හෝමාගම හෝටලයක පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුමක් - අවුරුදු 19ක් ළමයෙක් මරුට

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,849
    6,268
    113
    East Blue (Goa Kingdom)
    හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක දී පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

    දවල් අවුරුදු උස්සවෙ ,අදාළ හෝටලයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රී පවත්වනු ලැබූ සාදයක් අතරතුරදී බහින්බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව තිබේ.

    අදාළ පහරදීම සිදුකළ බවට සැකපිට එම විශ්වවිද්‍යලයේම සිසුන් 5ක් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.

    සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


    19 කියන්න 1st year වෙන්න ඕන ගොඩක් වෙලාවට .


    ඔහොම case වලට අවුරුදු 20 ගණන් නොයා මරණ දඬුවම දුන්න නම් අඩු වෙනවා මේවා,


    ලොකුම දේ හේතුව 100% අදාලයි .
    ලංකාවේ හේතු මීඩියා වල කතා වෙන්නේ නැහැ ,
    ගැටුමක් කියල නිකන් ඉන්නවා වෙන රට වල කතා වෙන්නේ මෙහෙම දෙයක් උනාම හේතුව .​
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව මොනවද, මේව බලපං. පාරක යන්න බෑ පොඩි බේසිකයෝ පිහි අරං හැමිනෙනවා.

    හුරතල් කරලා එලියට දානව කියල දන්න නිසා ඇනලත් පොඩි පගයා බය නැතිව ඉන්න හැටි බලපං.


     
    • Wow
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    24,928
    27,008
    113
    හෝමාගම ප්‍රදේශයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින්, එම විශ්වවිද්‍යාලයේම සිසුවෙකු මියයෑමට අදාළව තවත් කරුණු අනාවරණය වී තිබේ.

    අදාළ විශ්වවිද්‍යාලය විසින් ඊයේ (9) දිනයේදී අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබිණි.

    එම අවුරුදු උත්සවයේ සියලු කටයුතු පස්වරු 6ට පමණ අවසන් වී ඇත.

    කෙසේ වෙතත් අනතුරුව එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රාත්‍රියේ දී විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ස්ථානක පෞද්ගලිකව සාදයක් සංවිධානය කර තිබිණි.

    එම සාදය පැවැත්වෙන අතරවාරයේ දී සිසුවියක් වැසිකිළියාමට ගොස් ඇති අතර, එහිදී ඇය පසුපස සිසුවෙකුද ගොස් තිබේ.

    එය දුටු එම සිසුවියගේ මිතුරෙකු (මරණයට පත් වූ ශිෂ්‍යයා), ඇය පසුපස ගිය සිසුවාට පහරදීමක් සිදුකර ඇත.

    එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ සිසුවාගේ යහළුවන් පිරිසක්, පහරදුන් සිසුවාට දැඩි ලෙස පහරදී පළාගොස් තිබේ.


    පහරකැමෙන් බරපතළ තුවාල ලැබූ එම සිසුවා හෝටල් සේවකයින් විසින් රෝහල් ගත කර ඇති බව සඳහන් වේ.

    කෙසේ වෙතත් ඒ වන විටත් අදාළ සිසුවා මරණයට පත්ව සිට ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 5දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

    සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


    - https://sinhala.adaderana.lk/news/223938
     
    • Sad
    Reactions: Inigo Montoya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,687
    11,320
    113
    ඕකට කියන්නේ සහකම්පනය....
    රැට් රේස් එකේ දුවලා....
    පන්සල් පල්ලි ආගම් වලට ගරහලා.
    ඒවයින් කියන දර්ශනය විහිලුවලට ලක්කරලා..

    සාහිත්‍ය, පොත් පත් ගිනිතියෙලා....
    කෘතිම බුද්දියෙන් ගේම් ගහන
    නිරාගමික රැඩිකල් රැවුලෝ කියන ඒවා දේවාරෑඩයෙන් පිලිගෙන

    ගංජා ගහන මුග්ධ පැටව්...

    අන්තිමට රන්ඩුවකදී ෆේස් කරන විදියවත්
    තේරෙන්නෑති ජෙන් සෙඩ් ලා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    හෙල බෞද්දයොන්ට සින්හල අවුරුද්ද වත් සමරගන්න බැ ගහා මරා ගන්නෙ නැතුව, එක උන්ඟෙ ඇඟෙම තියෙන්නෙ, පෙන්නෙ නැද්ද, තිර්ක්කල් රේස් (හරකාට කසයෙන් ගගහා), කොට්ට පොර තරඟ (අනිත් එකාට ගහලා කොහොම හරි දිනීම). ප්‍රන්ශෙ අවුරුදු උත්ත්සවයක් තිබ්බා නෙද musical chairs ගහා මරා ගත්ත, අල් කමෙනිගෙ රෙද්ද අස්සෙන් එලියට ඇවිල්ලා ඉස්සෙල්ලා උඹලාගෙ රට හදා ගනිල්ලා. මහා ලොකු සමගිය. Avoid all avurudhu uthsawas!
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    668
    905
    93
    හෙල බෞද්දයොන්ට සින්හල අවුරුද්ද වත් සමරගන්න බැ ගහා මරා ගන්නෙ නැතුව, එක උන්ඟෙ ඇඟෙම තියෙන්නෙ, පෙන්නෙ නැද්ද, තිර්ක්කල් රේස් (හරකාට කසයෙන් ගගහා), කොට්ට පොර තරඟ (අනිත් එකාට ගහලා කොහොම හරි දිනීම). ප්‍රන්ශෙ අවුරුදු උත්ත්සවයක් තිබ්බා නෙද musical chairs ගහා මරා ගත්ත, අල් කමෙනිගෙ රෙද්ද අස්සෙන් එලියට ඇවිල්ලා ඉස්සෙල්ලා උඹලාගෙ රට හදා ගනිල්ලා. මහා ලොකු සමගිය. Avoid all avurudhu uthsawas!
    මිසයිල් ගහනවා කිව්වත් සිංහලු අවරුදු උත්සව පවත්වනවා බොල
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    මිසයිල් ගහනවා කිව්වත් සිංහලු අවරුදු උත්සව පවත්වනවා බොල
    පවත්වනවා කිව්වුවාට මරා ගන්න එක නෙ කරන්නෙ.
     
    • Like
    Reactions: harak_kata

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    ගැටුමක් නම් ඉතින් ඕක වෙන්න පුලුවන් දෙයක්නෙ.
    පැත්තකට වෙලා හිටපු කෙනෙක් මැරුණා නම් තමයි හොඳ නැත්තෙ.