මගේ කෑල්ල, වයිෆ් , පවුල, ළමයි වෙනුවෙන් නේ හැමදේම කියන උන්ට අන්තිමට වෙන දේ...💔☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,681
    46,047
    113
    Fd8XpZ3.jpeg

    මචං, උඹ දැකලා තියෙනවද අවුරුදු ගාණක් මැද පෙරදිග දුක් විඳලා, ලංකාවට එන මිනිස්සු? උන් එයාර්පෝට් එකෙන් එළියට එන්නෙ යුද්ධයක් දිනපු රජවරු වගේ. ඒත් මාසයක් යද්දි උන්ගේ මූණේ තියෙන ඒ එළිය නිවිලා යනවා. ඇයි දන්නවද?

    සුනිල් කියන්නෙත් එහෙම පොරක්. අවුරුදු 8ක් ඩුබායි කාන්තාරේ යකඩ එක්ක ඔට්ටු වුණා. මාසෙට එවන ලක්ෂ 3න් ගෙවල් හැදුණා, වාහන ආවා, ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් ගියා. වයිෆ්ගේ Facebook එක පිරුනේ "Hubby sent me gifts" ෆොටෝ වලින්.

    සුනිල් ලංකාවට ආවේ පපුවේ අමාරුවක් හැදිලා. දොස්තර කිව්වා "දැන් රෙස්ට් කරන්න, ආයේ වැඩ එපා" කියලා.

    පළවෙනි සතියෙ ගෙදර අය සැලකුවා. ඒත් සල්ලි එන එක නතර වුණාම, ගෙදර vibe එක වෙනස් වුණා. වයිෆ්ගේ මූණේ හිනාව යන්තම් මැකිලා ගියා. ළමයි තාත්තා එක්ක කතා කරන එක අඩුවුණා. දවසක් රෑ කෑම මේසෙදි සුනිල්ට ඇහුණා වයිෆ් කාටද කෝල් එකකින් කියනවා: "අනේ මන්දා අක්කේ, මෙයා දැන් ගෙදරට වෙලා නිකන් ඉන්නවා. අපිට ඉස්සරහට මොනවා වෙයිද මන්දා..."

    සුනිල්ට එදා රෑ නින්ද ගියේ නෑ. එයාට තේරුණා එයා අවුරුදු 8ක් තිස්සේ ආදරේ කරලා තියෙන්නේ ගෑනියෙක්ට නෙවෙයි, එයාගේ "ප්‍රොවයිඩර් රෝල්" එකට විතරයි කියලා. එයා සල්ලි මවනකන් එයා "දෙවියෙක්". එයා නිකන් මනුස්සයෙක් වුණ දවසට එයා "බරක්".

    Analysis (The Sigma Reality):

    මචං, Evolutionary Biology වල තියෙනවා Briffault's Law කියලා නියමයක්. ඒකෙන් කියන්නේ: "ගෑනු කෙනෙක් පිරිමියෙක් එක්ක ඉන්නේ, ඒ පිරිමියාගෙන් එයාට වර්තමානයේ ලැබෙන වාසිය මත විතරයි. අතීතයේ කරපු කැපකිරීම් වලට වර්තමානයේ වටිනාකමක් නෑ."

    සුනිල් කියන්නේ තවත් එක ගොදුරක් විතරයි. සමාජය පිරිමියාට උගන්වන්නේ "උඹ හම්බකරොත් උඹට ආදරේ ලැබෙයි" කියලා. ඒක අමු බොරුවක්. උඹ හම්බකරොත් උඹට "කැමති" වෙයි. ආදරේ කියන්නේ වෙනම එකක්.

    මේක කියවන උඹත්, "මම මාරම කට්ටක් කන්නේ මගේ කෑල්ල/වයිෆ් වෙනුවෙන්" කියලා හිත හදාගන්නවා නම්, පොඩ්ඩක් හිතපන්. උඹේ බැංකු පොත බිංදුව වුණ දවසටත් ඒ ආදරේ එහෙමම තියෙයිද?

    එහෙම නැත්නම්, උඹත් හුස්ම ගන්න ATM මැෂිමක් විතරද?

    - 𝗔𝗻𝗼𝗻𝘆𝗺𝗼𝘂𝘀 𝗟𝗼𝘃𝗲𝗿 -
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,090
    4,755
    113
    Abyss
    ගෙදර ගෑණිට මල් තියලා වඳින්න හිතෙනවා මේවා දැක්කම. ඒකි කැමති නැත්තෙ මම රස්සාවක් කරනවට
    Rassawak karanne nathuwa masa 2k withara gedarata wela hitahanko balanna salakana Widiha kohomada balanna..

    Gaanu thiya pawule ewunwath ubawa ganan ganne Naa salli nathi unoth
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,830
    12,800
    113
    Rassawak karanne nathuwa masa 2k withara gedarata wela hitahanko balanna salakana Widiha kohomada balanna..

    Gaanu thiya pawule ewunwath ubawa ganan ganne Naa salli nathi unoth

    අවුරුද්දක් හිටියා පඩි නැතුව. ඒකාලෙ ඒකි පටන්ගත්ත බිස්නස් එකේ තමයි දියුනු උනේ.

    ගෙදර උන් නම් කොහොමත් නෝ කෙයාර් තියෙන කාලෙත්

    ගෑනි සිංහල නෙමෙයි. ඒකත් වෙන්න ඇති. පොරගෙ තාත්තත් අවුරුදු දෙකක් විතර රස්සාවට කෙල වෙලා ඉදල තියෙනවා බිස්නස් එක පටන් අරන් තියෙන්නෙ ඒ කාලෙ. අම්ම ටියුශන් එහෙමකරලා තමයි ගොඩ දාලා තියෙන්නෙ.
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,818
    13,030
    113
    ඔවා ඉතින් ගොඩක් දූපතේ කලු කැත මිටි ගෑනුන්ට සමාන කරන්න පුලුවන් කතා. හරියට හොයලා බලලා හොද ලෝයල් සුදු කෑල්ලක් ලයින් කරගත්තොත් අපිට කෙල උන වෙලාවට උන් අපිවත් අල්ලන් ඉන්නවා. 🥴
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,090
    4,755
    113
    Abyss
    අවුරුද්දක් හිටියා පඩි නැතුව. ඒකාලෙ ඒකි පටන්ගත්ත බිස්නස් එකේ තමයි දියුනු උනේ.

    ගෙදර උන් නම් කොහොමත් නෝ කෙයාර් තියෙන කාලෙත්
    Adoo🤩 Ee wage ganu hoyaganna kohomada?
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ළමයින්ගේ අනාගතේ කියලා රට ආපු එවුන් කන කට්ටත් ඔය වගේ තමයි. ළමයි ලොකු උනාම උන්ව ගෙදර ඉන්න බල්ලෙක් තරම්වත් ගණන් ගන්නේ නැහැ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,830
    12,800
    113
    ඔවා ඉතින් ගොඩක් දූපතේ කලු කැත මිටි ගෑනුන්ට සමාන කරන්න පුලුවන් කතා. හරියට හොයලා බලලා හොද ලෝයල් සුදු කෑල්ලක් ලයින් කරගත්තොත් අපිට කෙල උන වෙලාවට උන් අපිවත් අල්ලන් ඉන්නවා. 🥴
    මේක ඇත්ත

    Adoo🤩 Ee wage ganu hoyaganna kohomada?
    ඕන තරම් ඉන්නවා බං. ඉගෙනගත්ත එකක් බැදපන්. මිනිහගෙ ඔලුවම කාලා ඉන්නනැති.

    හැබැයි පුතේ ගෙදර වැඩ ලමයි බලන ඒවා නම් කරන්න වෙනවා. සිංහ පාට් ඉල්ලෙ
    ------ Post added on Feb 1, 2026 at 7:19 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,521
    18,150
    113
    අවුරුද්දක් හිටියා පඩි නැතුව. ඒකාලෙ ඒකි පටන්ගත්ත බිස්නස් එකේ තමයි දියුනු උනේ.

    ගෙදර උන් නම් කොහොමත් නෝ කෙයාර් තියෙන කාලෙත්

    ගෑනි සිංහල නෙමෙයි. ඒකත් වෙන්න ඇති. පොරගෙ තාත්තත් අවුරුදු දෙකක් විතර රස්සාවට කෙල වෙලා ඉදල තියෙනවා බිස්නස් එක පටන් අරන් තියෙන්නෙ ඒ කාලෙ. අම්ම ටියුශන් එහෙමකරලා තමයි ගොඩ දාලා තියෙන්නෙ.
    Same here. ❤️
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,178
    14,133
    113
    Adu kule gode haththa kasada bandama ohoma wenawa.
    Job ekak karanna tharam capable nathi gon vaahe la kara gahala gala uda reepu poosa wage innawa.

    Meka kiyawana kollonta kiyanne... ube kella job ekak karanawa nam eka nawaththanna kiyanna epa. Ganunta samaje ekka move wenna deepan. Job ekak nokarana, gedarama malak wage hadunu kellek bandinawa nam poddak balapan ai a kiyala.

    Melo wedak bari gom betta wage kello karagahuwoth me wage thamai wenne. Hari haman widiyata igena gaththu, hoda personality ekak thiyena kellek wa wife karaganin. Nathuwa tiktok eke puka hollana, poththa sudu wuna paliyata wife karaganne nathuwa.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,528
    113
    පව් ඉතිං ගෑණුන්ට පණ දීගෙන ලව් කරන උන්.උන් පිරිමි ඵක්ක ඉන්නේ වාසියට කියලා උන් දැනගන්නකොට උන්‍ගෙ හොඳම කාලේ ගිහින්..😅

    මගේ WhatsApp වල ඉන්න කෙල්ලෙක් නොවැම්බර් වල බූට් ස්ටේට්ස් දදා හිටියා. සාමාන්‍යයෙන් ෆිට් එකෙක් එහෙම දානකොට මම අහනවා මොකො බං අවුල කියල. ඉතිං මම එහෙම ඇහුවම කිව්වා කොල්ල හරියන් නෑ කියල එෆයාර් එක නැවැත්තුව කියල.

    ආයි නම් කොල්ලො එපා. දෙපාරක් රැවටුනා. ගෙදරින් එකක් හොයල දෙනකම් ඉන්නව ගගා ටිකක් කියෙව්වා.

    පස්සේ දෙසැම්බර් මාසෙම මට මැසේජ් එකක්වත් දැම්මේ නෑ.ඊයේ ස්ටේට්ස් එකක් දාල තිබ්බා එයාර්පෝර්ට් එකේ කොල්ලෙක් එක්ක. මම ඇහුවා උඹේ අයියද මේ කියල. ඒ පාර ඔව් බං කිව්වා. මම ඇහුවා කලින් එහෙනම් උඹ විතරයි පවුලේ ඉන්නව කිව්වේ කියල. නෑ බං මේ මම යාලු වෙලා ඉන්න අයියා රට ඉදන් ආව කිව්වා.

    මම ඇහුවා යකෝ අරූට බූට් එක තියල මාසයයි නේද කියල. ඊට පස්සේ කිව්වා ඉතිං හැමදාම තනියෙන් ඉන්න බෑනේ හලෝ කියල.

    මාත් Ok Ok කියල නිකං හිටියා. මොකද මට වුණු දේ පැහැදිලි වුණා. කලින් කොල්ල මම අදුරනවා. ඌගේ එහෙම අවුලක් නෑ. මට ඉතිං වෙච්චි දේ තේරුනා.

    .........................................

    මට කියන්න ඕනි වුණේ හැමෝම බැකප් එකක් සෙට් කරගෙන තමයි බං බූට් තියෙන්නේ. බූට් කන එකාට තමයි රිකවරි වෙන්න සෑහෙන්න කල් යන්නේ.

    මගේ Ex මම Course එකක් ඉවර කරල එනකොට වෙන එකෙක් එක්ක පැනල ගිහින්. හේතුව මට ඒ කාලේ සල්ලි තිබ්බෙ නෑ. ජොබ් වලින් Reject වුණා. අතේ සල්ලි නෑ. ප්‍රශ්න ගොඩාක් තිබ්බා.

    අද Ex ට ළමෙකුත් ඉන්නවා. ෆැමිලි ලයිෆ් එක එච්චර සතුටු එකක් නෙවෙයි. මම එයාලට වඩා හොද තැනක ඉන්නවා.

    සිදුවීම වෙලා අවුරුදු 5ක් වුණත් මට තාම ඒක අමතක කරන්න බෑ. ඊට පස්සේ පොඩි පොඩි ලව් තිබ්බත් මාව තේරුම් ගන්න හෝ Ex ගෙන් වගේ Caring එකක් කාගෙන්වත් හම්බුනේ නෑ.

    දැන් නම් වෙන දේවල්, දකින අහන ඒව එක්ක මෙහෙම තනියෙන්ම ඉන්න එක හොදයි. හෙමීට වෙන රටකට ගිහින් කාල බීල ට්‍රැවල් කරගෙන ඉන්න එක මාර නිදහසක් කියල හිතෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,167

    මේ අර වියළි කලාප උන් ෆොම් කරන්න බොරු කියන ඩයල් එකේ page එකේ තිබබ සීන් එකක් නේද
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,246
    10,505
    113
    උබලට ජීවිතේ Fun එකේ ඉන්න ඕනේ නම් බදින් නැතුව හිටපල්ලා(බදින් නැතුව විතරයි හොදේ.. හු*න් නැතුව නෙමේ😀)