ඒහෙම කියන්න එපා
සැහෙන්න පුපක් දීලා ගෙනාව ඩෑල් එකනේ මචං
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නෙ..
ගෑස් හිඟයක් ආපුවම එකට වගකියන්න ඕන ආණ්ඩුව කියලා. දැන් අපි දන්නවා ඒකට වගකියන්න ඕන ෂෙල් ගෑස් කම්පැනි එක කියලා..
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
ආණ්ඩුව විදුලිබල වැඩි කරනවා කියලා. දැන් අපි දන්නවා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයාට සපයන සේවාවෙ පිරිවැය අය කර ගැනීමක් කරන්නෙ කියලා...
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
ලංකාවෙ තෙල් මිල වැඩි කරන්නෙ ආණ්ඩුව අනවශ්‍ය විදියට බදු ගහලා, ඇමතිලා කොමිස් ගහලා කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි ලෝක වෙළඳ පොළේ උච්චාවචනය අනුව මිල සූත්‍රය සාධාරණයි කියලා..
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
ඇමතිවරයා බාල බෙහෙත් ගෙන්නනවා කියලා.. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි බෙහෙත් ගෙන්නනන නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා කියලා..
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
බාල ගල් අඟුරු ගෙන්නන්නෙ ආණ්ඩුව සහ ඇමති කියලා. දැන් අපි දන්නවා එහෙම බාල අඟුරු ගෙනාවම රටට වාසියි වන්දියක් හම්බ වෙනවා කියලා..
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
රටේ සහල් මිල වැඩි කරේ ඩඩ්ලි ප්‍රමුඛ හාල් මෝල් මාෆියවකින් කියලා. දැන් අපි දන්නවා ඩඩ්ලි නැත්නම් අපිට ගල් වැලි නැති කොලිට් බත් කන්න ලැබෙන්නේ නෑ කියලා..
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා එකක් තියෙනවා කියලා. දැන් අපි දන්නවා ඒකට කියන්නෙ කලාපිය බලවතා සමග රාජතාන්ත්‍රික ගණුදෙණු ශක්තිමත් කිරීම කියලා..
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
මේ රට මහින්ද චීන කොලනියක් කරන්න හදන්නෙ කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි චීනය අපේ රටට අවශ්‍යය ප්‍රබල ආයෝජකයෙක් කියලා...
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
IMF කියන්නෙ අපි වගේ රටවල් ගිලගන්න බලාගෙන ඉන්න රාක්ෂයෙක් කියලා.. දැන් අපි දන්නවා IMF කියන්නෙ අපි වගේ රටවල් අමාරුවෙ වැටුනාම බේරගන්න එන දේවදූතයෙක් කියලා..
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
විධායක ජනාධිපති ධුරය කියන්නෙ අපෙ වගේ රටකට වැඩක් නැති ඒකාධිපති තනතුරක් කියලා. දැන් අපි දන්නවා ඒක අපි වගේ රටකට කොච්චර වැදගත්ද කියලා...
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
අපි හිතාගෙන හිටියේ උගත්තු බුද්ධිමතුන්ට පාලන බලය දුන්නොත් රටේ ප්‍රශ්ණ ඉවරයි කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි කියලා...
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
මේ රටේ සියලුම වැරදි කරන්නෙ දේශපාලඥයන් කියලා. ඒත් දැන් අපි දන්නවා දේශපාලඥයො කියන්නේ පූස් පැටව් වගේ ජාතියක් රාජ්‍ය නිලධාරීන් තමයි වැරදි කරන්නෙ කියලා..
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කිරීමේදී භාෂාවක් විදිහට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය වෙයි කියලා. දැන් අපි දන්නවා ෂූ ගාලා ආයෝජකයො ගේන්න ඉංග්‍රීසි අවශ්‍යය නෑ කියලා...
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
වෙන ආණ්ඩු ජනතාවගෙන් බදු ගහලා ජනතාව සූරාගෙන කනවා කියලා. දැන් අපි දන්නවා ආණ්ඩුව බදු ගහන්නෙ ජනතාවගෙ යහපතට භාණ්ඩාගාරය පුරවන්න කියලා...
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
අනුර ජනාධිපති වෙන්න කලින් කියපු මිනිරන් ග්‍රැෆයිට්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් විතරක් රට ගොඩ දාන්න පුළුවන්, මුහුදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය හදලා ඩොලර් ගේනවා කියපු කතා ඇත්ත වෙන්න ඇති කියලා. දැන් අපි දන්නවා ඒ ඔක්කොම බයිලා කියලා..
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
මහින්ද හොරු ආරක්ෂා කරා අනුර ජනාධිපති උනාම එහෙම කරන එකක් නෑ කියලා.. දැන් අපි දන්නවා අනුරත් ආණ්ඩුවෙ ඉන්න මැති ඇමති හොරු රකිනවා කියලා..
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ ...
අනුර මාර වැඩ්ඩෙක් කියලා. දැන් අපි දන්නවා අනුර කියන්නෙ පුස්සෙක් කියලා..
නිලන්ත සත්සර ගමගේ
ලිව්ව එකාවත් දාලා තියෙන්නේ
මට කම්මැලි මම ගියා
@shenat @Kumbhakarna22 @Clockwork @thomian @Rick Sanchezz
------
Post added on Feb 24, 2026 at 1:52 AM