙන් අපට පැරණිම සාක්ෂි ලැබෙන්නේ ක්‍රි.ව. 8 වෙනි සියවසේ දීයි. නමුත් සිංහල යන නමට ඊට සියවස් ගණනාවකට වඩා පැරණි ඉතිහාසයක් තියනවා.
    සිංහල යන නම ඇතුළත් ඉන්දියානු (දෙමළ නොවන) මූලාශ්‍ර ලැයිස්තුවක් ගැන ඉදිරියේ දී පෝස්ටුවක් දාන්න බලාපොරොත්තු වෙනවා.

    මේ කිසිදු ඉන්දියානු, අරාබි, ග්‍රීක මූලාශ්‍රයක ලංකාවේ දෙමළ රටක් ගැන කිසිදු ඇඟවීමක් ලබා දීලා නැත.


     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    251
    296
    63
    ඒ වුණාට දැන් මේක අපිලාගේ රට
    යාපනේට ආවොත් උකොලා යවන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,915
    1
    56,936
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වසර 2000ක් පමණ පැරණි සිංහල විහාරයක්
    spiderman lol GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    මක් නිසාද මිතුර මේ සිනහවට කාරණා?

    මන් හිතන් හිටියේ සිවු හෙළ සිංහල වුනා කියලයි
    රාවණ ලංකාවට සීතාව අරං යනකොට සිංහල රට ගැන විස්තර කර කියලා තියෙනව. ඔය ගැන නන් මම කලි. නූලක් දැම්ම.
    ------ Post added on Jan 31, 2026 at 2:54 PM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,364
    8,494
    113
    මේක ඉතිහාසෙ පැත්තෙන් ලොකු දෙයක්..මට හිතෙන දෙයක් තමා අපි ඉතිහාසෙ කියාලා ඉගනගන්නෙ සුද්දා ලියපු ටිකක් මිසක් හරිම දේ නෙවෙයි කියන එක