Ubala kisima නෑදෑ කෙනෙකුට, හොදම යාලුවෙකුටවත් monama hethuwakatawath loan walata ඇප sign karanna epa. එපා

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Man nan kiyanna practice karala inne dennekta sign karala tiyenne mchn tawa mata sign karanna denne ne kiyala company walin
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,083
    53,044
    113
    Colombo
    Inbox එක පිරෙන්නම, Whatsapp එක පිරෙන්නම මැසේජ් ඇවිල්ල... කෝල් ආව සිය ගාණක් උත්තර දීගන්න බැරි තරමට... මං කිව්වෙ උදව් කරපු මිනිස්සුන්ට කළගුණ සළකනව නම් දැන් සළකන්න කියල... උදව් කරපු උන් නම් එකෙක් කතා කළේ නෑ... ඒත් මගෙන් ඉදිකට්ටක තරම් දෙයක්වත් ලැබිල නැති මිනිස්සු සිය ගාණක් කතා කළා. තාමත් කතා කරනවා. ඒ කතා කරපු හැමෝටම ස්තුතියි... කතා කරපු අය හැමෝටම ආන්සර් කරන්න බැරි උනා. කතා කරපු සමහරුන්ටත් විහිළුවක් කළේ කියල බොරු කියල කතාව නැවැත්තුවා. ඒත් විහිළුවක් නෙවෙයි ඇත්තටම. හැමෝටම එකම විස්තරේ කියන එක හිතට වෙහෙසකර නිසා අවුරුද්දකට කලින් දාපු පෝස්ට් එක ආයෙම දානව... මොකද උණේ කියල අහපු අයට දැනගන්න...
    ***************************

    හොඳම යාළුවෙකුටවත්, ළඟම නෑයෙකුටවත්, කිසිම ණයකට. ඇපේට අත්සන් කරන්න එපා. එපා කියන්නෙ එපා. බැංකුවල ඈයො කියන සුරංගනා කතාවලට අහුවෙන්න එපා. නෑ කං නැතිවෙයි යාළුකං නැතිවෙයි කියල දුක් වෙන්නත් එපා. මොකද, මං එකෙකුට අත්සන් කළා. අත්සන් කළා නෙවෙයි, අස්සන් කරෝගත්ත බලෙන් වගේ. ඌත් එක්ක රෑට රෑට පාටි දාපු, එකට අඩිය ගහපු, බැංකුවෙ ක්‍රෙඩිට් ඔෆිසයි, ඌයි බොරු දාහක් කියල ( ඉන්ෂූරන්ස් දැම්ම කිව්ව, රජයේ සේවකයෙක් නිසා මොනව හරි උනොත් පැන්ෂන් එකෙන් කපා ගන්න පුළුවන් කිව්ව) මගේ pp එකට ම හැන්දෑවක ඇවිත් අත්සන් කරෝගත්තෙ. ණය කාරය අවුරුදු දෙකකින් මැරුණා. ඌත් දොස්තර. උගේ ගෑණිත් දොස්තර. ඌ මළාට පස්සෙ උගේ ගෑණි විශ්‍රාම පාරිතෝශිකෙත් අතට අරගෙන, පෙන්ෂන් එකත් හදාගෙන, උගේ කාරෙකයි අනික් දේපළයි ඔක්කොමත් විකුණල, ඒ සල්ලිත් අරගෙන, මගෙන්ම no objection letter එකකුත් අරන් මහරගම MOH එකට transer වෙලා ගියා. ගෑණි හම්බන්තොට ඉන්නකං යලට එකයි මහට එකයි වාරික කීපයක් දැම්ම. ඒකත් මමයි, Chanaka අයියයි බැරගම හොස්පිට්ල් එකටම ගිහින් නොවඳිනා වැඳුම් වැන්දට පස්සෙ. මහරගමට ගියාට පස්සෙ මොකුත් නෑ. දැන් බැංකුව මගේ පස්සෙන් පන්නනවා. කෝල් කර කර කිව්ව ගෑණිට ණය වාරික දාන්න කියල. දැම්මෙ නෑ. ආයෙ ආයෙ කෝල් කළා. ටික ටික ෆෝන් ආන්සර් කරන්නෙ නැතුව ගියා. පස්සෙ මාව බ්ලොක් කළා. වෙන නම්බර් වලින් කතා කරාම ඒවත් බ්ලොක් කරා. අන්තිමේ දි "තමුසෙ ආයෙ වෙන නම්බර් වලින් කෝල් කරොත් පොලිස් කම්ප්ලේන් එකක් දානව, හැරස් කරනව කියල" කිව්ව. බැංකුවෙන් මගේ එකවුන්ට්ස් ඔක්කොම hold කරා. කවදාවත් කිසි කෙනෙකුට සත පහක වංචාවක් කරල නැති මගේ නම ක්‍රිබ් එකේ, දැන් අවුරුදු පහක් තිස්සෙ.
    දැන් බැංකුවෙන් මට නඩු දාල. ලෝයර් කෙනෙක් ඇල්ලුවා. එයා කියනවා "ගැළවෙන්න කිසිම ක්‍රමයක් නෑ. පුළුවන් නම් ණයකාරයගෙ wife එක්ක negotiate එකක් කරගන්න. නැත්නම් ගෙවන්න ලෑස්ති වෙන්න" කියල. ඒ ගෑණි එක්ක මොන negotiation ද. ඒ ගෑණි අර මිනිහගෙ දේපළ ඔක්කොමත් විකුණගෙන, ඒ මිනිහගෙ පැන්ෂන් එකත් අරගෙන සැප විඳිනවා. කොහේවත් යන ගෑණියෙක්ගෙ මිනිහගෙ ණය ගෙවන්න ඕන මං. යකෝ මටත් ගෑණියෙකුයි ළමයි පස් දෙනෙකුයි ඉන්නවා. ණය ගෙවන එක කෙසේ වෙතත් මැරෙන්නයි මට සිද්ද වෙලා තියෙන්නෙ. බොහොම ස්තුතියි Anoma Aththanayake අක්කෙ... මෙහෙම තමයි කරන්න ඕන අපි වගේ හරක්ට.
    BOC Tangalle Branch අවුරුදු 20කට වැඩිය මං ඕගොල්ලොත් එක්ක විශ්වාසවන්තව ගණුදෙණු කළා. මං ගත්තු තරමක් ණය ඔක්කොම එක වාරිකයක් ඇරියස් වෙන්නෙ නැතුව ගෙවල ඉවර කළා. Bank of Ceylon එක්ක එහෙම විශ්වාසවන්තව හිටපු මාව මේ අමාරුවෙ දැම්මෙ Bank of Ceylon - Ambalantota අබේ #සිරි කියන ක්‍රෙඩිට් ඔෆිස. මං තංගල්ලෙන් ඔය ලෝන් එකම ගත්ත. ඒකට ඉන්ෂුවරන්ස් එකක් දැම්ම. රැකියාවක් නොකරණ මගේ wifeවත් ලෝන් එකට co-applicant කෙනෙක් විදියට දැම්ම. මං මුගෙන් ඇහුව. මේකටත් එහෙම කරනවද කියල. "ආ... ඔව් ඔව් ඩොක්ට ඒ ඔක්කොම හරි" කිව්ව. දැන් බලද්දි ඒ මොකුත් නෑ. උපුල් අයිය මැරුණට පස්සෙ මං බැංකුවට කිව්වා (අමුතුවෙන් කියන්න දෙයක් නෑ අබේ #සිරි කියන්නෙ එකට කාපු බීපු හොඳම යාළුව උපුල් අයියගෙ) අඩු ගාණෙ මැරුණට පස්සෙ විශ්‍රාම පාරිතෝෂිකෙන්, පැන්ෂන් එකෙන් ණය මුදල පියවගන්න තිබුනා. ඒ මොනවත් කළේ නෑ බැංකුවෙන්. මැරිච්ච මනුස්සයගෙ කාර් එක වික්කා. ලොකු private hospital එකක් දාල තිබුනා. ඒ දේපල එහෙම්පිටින්ම වික්කා. අර ක්‍රෙඩිට් ඔෆිස මේ ඔක්කොම දන්නවා. හැබැයි බැංකුව උඩ බලාගෙන හිටියා අර ගෑණි ඔක්කොම විකුණගෙන පැනල යනකං. බොහොම හොඳයි ඉල්#ලංකා බැංකුව. ඔහොම තමයි ඔයාලගෙ විශ්වාසවන්ත ගණුදෙණුකරුවන්ට සළකන්න ඕන. මට වෙච්ච අසාධාරණය ගැන කිව්වට පස්සෙ අම්බලන්තොට ඉල්#ලංකා බැංකුව, අබේ#සිරි කියන එයාලගෙ සේවකයා රැකගන්න කටයුතු කළා මිස මගේ අභියාචනය තඹේකට මායිම් කළේ නෑ.
    දැන් ඉතින් මාව මරාගෙන කාපල්ලා....
    ලක්ෂ 53ක් ගෙවන්නෙ මං ගස්වලින් කඩලද...
    **********************
    වර්තමාන තත්වය
    අනෝමා අත්තනායක මැතිණිය මේක ගෙවන්නෙ නෑ. ඒ නිසා මට මේ මුදල ගෙවන්න වෙනවා. මම හදවත් රෝගියෙක්. අක්මා රෝගියෙක්. හොඳට හිටපු මම මේ ප්‍රශ්ණ නිසා දැන් විශාධියෙන් පසු වෙනවා. තියෙන දෙයක් විකුණල හරි මම මගේ පුංචි එවුන් මේකෙන් ගලවගන්න ඕන. ඔය වංචා කරපු සල්ලිවලින් ළමයි තුන් දෙනාට කන්න දෙන්න එපා අක්කෙ. පැත්තක ඉන්න දරුවොන්ටත් වස් වදිනවා. උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕන මේව...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    Man nan kiyanna practice karala inne dennekta sign karala tiyenne mchn tawa mata sign karanna denne ne kiyala company walin

    Oka hariyanne na credit officer ekkagenama enne crib eka baluwa sir sign karanna puluwan awulak na kiyala :geek:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,668
    8,542
    113
    35
    Spain
    උකස් තියපු දෙපළක් කොහොමද විකුණුවේ? විකුණනවා නම් බැංකුවේ ගාන ගෙවන්න ඕන නෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    ළමයි පස් දෙනෙකුයි ඉන්නවා

    Ochchara kathandara kiya kiya inna welawe sign karala kela wuna eka parak aye katawath sign karanne na kiyanna thiyenne 🥲
    Wena ekek wenuwen tamanta kela wela kiyala kiyanne mokatada.
    ------ Post added on Mar 24, 2026 at 12:26 PM