දෙවැනි ලෝක යුධ සමයෙදි ජර්මනියේ නාසි පාලනය යටතේ ක්‍රියාත්මක වුණු ජර්මානු හමුදාවේ (Wehrmacht) පාබල භට පිරිස් වලට යුධ බිමේදි සහය ලබා දීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වුණු "The Kradschützen" කියන යතුරුපැදි භට කණ්ඩායම්වලින් සැදුම් ලත්ව නිර්මාණය වුණු විශේෂ හමුදා ඒකක (motorized infantry units) ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. "The Kradschützen" ගැන වගේම ඒ හමුදා ඒකකවලට භාවිතා කරපු යතුරු පැදි වර්ග ගැනත් මේ වීඩියෝ එකෙන් විස්තර කතා කරනවා.