මචං, උඹ දැකලා තියෙනවද අවුරුදු ගාණක් මැද පෙරදිග දුක් විඳලා, ලංකාවට එන මිනිස්සු? උන් එයාර්පෝට් එකෙන් එළියට එන්නෙ යුද්ධයක් දිනපු රජවරු වගේ. ඒත් මාසයක් යද්දි උන්ගේ මූණේ තියෙන ඒ එළිය නිවිලා යනවා. ඇයි දන්නවද?
සුනිල් කියන්නෙත් එහෙම පොරක්. අවුරුදු 8ක් ඩුබායි කාන්තාරේ යකඩ එක්ක ඔට්ටු වුණා. මාසෙට එවන ලක්ෂ 3න් ගෙවල් හැදුණා, වාහන ආවා, ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් ගියා. වයිෆ්ගේ Facebook එක පිරුනේ "Hubby sent me gifts" ෆොටෝ වලින්.
සුනිල් ලංකාවට ආවේ පපුවේ අමාරුවක් හැදිලා. දොස්තර කිව්වා "දැන් රෙස්ට් කරන්න, ආයේ වැඩ එපා" කියලා.
පළවෙනි සතියෙ ගෙදර අය සැලකුවා. ඒත් සල්ලි එන එක නතර වුණාම, ගෙදර vibe එක වෙනස් වුණා. වයිෆ්ගේ මූණේ හිනාව යන්තම් මැකිලා ගියා. ළමයි තාත්තා එක්ක කතා කරන එක අඩුවුණා. දවසක් රෑ කෑම මේසෙදි සුනිල්ට ඇහුණා වයිෆ් කාටද කෝල් එකකින් කියනවා: "අනේ මන්දා අක්කේ, මෙයා දැන් ගෙදරට වෙලා නිකන් ඉන්නවා. අපිට ඉස්සරහට මොනවා වෙයිද මන්දා..."
සුනිල්ට එදා රෑ නින්ද ගියේ නෑ. එයාට තේරුණා එයා අවුරුදු 8ක් තිස්සේ ආදරේ කරලා තියෙන්නේ ගෑනියෙක්ට නෙවෙයි, එයාගේ "ප්‍රොවයිඩර් රෝල්" එකට විතරයි කියලා. එයා සල්ලි මවනකන් එයා "දෙවියෙක්". එයා නිකන් මනුස්සයෙක් වුණ දවසට එයා "බරක්".
Analysis (The Sigma Reality):
මචං, Evolutionary Biology වල තියෙනවා Briffault's Law කියලා නියමයක්. ඒකෙන් කියන්නේ: "ගෑනු කෙනෙක් පිරිමියෙක් එක්ක ඉන්නේ, ඒ පිරිමියාගෙන් එයාට වර්තමානයේ ලැබෙන වාසිය මත විතරයි. අතීතයේ කරපු කැපකිරීම් වලට වර්තමානයේ වටිනාකමක් නෑ."
සුනිල් කියන්නේ තවත් එක ගොදුරක් විතරයි. සමාජය පිරිමියාට උගන්වන්නේ "උඹ හම්බකරොත් උඹට ආදරේ ලැබෙයි" කියලා. ඒක අමු බොරුවක්. උඹ හම්බකරොත් උඹට "කැමති" වෙයි. ආදරේ කියන්නේ වෙනම එකක්.
මේක කියවන උඹත්, "මම මාරම කට්ටක් කන්නේ මගේ කෑල්ල/වයිෆ් වෙනුවෙන්" කියලා හිත හදාගන්නවා නම්, පොඩ්ඩක් හිතපන්. උඹේ බැංකු පොත බිංදුව වුණ දවසටත් ඒ ආදරේ එහෙමම තියෙයිද?
එහෙම නැත්නම්, උඹත් හුස්ම ගන්න ATM මැෂිමක් විතරද?
- 𝗔𝗻𝗼𝗻𝘆𝗺𝗼𝘂𝘀 𝗟𝗼𝘃𝗲𝗿 -