අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කර ඇයගේ ස්මාර්ට් ජංගම දුරකථනය සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව, දුරකථනය පැහැරගැනීමේ චෝදනාවට පමණක් වරද පිළිගත් හිටපු යුද හමුදා සෙබළෙකුට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා විසින් ඊයේ (23) මාස හයක අනිවාර්ය සිරදඬුවමක් නියම කරන ලදී. ගල්නෑව, නව නගරය, ඩී තුන ඇළ පාර ප්‍රදේශයේ පදිංචි කේ.
බී. මධුරංග රත්නායක නැමැති මෙම විත්තිකරුට සිරදඬුවමට අමතරව රුපියල් 1500 ක දඩ මුදලක් ද ගෙවන ලෙස අධිකරණය විසින් නියම කර තිබේ.
එමෙන්ම, වෛද්‍යවරියගෙන් පැහැරගත් ජංගම දුරකථනය සඟවා තබාගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාවට වරද පිළිගත් සැකකාර හිටපු සෙබළාගේ සහෝදරිය වන ශාලිකා හර්ෂණී රත්නායක සහ එච්. කේ. මිතිල සම්පත් කුමාරසිංහ යන අයට ද මාස හය බැගින් වූ සිරදඬුවම් නියම කෙරිණි. කෙසේ නමුත්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් දෙදෙනාගේ සිරදඬුවම වසර දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට නියෝග කළ අතර, ඊට අමතරව ඔවුන්ට ද රුපියල් 1500 බැගින් දඩ නියම කරන ලදී.
https://www.gossiplankanews.com/2026/02/blog-post_697.html