❌වාහන ආනයනයට අදාළව නිකුත් කෙරුණු ගැසට්ටුවක් අවලංගු කරයි

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    වාහන ආනයනයට අදාළව නිකුත් කෙරුණු ගැසට්ටුවක් අවලංගු කරයි

    March, 13, 2026

    Car6.jpg

    1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) වන රේගු ආඥා පනතේ 10 (අ) වගන්තිය යටතේ පනවන ලද 2026 ජනවාරි මස 31 දිනැති අංක 2473/31 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත නියමය, 2026 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධනය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නව රේගු නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (12) දිනයේ දී මෙම නිවේදනය නිකුත් කර ඇත.

    වාහන ආනයනය සඳහා අදාළ රේගු ආනයන තීරු බද්ද මත සාමාන්‍ය හෝ වරණීය පදනමින් වූ පනවන ලද 50%ක් වූ අධිභාරයේ වලංගු කාලය 2026 පෙබරවාරි මස 01 සිට 2026 දෙසැම්බර් 31 දක්වා වන කාලසීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි, තවදුරටත් දීර්ඝ කරමින් 2026 ජනවාරි 31 දින අංක 2473/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබුණි.

    මේ අනුව එම ගැසට් නිවේදනයේ නියමයන් ඊයේ (12) දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2479/55 දරන නව අති විශේෂ ගැසට් නිවේදනය මගින් අවලංගු වනු ඇත.

    tipd-gazette-20260312-163042-1.jpg

    Source
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඔය කියන්නේ සේල් වලට දවස් 90 පස්සේ ගෙවන්න තිබ්බ ටැක්ස් ඒක ගේවන්න වේන්නේනැ කියන එක නේ.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,094
    2,235
    113
    හරියටම කියහන් මෙකෙන් වාහන අඩු වෙනවද වැඩි වෙනවද?
     
    • Like
    Reactions: eksudda

    Zayden

    Junior member
  • Aug 4, 2025
    65
    99
    18
    සිදුවූ වෙනස: වාහන ආනයනයේදී පනවා තිබූ 50%ක රේගු බදු අධිභාරය (Surcharge) දීර්ඝ කිරීමට ජනවාරි මාසයේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර ඇත.

    ප්‍රධාන කරුණු:

    • පැරණි තීරණය: 50%ක බදු අධිභාරය 2026 දෙසැම්බර් 31 දක්වා පවත්වාගෙන යාමට කලින් තීරණය කර තිබුණි.
    • නව තීරණය: ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නව ගැසට් නිවේදනය (අංක 2479/55) මගින් එම දීර්ඝ කිරීම අවලංගු කර ඇත.
    • බලපැවැත්වෙන දිනය: මෙම අවලංගු කිරීම 2026 අප්‍රේල් මස 01 වනදා සිට ක්‍රියාත්මක වේ.
    කෙටියෙන් කිවහොත්, අප්‍රේල් 1 වනදා සිට වාහන ආනයන බදු මත පනවා තිබූ එම විශේෂ 50%ක අතිරේක බද්ද ඉවත් වීමට හෝ සංශෝධනය වීමට මෙමගින් මග පෑදේ.
     
    අප්‍රේල් 1 ඉඳලා import කරලා custom clearance කරනකොට ගෙවන්න ඕනි 2.5% Surcharge එක එහෙමම තියෙනවද?